(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (28) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ත්‍රිකුණාමලය, තම්පලාකාමම් බටහිර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි , සිංගප්පූරුවේ පෞද්ගලික ආයතනයක රැකියා කරන්නෙකු වේ.
ඔහු විසින් රැගෙන ආ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු විශාල ගමන් මල්ලේ ශ්‍රී ලංකා රුපියල් 1,000 සහ රුපියල් 5,000 නෝට්ටු වලින් සමන්විත මෙම රුපියල් 48,99,000 ක් සඟවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිව්වට ලක්ෂ 50ක්ම තියෙන්න ඇති....
අනේ මොනවා කොරන්නද? සමහර විට ගිනිපෙට්ටි ගණන් හින්දා කඩවල සිගරට් පත්තු කොරන්න තියන්න වෙන්න ඇති මන් හිතන්නේ.
මනි එක්ස්චේන්ජ් සෙන්ටර් එකකට දෙන්න වෙන්න ඇති.
ඔන්න නියම සර්වශුභවාදී ව්‍යාපාරිකයෙක්. එයා හිතන්න ඇති රුපියලේ වටිනාකම බහින හැටියට මේවා ලස්සන කඩදාසි විතරයි. අඩු ගානේ සිංගප්පුරු ගෙනිච්චොත් කඩල ඔතන්න පුළුවන් කියල.