(සුමතිපාල දීයගහගේ සහ ඩී. ජී. සුගතපාල)
ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා අද (6) සිට වහා ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මුලස්ථානය වෙත ස්ථාන මාරු කර ඇත.
අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම ස්ථාන මාරුවීම සිදුකර තිබේ.
වසර හතරක පමණ කලයක් තිස්සේ ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා ලෙස කටයුතු කළ ජගත් වීරසිංහ මහතා පාසල් සිසුන් අපරාධවලට යොමුවීම වැළැක්වීම සඳහා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ නොයා යුතු තැන වැඩසටහන පාසල් සිසුන් සහ දෙමාපියන් අතරද බෙහෙවින් ජනප්‍රිය වැඩසටහනක් විය.
එමෙන්ම බන්ධනාගාර රැඳවියන්ගේ සාක්ෂරතාවය දියුණු කිරීමට මෙන්ම ඔවුන් සඳහා විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කිරීමට ද ජගත් වීරසිංහ මහතා කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට චරිත සහතිකයක් දිය හැක්කේ ,ඔහුගේ සේවකයන්ට හා ඔහු යටතේ සිටි සිර කරුවන්ට පමනි
මේ මහත්මා දක්වා ඇති පරිදිම රැදවියන්ගේ මනස සැදිමට වෙහෙසක් ගත්තු අයෙක්. දක්වා ඇති තොරතුරු හරි. රැදවියන්ගේ හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත් උදවු කරල තියෙනවා. නොයෙකුත් නිර්මාණ කරවල ආකල්ප වර්ධනයට මග සලසලා තියෙන බව පේනවා.