(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට අද (3) සිව්වැනි දිනටත් අඛණ්ඩව උපවාසයේ යෙදී සිටිති.
ඇමති රිෂාඞ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කරන ලද්දේ ඉකුත් සිකුරාදාය.
උන්වහන්සේ මෙම උපවාසයේ යෙදී සිටින කාලයේදී උන්වහන්සේ බැහැදැක සුව දුක් විමසීමටත්, භික්‍ෂූන් වහන්සේලා, පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරු මෙන්ම ජනතාවද විශාල වශයෙන් පැමිණි අතර ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාද අද පෙරවරුවේ රතන හිමි බැහැදැකීමට පැමිණියහ.
කලක් ජාතික හෙළ උරුමයේ සභාපතිවරයා ලෙස ද රතන හිමියෝ කටයුතු කළහ.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ද අද දින රතන හිමි බැහැදැකීමට නියමිතය.
රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වයද මේ වන විට දුර්වල වෙමින් පවතින බව වාර්තා වන අතර වෛද්‍යවරුන් නිරන්තරයෙන් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් සිටින බව ද වාර්තා වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය වෙනුවෙන් රටම පාවාදෙන්නෙ 3 දෙනෙක් වෙනුවෙනි.නිසි කලට නිසි තීරණ නොගන්නා නායකයන් දෙදෙනෙක් රටට කරන විනාශයක මහත.
හරි වැරදි කුමක් වුවත් රතනහිමි ඇරඹු උපවාසය, පාලනය කළනොහැකි සුළි කුණාටුවක් අතළගම බවට සංඥාවක් වැනි තත්වයට අද පත්ව ඇත.
වසරකට දින 28ක් ආහාර පාන සීමා කිරීමේ උපවාසයක් ගැන කුරාණයේ සඳහන්ව ඇතත් බුදු හිමියන් දෙසූ දහමේ මෙවැනි මාරාන්තික උපවාස ගැන සඳහනක් නැත,
චීවර එකක් නොව චීවර කොපමණ විරුද්ධ උනත්..// පාවාදුන් අපි නොකරන්නේ මොනවාද..// එබැවින් නංගියේ මල්ලියේ අපි බුරුවො 225 ම ..// හෙලවෙන් නැහැ පුටුවෙන් හෙන වැදුනාට..//
දේශපාලකයෝ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ.
මේ "දේශපාලකයන්" මේවට එන්නේ ලකුණු දාගන්න. මේ අය රටට පිළිලයක්...