(චාපා මධුභාෂිණි)
මත් කුඩු ලබා දෙන්නේ නම් පමණක් දරුවාට මව් කිරි ලබා දෙන බව පවසමින්පොලිස් අත්අඩංගුවේ සිටි මවක් පොලීසිය දෙවනත් කරමින් කෑ ගෑසු පුවතක් අද (06) මින්නේරිය පෙලීසියෙන් වාර්තා විය.
මින්නේරිය පටපිලිකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ මත්කුඩු පානය කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 2 මින්නේරිය පොලිසිය විසින් ඊයේ ( 5) අත්අඩංගුවට ගත් අතර එම කාන්තාව ඒ අවස්ථාවේ කුඩු පානය කරමින් අවුරුද්දක් වයසැති පුතුට කිරි ලබා දීමෙන් දරුවා මත්ව සිටි බව පොලිසිය කීය.
පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී කුඩා දරුවා අද උදෑසන පොලීසියේදී මවගෙන් කිරි ඉල්ලා හඬා වැළපුනද ඇයට කුඩු ලබා දෙන්නේනම් පමණක් තම දරුවාට කිරි ලබා දෙන බව ඇය පොලිස් නිළධාරීන් ඉදිරියේ කෑමොරදෙමින් පවසා ඇත.
මව ගත් මත්කුඩු කිරි සමඟ දරුවාටගේ ශරීරයට ඇතුළු වීමෙන් මත්ව සිටි දරුවාගේ තත්ත්වයද මේවන විට සාමාන්‍ය අතට පත්ව ඇති බව පොලිසිය කියයි.
ඇය අවුරුදු 22 පමණ වන එක්දරු මවක බව පොලිසිය කියයි.
දරුවාට ඊයේ (5) දිනයේදී පිටි කිරි ලබා දීමට පොලිස් කාන්තාවන් කටයුතු කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
දරුවා තම මවගෙන් කිරි ඉල්ලා කොතෙක් හඬා වැලපුනද ඇය තම දරුවාට කිරි ලබාදීමට කටයුතු නොකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව මත්කුඩුවලට විශාල ලෙස ඇබ්බැහි වී ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.
මින්නේරිය පටපිලිකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව තම බාල සොහොයුරා සහ තවත් පිරිමි පුද්ගලයෙකු මත්කුඩු සමඟ මින්නේරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මත්කුඩු පානය කරමින් සිටි කාන්තාව සහ පිරිමි පුද්ගලයින් තිදෙනා සමඟ පොලිස් නිලධාරීන්ට සාපරාදී ලෙස බලහත්කාරකම් කොට බියවැද්දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මව සහ එම නිවස ඉදිරිපිට ගංජා පානය කරමින් සිටි පුද්ගලයා ඇතුළු 5 දෙනා අද (6) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින්නේරිය වාගේ අගනුවරින් දුර ප්‍රදේශවල පවා මෙවන් ප්රවෘත්ති කලාතුරකින් හෝ අහන්නට ලැබෙනවානම්, මේ රටේ කුඩු වසංගතයේ දරුණුකම පෙනෙනවා නේද? දැයක් තැනූ අභීත හෙළයන් විසූ රජරට වර්තමාන තරුණ දුවා දරුවන්ට සිදුවී ඇති ඉරණම ගැන කණගාටුයි. කුඩු නැතිව තමන්ගේ ලෙයින් මසින් හැදුණු දරුවාට කිරි නොදෙන තරමට මනස විකෘති වුන මනුස්සයෙක් කියන්නෙ සෑහෙන්න අවධානය යොමුකර යුතු දෙයක්. මේ කාන්තාවට උසාවියෙන් දඩ නියම නොකර, හිරේ නොදමා වසර කිහිපයක් දැඩි පුනරුත්ථාපන ක්‍රියාවලියකට භාජනය කලයුතුයි. දරුවන් සහ කුඩා දරුවන් මැයගෙන් ඈත් කල යුතුයි. මැයගේ දරුවනුත් මහා පවුකාරයන් වෙන්ට ඇති... මේ වගේ අම්මෙක්ට දාව උපදින්ට.. බොහොම කණගාටුදායක පුවතක්... දරුවන් නැතිකමින් සුසුම් හෙලන කොච්චර විවාහක අය ඉන්නවාද ?
නඩු දැමීමට වඩා මේ අයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.
මරණ දඩුවමට එරෙහි වෙන දියවන්නා ඔයේ කට්ටියට මෙන්ම ඩොලර් වලින් යැපෙන එන්ජිඕ කට්ටියට මෙම පුවත කියවීමට හැකිවේවා !!!!