අනුරාධපුරයේ පොලිස් ලොක්කන්ට මත්පැන් සාදයක් අනුරාධපුර කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අනුරාධපුර නගරයේ පිහිටි ඉහල පෙලේ හෝටලයක අද (24) දහවල් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි වාර්තා වේ. මෙම සාදය හේතුවෙන් අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලයේ දෛනික කටයුතු මුලුමණින්ම ඇනහිට තිබූ බවද අප කළ සොයා බැලිමකදි අනාවරණ විය. 24 April 2018
පළාත් 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය එම කොමිෂන් සභා කාර්යාලයේදී අද (24) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 24 April 2018
ලොකු පුටු නොදෙනවාට පොලිස්පතිට එරෙහිව නඩු දමන්න යයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මාස එක හමාරක් තිස්සේ එම තනතුරුවලට පත් නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කිහිප දෙනකු පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට යතියි පොලිස් ආරංචි මාර්ග කියයි. 24 April 2018
දෙවැනි සැසිවාරයදා මහජන ගැලරිය වසයි දෙවැනි සැසිවාර උත්සවය පැවැත්වෙන ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේනතු මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය. 24 April 2018
සයිටම් වෙඩි තැබීමට සැක තිදෙනා යළි රිමාන්ඩ් සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක අධ්යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 8 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) නියෝග කළේය. 24 April 2018
වෙල්ලස්සේ දෙවැනි-තෙවැනි අධ්‍යයනය පීඨ වසයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල අධ්‍යයනය පීඨ නැවත දැනුම් දෙන තුරු අද (24) වසා දැමූ බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවැසීය. 24 April 2018
කොළඹ නව භූ ලක්ෂණ ඇතුළත් සිතියම මැයි මාසයේ කොළඹ නගරයේ මෑතක සිදුවූ නව භූ ලක්ෂණ ඇතුළත් අංග සම්පූර්ණ සිතියම් කාණ්ඩ හැත්තෑවක් මැයි මස අවසන් විමට පෙර එළිදක්වන බව මිනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා ලංකදීපයට පැවසීය. 24 April 2018
අරාබියේ ලාංකිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අඩුවෙලා - තානාපති තම සේවා ස්ථාන වල ගැටලූ හා වෙනත් දුෂ්කරතා සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් ඉදිරිපත් කරන පැමිණිලි සංඛ්‍යාව මේ වසරේදී අඩුවීමක් ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමාන් ජේ.මොහිදීන් මහතා කියා සිටී. 24 April 2018
තනිවම ආණ්ඩු කරන්න එජාපයට පුළුවන් - මුජුබර් රහුමාන් එක්සත් ජාතික පක්ෂයට ඕනෑම අවස්ථාවක තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (24) පැවැසීය. 24 April 2018
හොර ලේඛන රැගෙන සිංගප්පූරු යන්න ආ තරුණයා කොටුවෙයි කූට ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යෑමට පැමිණි ශ්‍රී යාපනයේ තරුණයකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 24 April 2018
ළමා ආරක්ෂක අධිකාරියට දත්ත පදනමක් සකසයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙතෙක් කල් විශාල අඩුපාඩුවක්ව පැවැති ජාතික දත්ත පදනමක් සකස් කිරීමට කටයුතු කරන බව එහි නව සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය. 24 April 2018
ජාලිය වික්‍රමසූරියට දෙවැනි වරටත් වරෙන්තු රජයේ මුදල් ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය චිත්රාන් වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දෙවැනි වරටත් විවෘත වරෙන්තු නිකුත් කළාය. 24 April 2018
ආණ්ඩුවේ තවත් ප්‍රබලයෙක් විපක්ෂයට එන බව චන්දිම වීරක්කොඩි කියයි ‘ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු ළඟදීම අපට එකතු වෙනවා.‘ යැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. 24 April 2018
පුපුරණ ද්‍රව්‍ය යොදා මැරූ මාළු කිලෝ 1800ක් අල්ලයි නිලාවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මරණ ලද මාළු තොගයක් ලොරි තුනකින් ප්‍රවාහනය කිරිමට සුදානම් කරද්දි අද (24) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.සී.බෝයගොඩ මහතා පැවසිය. 24 April 2018
පොලොන්නරුව ප්‍රා.සභාපති ඇතුළු තිදෙනාට ඇප රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැණ තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (24) නියෝග කළාය. 24 April 2018
එමිල් රංජන් සහ රංගජීව යළි රිමාන්ඩ් බන්ධනාගාර වෙඩි තැබීමට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මැයි 8 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (24) නියෝග කළේය. 24 April 2018
