(අංජුල මහික විරරත්න )
දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහ මහනුවර දිගනදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධි වලින් පීඩාවට පත් ජනතාවට වන්දි ප්‍රදානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද ( 06 ) සිදු කෙරිණි.
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින් 1800 ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමට නියමිත අතර මුල් අදියර යටතේ 500 දෙනෙක් සඳහා වන්දි ප්‍රදානය කිරීමට සිදු විය.
ජීවිත හානියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ක් ද ශාරීරික සහ දේපොළ හානී වෙනුවෙන්ද වන්දි ප්‍රදානය සිදු කෙරුණු අතර රුපියල් මිලියන 250 කට අධික මුදලක් මුල් අදියර යටතේ බෙදා දෙනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිත පුජා කළ පාක්ෂිකයින්ගේ ඥාතීන් වෙනුවෙන් අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් වන්දි ප්‍රධානය සිදු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ,සභාපති මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහත්වරු ප්‍රමුඛ මැති ඇමැතිවරුද එම අවස්ථාවට එක්ව සිටියහ.




( ඡායාරූප - ලහිරු හර්ෂණ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ වලට වැය කරන්නේ කාගේ සල්ලිද?
රටේ ජනතාවගේ බදු මුදල් ඡන්දයට පෙර පක්ෂ සාමාජිකයන් අතරේ බෙදා දීම.