(අංජුල මහික වීරරත්න )
උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.
දිවයිනේ සියලුම පාසල්වලට කාණ්ඩ කිහිපයක් යටතේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම සඳහා මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කර ඇතැයි ද කී අග්‍රාමාත්‍යවරයා ලබන සති දෙක ඇතුළත එම කමිටුවේ තීරණය ලැබෙනු ඇතැයිද සඳහන් කළේය.
මේ වසර අවසානයට පෙර සියලු පාසල් සඳහා මෙම ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම අරමුණ වී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලත් , ගම්පහ හේමමාලි විද්‍යාලයේ දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ලත් සිසු අයිතියට පත් කිරීමෙන් පසු පැවැති උත්සව සභාව අමතමින් මේ බව සඳහන් කළේය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැබ් එකයි, අන්තර්ජාල පහසුකමත් දුන්නා නම් හරියට මත්ද්‍රව්‍ය දුන්නා වගේ තමයි.
ඊලග චන්දයට පෙර 1. ටැබ් දීම 2.මහා බැංකු බොන්ඩ් නඩුව අවංකව අවසන් කලොත් 3. විගනකාධිපති කියන "ජාතික විගණන සේවය මෙතෙක් ස්ථාපිත නොකිරීම " ට පිළිතුරු දුනහොත් 4. නාස්තිය, හොරකම නවතා ,ඉතිරි කිරීමට තම පක්ෂයේ ඇමති වරුන්ට උගන්වන්නේ නම් , ඔබට ඡන්දය දෙමි. නැතිනම් නගානන්ද කොඩිතුවක්ක්කුට දෙමි.
වසර අවසානයේ කියන්නේ ඊළඟ ඡන්දෙට බොහොම කිට්ටු කරලා. එතකොට එක සිල් රෙදි බෙදීම වගේ නොවෙයිද?
උසස් පෙළ තියෙන වැඩ තොගය ගත්තහම ටැබ් එකකින් ලොකු උදව්වක් වෙන්නේ නැහැ භෞතික විද්‍යාවට ,ගණිතයට විද්‍යාවට ඕනේ හැමවෙලේම කොලෙයි පෑනයි තමයි ඉතින්. ටැබ් වලින් කරන්න ගියොත් උසස් පෙලට සුදානම් වෙන්න අවරුදු 10 ක් වත් යයි. අනික විභාගෙට යනකොට ටැබ් එක දෙන්නේ නැහැනේ. ඉතින් විභාගෙට ලෑස්ති වෙන්නත් ඕනේ ටැබ් නැතුව තමා.
ඔබ තුමන්ලා ඔය ටැබ් වලින් තොර ලෝකයක් නැද්ද? අපිටනම් ඔය කතාව අහලා ඇතිවෙලා තියෙන්නේ................
මෙයා ටැබ් දෙන්න කතාකරනවා ලංකාවේ සමහර පාසල්වලට අවශ්‍ය මුලික දේවල් වත් නැත , ඉස්සර වෙලා ඒවා සපයල ඉන්න...... මිනිසුන්ගෙන් තිබෙන මුලික ප්‍රශ්න ගැන කිසිම අවබෝධයක් නොමැති, ටැබ් ,බ්‍රේස්ලට් වැනි දේවල් ගැන කතා නොකරන්න....
ජනිත් මහතා වෙත, ටැබ් තිබේ නම් ගෙදර ඉඳ ඊ-තක්සලාව, යූ ටියුබ් මගින් ඉගෙනගත හැකිය .
ඊට කලින් ගස්යටට වෙලා ඉගෙන ගන්න පාසල් යන්න සපත්තු දෙකක් නැති පාසල් ගැන බැලුවොත් නරකද අගමැතිතුමෝ...?
අතීසාරේට අමුඩේ ගැසීම කලාවක් නම් වත්මන් රජය (හිටපු රජයත්, රජ වෙන්න දවල් හීනදකින පක්ෂත් ඇතුළුව) පිකාසෝටත් එහා!
බටහිර රටවල ළමයින් පරිගණකවලට ඇබ්බැහිවෙලා. සමහර ළමයි දවසකට පැය 8-10 පරිගණකයේ. පාසල් වලින් නොයෙක් උපක්‍රම යොදනවා ඔවුන්ව ඒවායින් මුදා ගන්න. හැම පාසලකටම හොඳ පරිගණක විද්‍යාගාරයක් ලබා දෙන්න. පුද්ගලික පරිගණක අවශ්‍ය නැහැ.
