(ජි.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
වීසා බලපත් නොමැතිව ගාල්ල දඩල්ලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සේවයේ නිරතව සිටි චීන ජාතිකයින් 14 ක් අද (27) අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය පවසයි.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම ඉදිකිරීමේ ස්ථානය පරීක්ෂා කර මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිස හෙට (28) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලෙකින් ඒ ගොල්ලන් සම්මාන පුරවැසියෝ. සමහරවිට අපට විසා ඕනෑවෙන්න ඉඩ තියෙනවා... මේ රටේ ඉන්න.
ඔය තරම් මහ විශාල රටක් තියාගෙන මේ ගොල්ලොත් මොනා කරනවද මේ චූටි රටේ?
ඉස්සර සංවර්ධන වැඩ වලදී ඒවායේ අපේ රටේ කම්කරුවන්ට රැකියා ලැබුණ. දැන් ඒ තත්ත්වය වෙනස්. චීන කොන්ත්‍රාත් සමාගම් තම කම්කරුවන් ඇතුළු බොහෝ සේවකයන් චීනයෙන් ගෙන්වනවා. මේක ලංකාවේ විතරක් නෙමේ, මාලදිවයින , මැලේසියාව වගේ රටවලටත් පොදු දෙයක්.