බස්නාහිර ආණ්ඩුකාර ලෙස හේමකුමාර වැඩ අරඹයි බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කෙරුණු ලැබූ ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (24) බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කැරිණි. 24 April 2018
යාපනයේ ආයුද ගත් පිරිසක් ග්‍රාමසේවකට පහර දීලා යාපනය චාවකචේරි මට්ටුවිල් ප්‍රදේශයේදී නිවාස හානි කිරීම් හා පුද්ගල පහරදීම් සිදු කළ පිරිසෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව චාවකච්ඡේරි පොලීසිය පවසයි. 24 April 2018
ලක්ෂ 70 ගජමුතු අලෙවි කරන්න ආ තිදෙනෙක් කොටුවෙති යාල ජාතික වන උද්‍යානයේ සිටි ඇතෙකු ඝාතනය කර ඇතාගේ ගජමුතු රුපියල් ලක්ෂ 70 කට අලෙවි කිරීමට පැමිණි බුත්තල ව්‍යාපාරික දෙමස්සිනෝ දෙදෙනෙකු සහ ඔවුන්ගේ මාමා කෙනෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. 24 April 2018
පොලිසියෙන් ඇල්ලූ ටිපර් අයිතිකරු කී විදියටම පොලිස් නිලධාරියාට මාරුවක් විකෘති කළ බලපත්‍රයක් උපයෝගී කර ගෙන පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකුට පස් ජාවාරම්කරුගේ තර්ජනයෙන් පැය විසි හතරක් යාමට මත්තෙන් දෙහිවල පොලිසියට මාරුවීමක් ලැබීමේ සිද්ධියක් පානදුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ. 24 April 2018
ඉන්න අයත් එක්ක මේ ගමන යන්න බෑ - වෙසක් පෝයෙන් පසු අලුත් ගමනක් “එකතුවෙලා ඉන්න සමහරුන් එක්ක මේ ගමන යන්න බැහැ. මේ නිසා ලබන වෙසක් පොහොයෙන් පස්සෙ අලුත් ජාතික ව්‍යාපාරයක් පටන් ගන්නවා.....” යැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීප’යට පැවැසූහ. 24 April 2018
කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවෙයි කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේ දී කොටි සංවිධානය යුද සමයේ දී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ සොයාගෙන තිබේ. 24 April 2018
16 කණ්ඩායමේ තීරණාත්මක හමුව අද ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක හමුවක් අද (24) පස්වරුවේ පැවැත්වෙයි. විපක්ෂයේ අසුන් ගැනීමට ගෙන ඇති තීරණය, පක්ෂයේ ප්‍රධාන තනතුරුවල සංශෝධනය, මැයි දින උත්සවය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය. 24 April 2018
අප්‍රේල් 29 වෙසක් පෝය යොදාගැනීම විහිළුවක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පෝය දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තකැයි නියංගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියෝ ඊයේ (23) පැවැසූහ. 24 April 2018
ඉරණතිව් මුහුදු වෙරළේ විරෝධතාවයක් වසර 26 ක් පුරාවට සිය මුල් ඉඩම් අහිමි වූ ඉරණතිව් දූපතේ මුල් පදිංචිකරුවන් සිය මුල් ඉඩම් ඉල්ලා සිදුකළ සත්‍යග්‍රහයට වසරක් පිරීම නිමිත්තෙන් ඉරණතිව් මාතානගර් කතෝලික දේවස්ථානය අසලදී ඊයේ (23) විරෝධතාවක් සංවිධානය කැරිණි. 24 April 2018
තෙල් මිලේ තීන්දුව අද ඉන්ධන මිල ඉහළ දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (24) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතය. 24 April 2018
නිකවැරටියේ කලාප කාර්යාලයේ මුදල් වංචාවක් නිවාඩු දිනවල සේවයට වාර්තා කර ඇති බවට ව්‍යාජ අත්සන් යොදමින් වැටුප් ලබාගත් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස එම කාර්යාලයේ සේවකයින් වයඹ ප්‍රධාන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. 24 April 2018
ගංජා ඉරූ පුතාට පියා පිහියෙන් අනී සංගීත සංදර්ශනයක් නැරඹීමට යන බව පවසා ගෙදරින් පිටව ගොස් ගංජා සුරුට්ටුවක් ඉරු පුතෙකුට බීමතින් සිටි පියා පිහියකින් ඇනීමෙන් පුතා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි. 24 April 2018
කමිටු ශාලාව නුදුන්නැයි රෝසිට මන්ත්‍රීවරුන්ගේ විරෝධය කොළඹ මහ නගර සභාවේ ස්ථාවර කාරක සභා කමිටු හතරකට සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා අද (23) පැවැති සාකච්ඡාට නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කමිටු ශාලාව ලබා නොදීම නිසා මන්ත්‍රීවරුන්ගෙන් ඇයට දැඩි විරෝධතාවයක් එල්ල වු බව වාර්තා වේ. 23 April 2018
වවුනියාව කළමනාකරණ පීඨය වහයි වවුනියාව විශ්ව විද්‍යාල මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් සහ වවුනියාව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වයිකින් පසු විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අද තීරණයකර තිබේ. 23 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026