මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ලේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියට අදාල නඩුව මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (25) නියෝග කළේය. 25 July 2019
විශ්‍රාමිකයන්ගේත් - ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අඩු කෙරේ විශ්‍රාමිකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවන බැංකු පොලී අනුපාතය ජූලි මාසය අගදී තවදුරටත් අඩු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 25 July 2019
නව ව්‍යවස්ථාව අතරමග නැවතීම ගැන දොසින් කොටසක් ආණ්ඩුව බාරගත යුතුයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ කටයුතු අතරමග නැවතීම පිළිබඳ දොසින් කොටසක් ආණ්ඩුවත් බාරගත යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටු නියෝජිත, එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 July 2019
නව දේශපාලන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට හෙට අත්සන් තැබේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හෙට (26) පෙරවරු 9.00 අත්සන් තැබීමට නියමිතය. 25 July 2019
නව ව්‍යවස්ථාවක් නොගෙනාවොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවේවි නොබෙදුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී අද(25) පැවසීය. 25 July 2019
සහාරාන්ගේ ගෝලයින් 8ක් අගෝ. 7 දක්වා රිමාන්ඩ් සහරාන් සමග ආයුධ පුහුණුව ලැබූ, දේශනවලට සහභාගී වූ, අධිකරණ නියෝගය මත දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලද සැකකරුවන් 14 දෙනෙකුගෙන් අටදෙනෙකු අගෝස්තු 7වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුනේ මහේස්ත්‍රාත් අයි.එම්.රිස්වාන් මහතා අද(25) නියෝග කළේය. 25 July 2019
‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූට ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍ර ඔවුන්ට බාරදුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කළේය. 25 July 2019
‘නිල මැදුර’ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට නාරහේන්පිට, ඇල්විටිගල මාවතේදී ඉදිකරන ලද ”නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනතා අයිතියට පත් කෙරිණ. 25 July 2019
‘ජනාධිපතිවරණය ජයගත හැකි කිසිවෙක් ශ්‍රිලනිපයේ නැහැ‘ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි මට්ටමේ කිසිදු පුද්ගලයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා අද (25) පැවැසීය. 25 July 2019
වෛද්‍ය සාෆි අධිකරණයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 25 July 2019
පළාත් ඡන්දය ඉක්මණින් පවත්වන්නැයි යෝජනාවක් මැතිවරණ කල් නොදමා වහා මැතිවරණ පවත්වන්නට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී යෝජනාවක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 25 July 2019
‘කටුනායකට පැමිණි නමක් නැති ගුවන්යානය ගැන හෙළිකරන්න’ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලට දින කිහිපයකට පෙර පැමිණ තිබූ නාමයක් සඳහන් නොවන ගුවන් යානය කුමක්දැයි රජය විසින් රටට කරුණු හෙළි කල යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසීය. 25 July 2019
සායනික අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන ලෙස තබාගැනීමට එකඟවෙයි කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ එම ස්ථානයන්හි පරිසරයට හානි නොවන ලෙස පවතින ආකාරයෙන්ම තබා ගන්නා බව නීතිපතිවරයා අද (25) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. 25 July 2019
පුත්තලම මැලේරියා ඇළෙන් මැගසින් - පතුරොම් හමුවෙයි පුත්තලම නගරයේ අපජලය බැහැර කරන මැලේරියා ඇළ තුළ තිබී මැගසින් 3ක් හා පතුරොම් 30ක් අද(25) හමුවී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 25 July 2019
ලක්ෂ 50 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය ගුවන් මගින් බෙදාහැරීමේ නිරත පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ මීගමුව පෙරියමුල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 25 July 2019
ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක් මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. 25 July 2019
තිරිඟු පිටිවලටත් මිල සූත්‍රයක් තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ. 25 July 2019
