තායිලන්ත අගමැති ලබන සතියේ ලංකාවට දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන සතියේදී මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. 05 July 2018
‘විජයකලාගේ ප්‍රකාශය පදනම් කර ඇය අමාත්‍ය ධුරයෙන් නෙරපීම ප්රජාතන්ත්ර වීරෝධියි ‘ වනිතා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන ඇයව මන්ත්‍රී ධූරයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් නෙරපීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් යැයි උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය සදහන් කළාය. 05 July 2018
පේදුරුතුඩුව කළපු රක්ෂිතයේ ‘මානා පක්ෂින්‘ මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට පේදුරුතුඩුව නගර්කෝවිල් කළපු රක්ෂිත ප්‍රදේශයේදී සංචාරක පක්ෂි විශේෂයක් වන මානා පක්ෂීන් 26 දෙනකු මරා මස් පිණිස රැගෙනයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පේදුරුතුඩුව පොලිසිය කියයි. 05 July 2018
යශෝධ රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි හලාවත, බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදුකර නිවසකට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර 05 July 2018
යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 05 July 2018
විජයකලා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් මහත්මිය අද තීරණය කර තිබේ. 05 July 2018
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති “ගම්පෙරළිය“ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 20 ක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට රජය තීරණය කර තිබේ. 05 July 2018
ශ්‍රී ලංකාව පුද්ගල ජාවාරම් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථරයට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව කරන ‘පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ’ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳි සිටීමට ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් සමත්ව සිටී. 05 July 2018
ඇමතිනී විජයකලා අගමැති හමුවෙයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 05 July 2018
පළාත් සභා මැතිවරණය ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කියයි පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ලබන සතියේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 05 July 2018
රතුපස්වල සිද්ධියට සම්බන්ධ හමුදා සමාජිකයන්ට විරුද්ධ ඇති නඩුව කල්යයි ගම්පහ වැලිවේරිය නගර මධ්‍යයේදී පානීය ජලය ඉල්ලා උද්ඝෝණයේ යෙදුන රතුපස්වල ජනයාට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර් ඇතුළු හමුදා සමාජිකයන්ට විරුද්ධව ඇති නඩුව නැවත ඔක්තොම්බර් මස 10 වන දින කැඳවන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (4) නියම කළේය. 04 July 2018
සුවසැරිය පනත් කෙටුම්පතට කතානායක අත්සන් කරයි රට පුරා මේ වනවිට ක්‍රියාත්මක 1919 සුවසැරිය ගිලන් රථ සේවය නීත්‍යානූකූල කිරීම සඳහා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු සුවසැරිය පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද (4) අත්සන් තැබීය. 04 July 2018
ජනපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනයේ හෙළිදරව්ව බැදුම්කර ගනුදෙනුව සිදුවූ අවධියේදී වෙනත් ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතර කිසිදු දුරකථන සන්නිවේදන කටයුත්තක් සිදු වී නැතත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හා ඔහු අතර කෙටි පණිවුඩ හුවමාරු වී ඇති බව බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාවේ ආන්දෝලනයට තුඩුදුන් සී 350 නමැති ලේඛනයේ සඳහන්ව ඇත. 04 July 2018
ජාතික විගණන පනත හෙට විවාදයට පසුගිය දිනවල රටේ මහත් කතාබහට ලක්වුණු ජාතික විගණන පනත කෙටුම්පත හෙට (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනෙයි.හෙට උදෑසන 11.00ට ආරම්භවීමට නියමිත විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය. 04 July 2018
මාධ්‍යවේදීන්ට තර්ජන එපා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවු ලිපියට දායකත්වය දැක්වූ විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි සැලකිල්ලක් යොමු කරන බව ‘ශ්‍රී ලංකා විදෙස් වාර්තාකරුන්ගේ සංගමය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 July 2018
පර්පචුවල් සමාගමෙන් සිදුවු අලාභය පියව ගන්න නඩු පවරලා ප්‍රශ්නගත බැදුම්කර වෙන්දේසියේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන ආකාරයට වත්කම් ඉපැයීම නිසා රාජ්‍ය ආයතන පහකට රුපියල් බිලියන 8.5 ක අලාභයක් සිදුව ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහත අද (04) අභියාචනාධිකරණයට දැන්වීය. 04 July 2018