අපගේ බදු මුදල් වලින් සැපවත් ජිවිතයක් ගතකරන රටේ දෙවෙනි පුරවසියාගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. අද දින මෙම උත්සවයට ගිය මුදල් ප්‍රමාණය ඔහේගේ ගෙදරින් ගෙනත් වියදම් කලේද නැත්නම් ඒවත් අපේම බදු මුදල් වලින් වියදම් කලේද ??? එසේ අපගේ බදු මුදල් වියදම් කලේනම් එසේ වියදම් කිරීමට කව්රුන් විසින් අනුමැතිය දුන්නේද ??? අවංක පුරවැසියන් හැටියට අප සැමවිටම මෙවන් උත්සව සදහා අහිංසක ජනතාවගේ බදු මුදල් වියදම් කිරීම අහිංසක මහජනතාවගේ වරප්ප්‍රසාද උල්ලංඝනය කිරමක් මෙන්ම නීති විරෝධී පාදඩ ක්‍රියාවක් ලෙස දකින්නෙමු. අහිංසක ජනතාවගේ වරප්ප්‍රසාද උල්ලංඝනය කිරමට ඔහෙට කිසිදු අයිතියක් නැති බවත් රටේ මුල්පුරවසියාටද මෙය වලංගුය . ඔහුට පමණක් නොව 225 ක් වූ සියලුම මහජන නියෝජිතයන් හට කිසිදු අයිතියක් නැති බවට "තොත්ත බබුන් සේ හැසිරෙන 225 වූ ගව රෑනට " නැවත වරක් මතක් කිරීමට කැමැත්තෙමු.
ළමයින්ට යහපතකට වඩා මෙය දේශපාලන යහපතකට කරන දෙයක් නොවේද?
අනේ අපේ ගම් වල ඉස්කෝල වලට ඇවිල්ල පුටු බැංකු ටිකක් වත් හදල දෙන්නකෝ . අඩුම තරමේ පිරිසිදු වැසිකිලි ටිකක්. කලින් අය දමල තියන කොමෙන්ට්ස් සම්පුර්ණ ඇත්ත . ළමයින්ගේ අනාගතයේ නුඹලාගේ ඇස් දුරුවල වෙනවා , බෙල්ල සහ කොඳු නාරටිය නැමෙනවා ඕක දිහා බලාගෙන හිටපුහම , මානසික පීඩන ඇති වෙනවා.
එතකොට පුටු බංකු දෙන්නේ කවදද?
ළමයි හැමෝටම විතරක් නෙමෙයි දෙමාපියන් හැමෝටමත් ටැබ් බෙදන්න.ඉන්ටෙර්නෙට් දීලා ඕනේ දෙයක් නරඹන්න අවස්ථාව දෙන්න. ටැබ් ටෙන්ඩර් වලින් කවුරු හරි පෝසත්වෙන්න.ලංකාවේ එකම ප්‍රශ්නේ මේක විතරයි.ටැබ් එක යනු මහා ප්රතිහර්යක් නොවේ. ( වෙන රටවල ළමයි මේ ඇබ්බැහියෙන් ගලවගන්න දෙමාපියෝ උත්සාහ කරන අතර ඔවුන්ගේ ඇස් දුර්වල වී ඇති බවද මතක් කරගන්න) සසර වසන තුරු නිවන් දකින තුරු මෙවන් අමන පාලකයන් දකින්නට නොලැබේවා!
"ඔබට ඡන්දය දෙමි. නැතිනම් නගානන්ද කොඩිතුවක්ක්කුට දෙමි." ඔය ඔක්කොටම වැඩිය භයානකයි බලය බෙදීම. රට කෑලි කෑලි වලට කැඩෙනවා. දෙමල්ලු බලවත් වෙනවා. ෆෙඩරල් වලට කිට්ටු කරනවා. නගානන්ද කොඩිතුවක්ක්කුට චන්දෙ දෙනවානම් මෙයා ඉබේම එනවා.
රනිල් මහත්තයාට ඕන මගුලකට එක්කෝ ටැබ් නැත්නම් වයිෆයි. ඇත්තටම මේවා අහලා ඡන්දේ දුන්න අපටත් දැන් එපා වෙලා.
රටේ සිංහල යන වැඩි ප්‍රතිශතයක් තියෙන කම් වත් විධායක ජපති ක්‍රමය තියෙන්න ඕනේ. සිංහලයන්ගේ බලය නැති කරන්න දරන වැයමක්