ඇමරිකාවෙන් ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන 5ක දඩයක් පෞද්ගලිකත්වය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු අද (24) ලොව විශාලතම සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත දඩයක් පැනවූහ. 24 July 2019
බණ්ඩාරගම නිවසකදී ඉන්දියානු ජාතිකයෙක් අබිරහස් ලෙස මරුට රෙදි වෙළදාම සඳහා බණ්ඩාරගමට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු අටුලුගම පිහිටි නිවසක් තුළ අද (24) අබිරහස් අයුරින් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 24 July 2019
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වත්කම් තවම රජයට පවරාගෙන නෑ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වත්කම් තවමත් රජයට පවරා ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ස්වර්ණතිලක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අද (24 ) පැවසීය. 24 July 2019
ත්‍රස්ත ක්‍රියාකාරකම් මඩින්නට අගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක් අයි.එස් ත්‍රස්තවාදය ඇතුළු නව ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුණෙන් නීති රාමුවක් සැකැසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 24 July 2019
විපක්ෂ නායක කාර්යාලයට දිනකට ලැබෙන පැමිණිලි ගණන 4000 ක් කොළඹ 7 සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පිහිටුවා ඇති ඔම්බුඩ්ස්මන් කාර්යාලයට මේ වනවිට විවිධ වර්ගයේ පැමිණිලි 4000 ක් පමණ ලැබී ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 24 July 2019
එජාපයේ සියලුම ශාඛා සමිති තර කෙරේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශාඛා සමිති ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය. 24 July 2019
නීතිවිරෝධීව රැඳී සිටි චීන ජාතිකයන් 11ක් අත්අඩංගුවට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිට රැකියාවක නිරතව සිටි චීන ජාතිකයන් 11දෙනෙකු ආගමන විගමන බුද්ධි හා නිරීක්ෂණ අංශ නිලධාරීන් කණ්ඩායමක් අද(24) අත්අඩංගුවට ගෙන ඇත. 24 July 2019
සරසවි පනත සංශෝධනයට කැබිනට් පත්‍රිකාවක් 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. 24 July 2019
ලංකාවට කසළ එවීම ගැන බ්‍රිතාන්‍යයේ විමර්ශනයක් බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එරට පළවන ටෙලිග්රාෆ් පුවත්පත අද (24) අනාවරණය කළේය. 24 July 2019
බැඳුම්කර නඩුවේ 10 වැනි විත්තිකරුට සිතාසි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සඳහා පදනම් වන කරුණු ඇත්නම් දිවුරුම් ප්‍රකාශ මඟින් අගොස්තු මස 09 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයාට දැනුම් දුන් පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය සිංගප්පුරු පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය. 24 July 2019
‘ආවා’ කල්ලියේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට යාපනය මානිප්පායි පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරියකුට කඩු ප්‍රහාරයක් එල්ල කර පලා ගිය ආවා කල්ලියේ තවත් දෙදෙනෙකු චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 July 2019
දැරියක් අපයෝජනය කළ සිද්ධියක සැකකරුවකුට අත්හිටවූ සිර දඬුවම් බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා බර පතල වැඩසහිත වසර දෙකක සිර දඩුවමක්ද රුපියල් දස දහසක දඩයක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිමට නියම කොට සිර දඩුවම් වසර දහයකට අත් හිටුවනු ලැබීය. 24 July 2019
‘සහරාන් ගැන මුලින් තොරතුරු ආවේ ජනවාරි 26 - එදිනම පොලිස්පතිට කිව්වා’ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනි දා බවත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාව ලිඛිතව දැනුම්වත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අද(24) පැවසීය. 24 July 2019
‘ජනපති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරිව රාජපක්ෂලා කුලල් කාගන්නවා’ ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීමට නොහැකිව රාජපක්ෂ පවුල කුලල් කා ගනිමින් සිටින බව එක්සත් පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අද(24) පැවැසීය. 24 July 2019
බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැති ධූරයට තෙරේසා මේ මහත්මිය ඉවත්ව යෑමෙන් හිස්වූ බ්‍රිතාන්‍ය අගමැති ධූරයට බොරිස් ජොන්සන් මහතා පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 24 July 2019
