ගෝඨාට එරෙහිව නඩු පවරයි වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරන ලදී. 24 August 2018
උදයංගගේ ඥාතීන් 5 දෙනකුගේ ගිණුම් වාර්තා දෙන්නැයි නියෝගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ ඥාතීන් 05 දෙනෙකුගේ ගිණුම් සම්බන්ධ තොරතුරු වාර්තා සහ ලේඛන මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බැංකු 19 කට සහ මුල්‍යායතන 46ක කළමණාකරුවන් වෙත නියෝග කළාය. 24 August 2018
‘බේරේ වැව කොළඹ අසූචි වළ වෙලා’ කොළඹ නගරයේ ගොඩනැගිලි, නිවාස හා පැල්පත්වලින් ඉවත්කෙරෙන මළ අපජලය බේරේ වැවට මුදා හැරීමෙන් කොළඹ අසූචි වළ බවට පත්ව ඇතැයි ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාව සිදු කළ පරීක්ෂණයක දී තහවුරු වී ඇත. 24 August 2018
ව්‍යාජ ඔප්පු මගින් ඉඩමක් හිමිකර ගන්න ගිය කතුන් දෙදෙනකුට වසක 15 ක සිරදඬුවම් ව්‍යාජ ඔප්පුවක් මගින් අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු කාන්තාවන් දෙදෙනෙකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම නඩු විභාගයේ දී විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුවකුට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 24 August 2018
කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් පැමිණිල්ලක් කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට උසස්වීම් දීමේ දී සේවා කාලයට ලබාදුන් ලකුණු සීමාව 70 සිට 50 දක්වා අඩු කිරිම නිසා කනිෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් අසාධාරණයට ලක්ව ඇතැයි පොලිස් කොමිසම වෙත පැමිණිලි ලැබී තිබේ. 24 August 2018
රුපියල පහළටම වැටෙයි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය. 24 August 2018
සීමා නිර්ණය කමිටු වාර්තාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධයි පාර්ලිමේන්තුවේදී අද (24) විවාදයට ගනු ලබන පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය කමිටු වාර්තාවට විපක්ෂව ඡන්දය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධාන පවසයි. 24 August 2018
උතුරු මහ ඇමැතිගේ ඉල්ලීම දෙමළ සන්ධානය ප්‍රතික්ෂේප කරයි උතුරු නැගෙනහිර සංවර්ධනය කිරිමේ ජනාධිපති කාර්යංශයට සහාය නොදක්වන ලෙසට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් කරන ලද ඉල්ලීම දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර තිබේ. 24 August 2018
වැව් 2400 ක් ප්‍රතිසංස්කරණයේ පළමු අදියර ඇරැඹේ එල්ලංගා පද්ධති හා සම්බන්ධිත ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ කිරීමේ මහ පරිමාණ වාරි ව්‍යාපෘතියේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී අද (24) පෙ.ව 10ට සිදු කෙරිණි. 24 August 2018
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගිය කාලයේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නියාමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇත. 24 August 2018
විගණකාධිපතිගේ පඩි වැඩි කිරීම නවත්වයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය. 24 August 2018
ගෑස් රු.158 කින් ඉහළට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. 24 August 2018
ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය. 24 August 2018
ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනා අධිකරණයට ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනා එරෙහි පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට මීට සුළු වේලාවකට පෙර ඔවුහු අධිකරණයට පැමිණියහ. 24 August 2018
කැබ් රථයේ වැදුණු තරුණයින් දෙදෙනෙකු මරුට මුලතිව්, මාන්කුලම, වෙල්ලාන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මල්ලාවි පොලීසිය පවසයි. 24 August 2018
අල්ලස් ගත් සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට අක්කරෙයිපත්තුව ඇලයෙඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතලිස් පන් දහසක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ ආරංචි මාර්ග කියයි. 23 August 2018
