(ජයන්ත සමරකෝන්)
මෙම වසර අවසන් වීමට පෙර නිකුත්වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව හැඳුනුම්පත් සකස්කර නිවාසටම ලැබෙන්නට සලස්වන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමඟම මුළුමනින්ම නතරවනු ඇතැයි ද ඒ මහතා කීය.
වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකු ම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නව හැඳුනුම්පත සකස්කර නිවසටම ලැබෙන්නට සලස්වන්න. එක්කෙනෙක්ගෙන් කීයක් අය කරනවද කියලා කියන්නේ නැත්තේ ඇයි?
අස්සයා පැනලා ගියාට පස්සේ, ඉස්තාලේ දොර වහනවා වගේ වුනාට දැන්වත් මෙහෙම දේවල් කරන එක ලොකු දෙයක්, මම ඉන්නේ සෞදි රටේ, මෙහෙ එයාර් පෝර්ට් එකෙන් ඇතුල් වෙනකොටම ගන්න ඇඟිලි සලකුණ සහිත උඩුකයේ, ෆොටෝ එක තමඕනෑම තැනකදී අපේ හැඳුනුම්පතේ අංකය ඕනෑම රාජ්‍ය ආයතනයකදී, මූල්‍ය ආයතනයකදී, ඉස්පිරිතාලයකදී ඉදිරිපත් කළාම පෙන්වන්නේ, කිසිම හොරයක් බොරුවක් කරන්න ලේසියෙන් ඒ නිසා බැහැ. එවැනි ක්‍රම අපේ රටට පරක්කු වෙලා හරි දැන්වත් ගෙනෙනවා නම් බොහෝ අපරාධ මීට වඩා අඩු කරගන්න පුළුවන්...
වයස 15ට වැඩි? ෂරියා නීතියට ඉඩ දෙනු පිණිසද? එතකොට ඇඟිලි සලකුණ පරික්ෂා කරන්න අදාළ නිලධාරීන්ට උපකරණ දෙනවද? නැහැ ඉතින් දැනගන්න ඇහුවේ...
ෂා නියමයි. හැබැයි ඉතින් සම්තින් කාරයින්ට නම් වැඩේ කචල්. එ්ත් ඉතින් එකදවසේ කට්ටියගෙන් නම්...?
එහෙමනං අර දේශප්‍රේමීන්ට මොනවද වෙන්නේ?
ඔය ඇඟිලි සලකුණු තිබුණා කියලා සිදුවෙන සෙතක් නැත. දැන් රියදුරු බලපත්‍ර නවීකරණය කරලා තිබෙන කරදරය පෙනෙනවා නේද? ඒවා අවුරුදු 9න් අලුත් කරන්න ඕනේ, දවස් ගණන් පෝලිමේ ඉන්න ඕනේ... නමුත් සල්ලි තිබෙන මිනිහට ඔය කිසිම කරදරයක් නැහැ. ලංකාවේ රියදුරු බලපත් තිබෙන මිනිස්සුන්ගෙන් 60%ක් විතර වාහනයක් පදවාගෙන කොළඹ නගරේ හරහා යන්න බැහැ. ඔය කුමක් කරත් පලක් නැහැ. නිලධාරී පගාව ගන්න එක නතර කරන්න බැරිනම්, ඔය පගාව ගහන නිලධාරීන් අල්ලා දෙන්න උදව් කරන මිනිස්සුන්ට රුපියල් මිලියනයක විතර මුදල් ත්‍යාගයක් දෙන්න ක්‍රමයක් සකස් කර එම මුදල් වැරදි කරුවන් නිලධාරියාගෙන්ම දඩවශයෙන් ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. එතකොට රට හැදේවි... ඔය ප්‍රශ්න ඔක්කොම විසඳේවි.
ඇඟිලි විතරක් නොවේ, ඇස් ,අල්ල ,ඇඟිලි සියල්ල ගතයුතුයි ,එතකොට කාගේවත් ඩුප්ලිකේට් පාස්පෝර්ට්, හැඳුනුම්පත් නැහැ, හදන්න ලේසි නැහැ, මේක වෙන රටවල කරනවා .
දවස ගානේ අලුත් දේවල් එක සැරේ ඉවර කරන්න බැරි රටක්.. අපි කලිනුත් මේ වග කිව්වා. (මීට අවරුදු 12 කට කලින්) 1. පළාත් 9 ට පාට 9 ක් (එයින් අදාල නිලධාරීන්ට ඔහු මොන පළාතේද යන්න ක්ෂණිකවම දැන ගැනීම), 2. ඇඟිලි සලකුණු 3. (බ්ලඩ්) ලේ වර්ගය, 4. ජාතිය / ආගම, සහ දැනට අඩංගු කරුණු, මෙයින් රටේ ආරක්ෂාවට ඉතාම යෝග්‍යයි.
මොන විහිළුද මේවා...? මම අලුත් එක අරගෙන මාසයක්. ඒ ටිකට වෙනස් කමක්. රටකට අවශ්‍ය හැඳුනුම් පතක් නිර්මාණය කරන්න බැරි නිලධාරියන්, ලේකම්ලා ඉන්න රටක්ද මේක? කරුමේ.. කරුමේ ...
හැදුනුම්පත් වලට නෙවේ. ලංකාවට ඇතුල් වෙද්දී ඇගිලි සලකුණු ගන්න.
ඉතාමත් හොද තීරණයක්. මෙය කළයුතුව තිබුනේ මීට අවුරුදු 5 කට කලින්. එහෙම උනානම් පාතාලයෝ, කප්පම් කාරයෝ ත්රස්තවාදීන් 90% අවම කරගන්න තිබුනා. මෙය වහාම කල යුතුයි .
ඇඟිලි සලකුණු ගන්නේ අපරාද කරුවන්ගේ සාමාන්‍ය ජනතාවගෙන් ඇඟිලි සලකුණු ගන්න එකේ පදනම මොකක්ද? අනෙක මේ දත්ත ගබඩා කරලා තබන්න මොනතරම් මෙමරි එකක් ඕනෙද ? නෙට්වර්ක් බිද වැටුණු වෙලාවක ඇඟිල්ල තියන් බලන් ඉන්නයි වෙන්නේ.............
අදහසනම් හොඳයි. ඒත් ඔය අලුත් කාඩ් වල කල් පැවැත්ම ගැන නම් ප්‍රශ්නයක් ඇති වෙයි.