සෞඛ්‍යයට නව සැලසුම් අධ්යක්ෂවරයකු පත්කළාට රාජිතගේ දැඩි විරෝධය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය සඳහා නව අධ්යක්ෂ ජනරාල්වරයකු ඊයේ (24) පත්කර ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැඩි විරෝධය දක්වා තිබේ. 25 July 2019
පාසලේ සෙල්ලම් කරද්දී හිස ගලක වැදී සිසුවා මරුට පාසල් විවේක කාලයේදී ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි 12 හැවිරිදි සිසුවකු බිම වැටී හිස ගලක වැදීමෙන් මාවතගම රෝහලට ඊයේ (24) ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මාවතගම පොලිසිය කියයි. 25 July 2019
ප්‍රහාරයට අයිඑස් සම්බන්ධ බවට තවම පැහැදිලි සාක්ෂි නෑ පාස්කු ඉරිදා ප්‍රහාරයට අයි.එස්.අයි.එස්. සංවිධානය සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තවමත් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24) පැවසීය. 25 July 2019
දෙපැත්තේම මන්ත්‍රීවරු තේරීම් කාරක සභාවක් ඉල්ලති මෙරට අධිකරණයේ විභාග වන විශේෂ නඩු හතරක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු හමුවේ කරුණු දක්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා අගවිනිසුරුවරයාට හා මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම්දීමේ සිද්ධිය සම්බන්ධව සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි දෙපාර්ශ්වයේම මැති ඇමැතිවරු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඊයේ (24) ඉල්ලා සිටියහ. 25 July 2019
උපාධිධාරීන්ට රස්සා දෙද්දී බාහිර උපාධි තුට්ටුවට දාලා උපාධිධාරීන්ට රැකියා දීමේදී බාහිර උපාධිය නුසුදුසුකමක් ලෙස සලකන්නේ කුමන නිර්ණායක අනුවදැයි ආණ්ඩුව වහාම ප්‍රකාශ කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. 25 July 2019
වරායේ රඳවාගත් කුණු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක් එංගලන්තයෙන් ආනයනය කරන ලදුව රේගුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ වරායේ සීඅයිසීටී පර්යන්තයේ රඳවා ඇති අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක් නිකුත්වන බව රේගු සහ වරාය නිලධාරීහු කියති. 25 July 2019
කසළ කන්ටේනර්වල මිනිස් සිරුරු කොටස් බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර්වල මිනිස් සිරුරු කොටස් ඇති බවට ශ්‍රී ලංකා බලධාරීන් අනුමාන කිරීම සැලකිල්ලට ගනිමින්, ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට බි්රතාන්යය රජය සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ‘ටෙලිග්රාෆ්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 25 July 2019
යාපනය සරසවි සිසු ගැටුමකින් 11ක් රෝහලේ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 25 July 2019
වැඩ බලන ඇමැතිවරුත් ඉදිරිපෙළ අසුන් ඉල්ලති වැඩබලන අමාත්‍යවරුන් අමාත්‍යවරුන් ලෙස පාර්ලිමේන්තුව තුළ පිළිගනු ලබන්නේ නම් තමාටත් රජයේ අනෙක් වැඩ බලන ඇමැතිවරයාටත් පාර්ලිමේන්තු සභාවේ කැබිනට් ඇමැතිවරුන්ට හිමි ඉදිරිපෙළ අසුන් හිමිවිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සමූපකාර සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (24) පැවැසීය. 24 July 2019
උසස්වීම් ක්‍රමවේදය ගැන හමුදා ලොක්කන් කනස්සල්ලෙන් යුද හමුදාවේ නිල උසස් කිරීමේ විභාගයට පෙනී සිටින වාර ගණන අඩු කිරීමට යුද හමුදාවේ පිරිස් පාලන අධ්යක්ෂවරයා පසුගිය මාසයේ නිකුත් කර ඇති නියෝගයක් මගින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් දැඩි අසාධාරණයට ලක්වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 24 July 2019
කසල ගෙන්වීමට අවස්ථාව ලබාදුන් ගැසට්ටුව අවලංගු කරන්නේ නෑ විදේශ රටවලින් කසල ගෙන්වීමට අවස්ථාව සැලසුන බව කියැවෙන 2013 වසරේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු නොකරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය. 24 July 2019
කළු ගඟ ජලාශයේ කටයුතු ලබන මාසයේදී අවසන් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 24 July 2019
‘‘රවීගේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න කිසිම අවශ්‍යතාවයක් නෑ‘‘ විදුලි බල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කර රුපියල් කෝටි 364 ක වියදමින් වෙනත් ස්ථානයකට ගෙන යාමේ හදිසි අවශ්‍යතාවය කුමක්දැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට වහාම කරුණු දැක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය. 24 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026