එජාපයේ ඡන්දයත් සීමානිර්ණයට විරුද්ධව පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. 23 August 2018
රන් මිශ්‍ර පස් කන්ටේනර් 51ක් රට යවලා රන් කැබලි මිශ්‍ර පස් අපනයන කිරීමේ සිද්ධියට අදාලව රේගුවේ රඳවාගත් කන්ටේනර් 15ට අමතරව මීට පෙරාතුව කන්ටේනර් (බහලුම්) 51ක් පිටරට යවා ඇතැයි ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. 23 August 2018
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද දැනුම් දුන්නාය. 23 August 2018
ලබන බදාදා සිට දුම්රිය වර්ජනයක් දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන බදාදා (29) වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් ඇරැඹිමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි. 23 August 2018
‘කෘෂි අවශ්‍යතා සඳහා ඇතිකරන සතුන්ගෙනුත් ජලභීතිකාව බෝවිය හැකියි‘ බල්ලන් හා පූසන් වැනි සතුන්ට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා ඇති කරන ක්ෂීරපායි සතුන්ගෙන්ද ජලභීතිකා රෝගය ඇතිවීමට හැකි බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍ය නලීන් විජේසේකර මහතා පවසයි. 23 August 2018
මහජන බැංකු සමාන්යධිකාරීගේ වැටුප ලක්ෂ 21ක් මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බවත් වයස අවුරුදු 60 පිරුණු ඒ නිලධාරියා තවත් අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලා කළ ඉල්ලීමක් පොදු ව්‍යාපාර පිළිබඳ කරක සභාව (කෝප්) ප්‍රතික්ෂේප කළ බවත් එම කාරක සභාවේ සභාපති, පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
ශ්රාවස්තිපුරදී සිදුවීමට ගිය දුම්රිය අනතුර ගැන හොයන්න කමිටුවක් ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවීමට ගොස් ඇතැයි කියන දුම්රිය අනතුර පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුකමිටුවක් පත්කර ඇත. 23 August 2018
සමෘද්ධි නිලධාරීන් ස්ථිර කරන බව ඇමැති හැරිසන් කියයි සමෘද්ධි නිලධාරීන් මේ වසරේදී ස්ථිර කිරීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
අමරදේව අනුස්මරණ කේන්ද්‍රය පිහිටුවන පනත සම්මතයි හෙළයේ මහා ගාන්ධර්ව ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අනුස්මරණය කිරීම සඳහා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයක් පිහිටුවීමට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂ පනත් කෙටුම්පත මැතිසබයේදී අද (23) සම්මතවිය. 23 August 2018
බදුල්ලේ විදුහල්පතිනිය දණගැස්වීම ගැන පරස්පර ප්‍රකාශ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කර සමාව ගැනීමට බල කර හෝ දණ ගස්සවා නොමැති බව ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් පැවැත්වූ විමර්ශන වාර්තාවේ සඳහන්වේ. 23 August 2018
බන්ධනාගාරයේ ස්ථාන මාරුවල වෙනසක් නෑ - සාරතී දුෂ්මන්ත වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධීන්වලින් පසුව වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවූණු එහි නිලධාරීන් 25 දෙනාගේ ස්ථාන මාරු කිසිවිටෙකත් අවලංගු නොකරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
කලා නිර්මාණ වාරණය ගැන යලි සිතන්නැයි මුදල් ඇමැති ඉල්ලයි ඇතැම් කලා නිර්මාණ සඳහා වාරණ හා සීමා පැනවීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලන්න යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවැසීය. 23 August 2018
මං කෙළින් මිනිහෙක් නාට්‍යයේ තහනම ඉවතට අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය සඳහා නිකුත් කර තිබූ තහනම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් ඉවත් කරනු ලැබ තිබේ. 23 August 2018
පීසීලාට ලිංගික බලපෑම් කළැයි පොලිස් පරීක්ෂකට ඇප පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට ලිංගික බලපෑම් කළැයි සැකපිට ලුණුගල පොලිසියේ පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකු වන පොලිස් පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 23 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026