IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මැනිං වෙළඳපළ අනිද්දා විවෘත කෙරේ


(ඩයනා උදයංගනී)

මේ වන විට වසා දමා ඇති පිටකොටුව මැනිං වෙළදපල අනිද්දා (29) සිට යළි විවෘත කිරීමට නියමිතය.

කොරෝනා වසංගතයෙන් ආරක්‍ෂාවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් මැනිං වෙළදපලෙහි කටයුතු යළි ආරම්භ කර පවත්වාගෙනයාමට කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සමිතියේ ලේකම් රොෂාන් කුරේ මහතා පැවසීය.

විශේෂයෙන්ම දෛනිකව මැනිං වෙළදපල වෙත පැමිණෙන පිරිස හා වාහන ප‍්‍රමාණය අඩුකිරීමේ සැලසුමක් ද මේ වන විට සකස් කර ඇතැයි ලේකම්වරයා සදහන් කළේය.

මැනිං වෙළදපල තුළ කටයුතු කිරීමේදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර ඇති අතර මුහුණු ආවරණ නොපැළදි කිසිවෙකුටත් එයට ඇතුළුවීමට ඉඩ නොදෙන බව ද රොෂාන් කුරේ මහතා කීවේය.

එමෙන්ම එයට ඇතුළුවීමේදී දෑත් පිරිසිදු කරගෙන පැමිණීමට පහසුකම් සලසා ඇති අතර පිරිස අතර මීටරයක පරතරයක් පවත්වාගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නිරන්තර දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.


එමෙන්ම මීට පෙර පස්වරු කාලයේදී විවෘත කෙරුණු ආර්ථික මධ්‍යස්ථාන ද උදෑසන 7.00 සිට විවෘත කර තැබීමට රජය කටයුතු කර තිබේ.


ඒ අනුව මෙතෙක් පස්වරු 2.00 සිට රාත‍්‍රී 12.00 දක්වා පමණක් විවෘත කර තැබුණු ආර්ථික මධ්‍යස්ථාන මේ වන විට උදෑසන 7.00 සිට දහවල් 12 දක්වාත් විවෘත කර තැබීම සිදුවේ.



අදහස් (1)

මැනිං වෙළඳපළ අනිද්දා විවෘත කෙරේ

අමරපාල නන්දසිරි Monday, 27 April 2020 03:16 PM

සුපර් මාර්කට් කරන නින්දිතවූ ගසාකෑම ගැන දුරකථනයෙන් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදී ඉතා විශාල ලෙස බොරු ගණන් අය කරමින් අපව සූරා කනු ලබයි. මෙම තත්වය බොහෝ සුපර් මාර්කට් වලද ඵකසේ සිදුකරමින් පවතී වගකිවයුතු බලධාරීන් වහා මේ ගැන අවධානය යොමුකල යුතුවේ.....

:       11       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site