(ලහිරු හර්ෂණ )
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළින් ඇරැඹිණි.
‘මඩකලපුව උපාධි කඩය වසා දමන්න යැයි පවසමින් ‘ ඔවුහු විරෝධතාවයේ නියැලී සිටිති.
සිසුහු 500 ක් පමණ දෙනා මේ සඳහා සහභාගී වි සිටිති.
විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැමිණ එහිදී සිය විරෝධතාව දැක්වීමට නියමිතය.
ඒ අවට යම් රථවාහන තදබදයක්ද පවතී.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් මේ අය කොහෙද හිටියේ? හරියට හීනෙන් බයවෙලා නැගිටලා කෑ ගහනවා වගේ...
මේ අයගේ ඇස් දැන් ඇරිලා වගෙයි....
ඇති යන්තං. ඕනෑම අවස්ථාවේ පෙනෙන්න හිටියේ නැති නිසා අපි හිතුවේ මේ ගොල්ලොත් සිංගප්පූරු ගිහිල්ලා වන්න ඇති කියලයි. ඒකනේ දැන් නඩු කල්දාගන්න ක්‍රමවේදය වෙලා තියෙන්නේ...
වැඩක් නැති ඒවාට පාරට බහින මෙයාලට දැන්වත් මේක මතක් වුණු එක හොඳයි.
මේ අයට ඉතින් මොනව හරි එකක් වහපියව් කියලා මොර දුන්නේ නැත්නම් කිරිපණු ගාය හැදෙනවා.
දරුවනේ නුඹලා නිවාඩු පිට ගෙදර හිටියාද...// මග බලබලා සිටියා දැන් එයි පාරට කියලා..// කිව්වද දියවන්නා ඔයේ රතු හරකුන් එපා කියා..// කොඳු පණ නැද්ද හිටගන්නට තනියෙන් නුඹලාට..//
මේ අය දන්නේ නැද්ද තාම මේක පටන්ගෙන නැති එකක් කියලා.. වහන්න දෙයක් නෑ.. මේ හදපු බිල්ඩිම රජයට ගන්නවා නම් nibm , opan වගේ හැමෝටම අධ්‍යාපනය ලබන්න හැකි අධ්‍යාපන ආයතනයක් කරන්නට ඕනැ.. නැත්නම් එයාටම අයිත් වුණත් ශරියා අධ්‍යාපනය නැතිව හැම සිසුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකි පරිදි සකසන්න ඕනෑ.. හදන හදන එක රජයටම ගන්න කියලා නීතියක් නෑ.. මේ අය කියපු එක අහලා සයිටම් වැනි වටිනා සම්පතක් විනාශ කළා.
මෙතන අදහස් දාන කට්ටියට අන්තරේ නැතුව හරිම පාලුවෙන් වගේ හිටියේ නේද ??