( පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වසංගතයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (28) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල නීතිඥ සංගමය තීරණය කර ඇත .
කුරුණෑගල නීතිඥ සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය කුරුණෑගල නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ පියුමාල් හේරත් මහතා විසින් කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරුවරයාට සහ ඒ යටතේ වන සෙසු අධිකරණ වල විනිසුරුවරුන්ට හා වයඹ පළාත්බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයාටද ලිපි මඟින් අද දැනුම් දී ඇත .
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල මහාධිකරණ සංකීර්ණය , මහේස්ත්‍රාත් අධිකරණ හා වයඹ පළාත් සිවිල් අභියාචන මහාධිකරණය , පොල්ගහවෙල , රම්බඩගල්ල , පිලැස්ස , මහව , නිකවැරටිය , වාරියපොල , කුලියාපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණ තාවකාලිකව වසා දැමීමට මැදිහත් වන ලෙස කුරුණෑගල නීතිඥ සංගමය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඊයේ (26) දිනයේ ඉල්ලීමක්ද කර තිබුණි .
තවද පොල්ගහවෙල , වාරියපොළ ප්‍රදේශ මේ වන විට දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර අලව්ව , පොල්ගහවෙල සහ වාරියපොළ පොලිස් බල ප්‍රදේශ වලින් හමුවූ රෝගය ආසාදනය වූ තැනැත්තන් හා ගැවසුණු පුද්ගලයන් නිසි පරිදි අනාවරණය කර ගන්නා තුරු මෙම අධිකරණද ඉහළ අවදානමක් පවතින අධිකරණ ලෙස පියුමාල් හේරත් මහතා එමගින් පෙන්වා දී ඇත.
මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට දිනයේ සිට මෙසේ තාවකාලිකව නඩු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව පියුමාල් හේරත් මහතා සඳහන් කළේය .
මෙසේ කඩු කටයුතු වලින් ඉවත් වීමෙන් පසුව ඉහත අධිකරණ වල ඇති තම නඩු කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තම නීතිඥවරුන් අමතා ලබා ගන්නා ලෙසද නීතිඥ පියුමාල් හේරත් මහතා මහජනතාව දන්වා සිටියි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති
de silva Monday, 27 April 2020 04:23 PM
හොඳ තීරණයක් දිනකට , අධිකරණයේ නඩු කටයුතු සදහා 500- 600 එකම ශාලාවක රැස්වෙනවා. නඩුවකට ගියොත් , මෙහිදී කොරෝන බෝවීම සීග්‍රයෙන් සිදුවෙන්න පුළුවන් , මිනිස්සුන්ට පල්ලි යන්න එපා කොරෝන බෝ වෙනවා... නමුත් උසාවි ගියාට කමක් නැහැ කියල කියන එක විහිළුවක්...
prjy60529@මිල්.com Tuesday, 28 April 2020 02:09 AM
පව් පල දෙන කාලය නිසා කරපු කියපු දේවල් මතක් වෙන්න ඇති. නැත්නම් වෛද්‍යවරු අපුරුවට වැඩ කරන්නේ.