(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මැද්දවත්ත විශ්ව විද්‍යාල විද්‍යායතන භූමියේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් එහි සිසුන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය තුළ දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත.
සිසුන් එහි ප්‍රධාන ගේට්ටුවේ ඉබි අගුලු දමා ගේට්ටුව වසා ගෙන උද්ඝෝෂණය පවත්වන අතර පොලීසිය එය විවෘත කිරීමට උත්සාහ කිරීම නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ද හට ගත්තේය.
එහි සිසුන් පවසනුයේ පොලීසිය තමන්ට පහරදීමක් සිදු කල බවයි.
තත්වය පාලනය කිරීම සදහා එම ස්ථානයට කැරලි මර්ධන ඒකකය හා ජල ප්‍රහාරක රථද කැදවා ඇත.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරෙන් වැඩි කලක් වසා තියෙන එකේ වී ගබඩාවක් දැම්මම මොකද්ද තියෙන වැරැද්ද
අපේ අධ්‍යාපන පද්ධතියේ කොතන හෝ ලොකු වැරැද්දක් වෙලා. ඈත ගම්වල නූගත් ගැමියන් පවා දන්නවා වී කියන්නේ සම්පතක් බව. නමුත් මේ උසස් අධ්‍යායාපනය ලබන බුද්ධිමත් කියා උපකල්පනය කරන දරුවන් වී හාල්වල වටිනාකම දන්නේ නැහැ.l
කිසිම වැරද්දක් නැහැ, විශ්ව විද්‍යාල වහලා දාල වී ගබඩා කරන්න දුන්නම තව තවත් "ප්රබාලා" වගේ බත්කන හරක් වැඩි වැඩිවෙන් රටට බිහිවෙනවා
වී ගබඩාවක් තනන්න වෙන තැනක් තිබ්බෙම නැත්ද?. අපි කව්ද කැමති අපෙ ගෙදර කාමරයක වෙන කෙනෙක් වී ගබඩාවක් දානකොට. දැන් කෙනෙක් කියයි විශ්වවිද්‍යාලය අපේ ගෙදර වගේද කියලා. මගේ උත්තරය ඔව්.
ශ්‍රීලංකාවේ විශ්ව විද්‍යාල අතර මැද්දවත්ත විශ්ව විද්‍යාලය කියල එකක් නැහැ.එය කොයිකාලෙ කවුරු විසින් ආරම්භකල එකක්ද.නොදන්නාකමට ඇහුවෙ.අනෙක ගොවිතැනක් බතක් කරන්න නොදන්නා ඇමරිකන් පිටි කෑම අගයන සමාජයේ වැඩිදෙනෙක් වී කියන්නේ අතීතයේ බුද්ධ බෝගයක්සේ සැලකූ දෙයක් කියලත් වීබිස්ස අතීතයේ සෑම ගෙදරකම තම වත්කම් පෙන්වීමට තිබුනනම් විශ්ව විද්‍යාලයක එවැන්නක් තිබීමේ වරද කුමක්ද.
ප්‍රභා සහ දම්නෙත්ට අවබෝධ කරගත යුතු කරුණක් තියෙනවා. රත්රන් වටිනවා කියල ඉන් හදපු පිහියකින් ඇන ගන්න සිරිතක් නැහැ. වී ගබඩා ප්‍රශ්නයයට පිළියම මේකද? මත්තල වී ගබඩා කළේ ඇයි? මේවට තමා කුහක කම කියන්නේ. ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕන තවත් ප්‍රශ්න මතු නොවන විදියට. කෘෂිකාර්ම්ක රටක අස්වැන්න ගබඩා කරන්න ක්‍රමයක් නැති රටක් මේක. කෝටි ගණන් වියදම් කරන්නේ මැති ඇමතින්ගේ පුද්ගලික සුඛ විහරනයට. ජනතාව රට ගැන හිතන රජයක් නෙවෙයි මේ. මේවගේ තකතීරු තීරණ ගන්න එවුන් කවදාවත් ඉස්කෝලෙකට ගිය එවුන් වෙන්න බැහැ.
ඔතන පුන්නක්කු හරි තණකොළ හරි ගබඩා කලා නම් විරුද්ධ වෙන එකක් නැහැ.