අගමැති හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට (05) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 04 July 2018
අලවතුගොඩ බැංකුවකට ලක්ෂ 10ක අලාභයක් කළ සැකකරු රිමාන්ඩ් අලවතුගොඩ බැංකුවක් දෙවරක්ම කඩා වකුගඩු ආධාර පෙට්ටියේ මුදල් සොරකම් කිරීම සහ එහි ඒ.ටී.එම්.යන්ත්‍රයට රුපියල් ලක්ෂ 9,44,931.37 ක අලාභයක් සිදු කළ සැකකරු අද (04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත දිරිපත් කිරීමෙන් පසුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ. 04 July 2018
ජාතික අධ්‍යාපන සේවක සංගමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් අධ්‍යාපන බලධාරීන් තමන් සතු වෘත්තීය බලතල භාවිතා කරමින් විදුහල්පතිවරුන්ට පාසල් වසා තැබීමටත් ගුරුවරුන්ට සහ පාසල් දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙසත් බලපෑම් කිරීම මගින් පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බව පවසමින් ජාතික අධ්‍යාපන සේවක සංගමය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (04) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 04 July 2018
එල්.ටී.ටී.ඊය. යළි ඇති කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නෑ තහනම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ඇති කිරීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැති බවත් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට රජය හැම විටම කැපවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය. 04 July 2018
පස්වල ගුණාත්මකභාවය මැනීමට කළ පරීක්ෂණ අවසන් දිවයිනේ සියලූම ප්‍රදේශවල පස්වල ගුණාත්මකභාවය මැන බැලීම සඳහා සිදුකරන ලද පාංශ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 04 July 2018
මැතිසබයේ කටයුතු වලට බාධා කළ මන්ත්‍රීවරු ගැන විනය පියවර ගන්න පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරමින් මැතිසබයේ නොහික්මුණු ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (04) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. 04 July 2018
ගුරු වර්ජනය සාර්ථක යැයි සංගම් කියයි දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන ක්ෂේත්රයේ වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද(4) ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අති සාර්ථක බවත් සියලූම පාසල් වල සියයට 90කට වැඩි ප්‍රතිශතයකින් වර්ජනය සදහා දායකත්වය ලැබී තිබු බවත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ උපසභාපති නීල් අතුකෝරල මහතා අද(04) පැවසීය. 04 July 2018
‘නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන්ගෙන් සමාව ගන්න‘ ප්රජාතන්ත්රවාදය අගය කරනවා නම් හිටපු නායකයින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන්ට කළ තර්ජනය ගැන සමාව අයැද ඒ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නැයි තමා දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය. 04 July 2018
‘ මන්ත්‍රීවරු දෙන්නෙකුගේ හැසීරීම පාර්ලිමේන්තුවට අපකීර්තියක්‘ ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරුන් පිරිසක් ඊයේ (03) පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයක යෙදුණූ අවස්ථාවේදී ඇතිවු සිද්ධීන් ගැන ඊයේ සභාව අත්හිටුවු අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේ කීය. 04 July 2018
‘විජයකලාගේ ප්‍රකාශයට නීතීය ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි‘ කොටි සංවිධානය නැවැත බිහිවිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) පැවසීය. 04 July 2018
ඇලෝසියස් හා පළිසේනගේ ඇප ඉල්ලීම කල් යයි මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 18 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 04 July 2018
විත්තියේ පිළිතුරු ගොනු කරන්න නියෝග ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කටයුතු සදහා ලබාගත් බස්රථ වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 142කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ වග උත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ පිළිතුරු ලිඛිතව අධිකරණය වෙත ගොනු කරන ලෙස කොළඹ වාණීජ මහාධිකරණ විනිසුරු රත්නපි‍්‍රය ගුරුසිංහ මහතා අද (04) නියෝග කළේය. 04 July 2018
‘විජයකලාගේ ප්‍රකාශය ගැන ජනපති- අගමැති තීන්දුවක් ගනීවී’ විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය කළේ වැරදි ප්‍රකාශයක්. අගමැතිතුමා ජනාධිපතිවරයා සමඟ කතාකර ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගනිවී යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ශ්‍රී 04 July 2018
බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ. 04 July 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026