පාසලෙන් දුන් කිරි බී සිසුන් 28ක් රෝහලේ පාසලෙන් ලබාදෙන කිරි පැකට් පානය කිරීම හේතුවෙන් වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත. 24 July 2019
සෑම වසරකදීම කළු ජූලිය සැමරීමට පියවර සෑම වසරකදීම කළු ජූලිය සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 24 July 2019
බදු නොගෙවීමෙන් මෙන්දිස් සමාගමේ නිෂ්පාදනාගාර 2කට සීල් තියයි රුපියල් කෝටි 78 ක බදු නොගෙවීම හේතුවෙන් මෙන්දිස් සමාගමේ වැලිසර හා මොරගොල්ල මත්පැන් නිෂ්පාදනාගාරවල නිෂ්පාදන අත්හිටුවා අද සිට සීල් තබා තිබේ. 24 July 2019
මධුෂ්ගේ ගෝලයෙක් අලුත්ගමින් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධුෂ් ගේ හා මාලිගාවත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නැමැත්තන්ගේ සමීපතමයෙක් අලුත්ගම දර්ගා නගරයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 24 July 2019
මීගහජදුරේ හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබළු 11 ක් රෝහලේ අනුරාධපුර ගල්කුළම යුද හමුදා කඳවුරට අයත් හමුදා ට්‍රක් රථයක් සූරියවැව මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදී අද (24) මාර්ගය හරහා පෙරළී යාමෙන් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි සූරියවැව පොලීසිය පවසයි. 24 July 2019
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට සාක්ෂරතා වැඩසටහනක් කියවීම හෝ ලිවීම යන අංශයන්හි හැකියාව නොමැති බන්ධනාගාරගතව සිටින තරුණ රැඳවියන්ට එම දැනුම ලබාදීමේ සාක්ෂරතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගාල්ල බන්ධනාගාරය කටයුතු කර තිබේ. 24 July 2019
පානදුර උතුර පොලීසියේ ගිනිඅවි අතුරුදන් වීමේ පරීක්ෂණ සීඅයිඩීයට පානදුර උතුර පොලිසියේ තිබු ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන් වීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 24 July 2019
ජනාධිපති සිනමා සම්මාන උළෙල 26 වැනිදා: මෙදා සම්මාන 96 ක් දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන “ජනාධිපති සිනමා සම්මාන උළෙල” මෙම මස 26 වැනි දින පස්වරු 6ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 24 July 2019
අවමඟුල් දවසේ තාත්තා කනත්තට-පුතා පොලිස් කූඩුවට මේ අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ වත්තල අවමංගල නිවසකිනි. මියගොස් සිටියේ ප්‍රසිද්ධ තැනැත්තෙකි. දේහය නිවසේ තැන්පත් කර තිබුණු අතර නැදෑහිතවතුන්ගෙන් නිවස පිරී පැවැතිණි. 24 July 2019
රවිගේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න මිලියන 364 ක් ඉල්ලයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වේ. 24 July 2019
සමන්තුරේ පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගැන හෙළිකළ ඔත්තුකරුට ලක්ෂ 50 ක් ජාතික තවුහීද් ජමාත් ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අනුමැතිය ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 July 2019
වැඩබලන විදේශ ලේකම් විපක්ෂ මන්ත්‍රීන්ගේ දැඩි දෝෂදර්ශනයට මෙරට අධිකරණයේ විභාගවන විශේෂ නඩු හතරක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකුට කරුණු දක්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා අගවිනිසුරුට සහ මහාධිකරණ විනිසුරුවරුන්ට කර ඇති දැනුම්දීම වහාම නතර කරන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 24 July 2019
විජිතපුර බළකොටුවට අයත් පුරාවිද්‍යා භූමියක අඹ - පොල් වගාකරලා කලාවැව ඉස්මත්තේ ධීවර ගම්මානයට ආසන්නයේ ඓතිහාසික විජිතපුර බළකොටුවට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භූමියක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර අඹ හා පොල් වගා කර ඇතැයිද මේ බව තමන් කැකිරාව රණජයපුර පොලිසියට පැමිණිලි කර ඇතැයිද පුරාවිද්‍යා නිලධාරීහු පවසති. 24 July 2019
ලැක්ටෝ වත්තෙන් 6 ක් අත්අඩංගුවට පුත්තලම - වනාතවිල්ලුව-ලැක්ටෝ වත්තේ සැක සහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් හය දෙනෙකු අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය කියයි. 24 July 2019
ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එයි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණියේය. 24 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026