ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගත්තේය. 28 July 2019
පළාත් පාලන නියෝජනය අඩු කළ යුතුයි පළාත් පාලන නියෝජිතයන් ගෙන් තුනෙන් එකක්වත්, ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර අඩු කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි. 28 July 2019
පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම්කරයි දුම්රිය, ලංගම සහ සියලුම පොදු ප්‍රවාහන සේවාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ. 28 July 2019
මුස්ලිම් මන්ත්‍රීවරු නැවතත් ඇමතිධුර බාරගැනීම තීන්දුව හෙට ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත එම ධුර ලබාගැනීම පිළිබඳව හෙට (29) පෙරවරුවේ තීන්දුවක් ගැනීමට නියමිතය. 28 July 2019
නිදහස් සංචාරක වීසා දීමෙන් බිලියන 10ක පාඩුවක් ඉන්දියාව, චීනය ඇතුළුව රටවල් 45ක් සඳහා ලබන මස 1 වැනිදා සිට නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව වාර්තා වේ. 28 July 2019
රටවල් 10ක සංචාරකයින්ට ගාස්තු රහිත වීසා රටවල් 10 කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපලේදීම ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි. 28 July 2019
පේරාදෙණිය සරසවියට නව උපාධි පාඨමාලා 2ක් ලබන වසරේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නව උපාධි පාඨමාලා 2ක් හඳුන්වා දී තිබේ. 28 July 2019
ඇෆ්ගන් රජය සමග සෘජු සාකච්ඡා නෑ - තලේබාන් සංවිධානය ඇෆ්ගන් රජය සමග සෘජු සාකාච්ඡා පැවැත්වීමට කිසිම අදහසක් නැතැයි තලේබාන් සංවිධානය පවසයි. 28 July 2019
බංග්ලාදේශය කඩුලු 8 ට 238 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් ලබාගත්තේය. 28 July 2019
කුලියාපිටියේ නව අධ්‍යාපන විද්‍යා පීඨයක් කුලියාපිටියේ නව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 28 July 2019
කුලියාපිටිය දරුවාට යළි පාසල් ගමන අහිමි වෙයි මවට ඒඞ්ස් රෝගය වැළඳී ඇතැයි පාසලෙන් ප්‍රතික්ෂේප වූ විට මධ්‍යම පළාතේ පාසලකට ඇතුළත් කරගනු ලැබූ කුලියාපිටියේ දරුවාට යළි පාසල් ගමන අහිමිවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. 28 July 2019
ජම්බුගස්මුල්ල වෙඩිතැබීමට ආ පුද්ගලයන්ගේ යැයි සැකකරන යතුරුපැදිය හමුවෙයි කොහුවල ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයන් දෙදෙනාට වෙඩි තැබීම සඳහා නාඳුනන පුද්ගලයන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (28) දහවල් සොයා ගත් බව කොහුවල පොලිසිය පවසයි. 28 July 2019
යාපනය පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනියව ඝාතනය කරලා යාපනය පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනියකගේ දෑත් ගැටගසා අමානුෂික ලෙස ඝාතනය කර ළිඳක දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 28 July 2019
දරු උපතේදී මව්වරුන් මියයාම ඉහළයයි ශ්‍රී ලංකාවේ දරු උපත්වලදී මව්වරුන් මියයාම ඉහළයමින් තිබෙන අතර, සජීවී දරු උපත් 100,000කට මව්වරු 40ක් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය. 28 July 2019
‘ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙන්න විදේශීය රටවලට අයිතියක් නෑ’ ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න විදේශීය රටවලට කිසිදු අයිතියක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (28) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවසීය. 28 July 2019
බංග්ලාදේශය පන්දුවට පහරදීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 28 July 2019
අපේක්ෂකයා ගැන තීරණය ගන්න කලින් අගමැති සුළු පක්ෂ හමුවෙයි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව එම පක්ෂය සමගින් එක්ව සිටින සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර ඇත. 28 July 2019
‘ඇතැමුන්ට සජිත් භීතිකාවක් ඇතිවෙලා’ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බැවින් ඇතැමුන්ට සජිත් භීතිකාව සෑදී ඇතැයි විදේශ රැකියා, විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී අද (28) පැවසීය. 28 July 2019
‘දකුණේ කිසිම සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය ලැබෙන්නෙ නැහැ’ ඉදිරි ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක හෝ එකී පක්ෂයකින් එන සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය හිමිනොවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇත්තේ ද බලවත් අප්‍රසාදයක් හා කලකිරීමක් බවත් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ.සිවාජිලිංගම් මහතා කීය. 28 July 2019
අනතුරට ලක්ව ඇති නෞකාව ඉවත් කරන්න දැනුම් දෙයි රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදී අනතුරකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් කරගන්නා ලෙස අදාළ නැව් සමාගමට දැනුම් දී ඇති බව සමුද්රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පැවසීය. 28 July 2019
කොහුවල වෙඩි තැබීමක් අයෙක් මරුට කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී අද(28) අලුයම ජීප් රථයකින් ගමන්ගමිනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇතැයි කොහුවල පොලිසිය කියයි 28 July 2019
වැදගත් දේශපාලන පෙරළියක් වෙනවා ‘2015 මැතිවරණයෙන් පස්සේ ඉතාමත් වැදගත් දේශපාලන පෙරලියක් හෙට අනිද්දා ඇති වෙනවා. එය පළාත් සභා මැතිවරණය හරහා හෝ ජනාධිපති වරණය නිසා වෙන්න පුඑවනි. නමුත් මේ මාසයේ 30 වැනිදායින් පස්සේ කාලය බැලුවාම ඒ කාලය තුළ පළාත් සභා මැතිවරණයක් තියන්න බැහැ..“ යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස.) ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අද (27) පස්වරුවේ නිවිතිගලදී පැවැසීය. 27 July 2019
ඉදිරි ජනපතිවරණයට චමල් ඉදිරිපත් වීමට ඉඩ තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් නොකොට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩකඩ පවතින බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන සහ ධීවර අමාත්‍ය පී. හැරිසන් මහතා අද (27) කැකිරාවේදී පැවසීය. 27 July 2019
ශ්‍රීලනිප යම් පිරිස් එජාපයත් සමග එකතු වෙන්න අදහසක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. 27 July 2019
සජිත් රටට ඇති එකම විකල්පයයි සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව දේශපාලනය කිරීමේ තේරුමක් නැති බවත්, අවුරුදු 52ක තරුණයෙක් වන ඔහු රටට තියෙන එකම විකල්පය විය හැකි බව තමා විශ්වාස කරන බවත් විදේශ රැකියා, විදුලි සංදේශ හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේද අද (27) පැවැති මාධ්‍යහමුවකදී පැවසීය. 27 July 2019
මධ්‍යධරණී මුහුදේදී බේරාගත් සංක්‍රමණිකයන් 150 ක් ගුවන් ප්‍රහාරයකින් මරුට මධ්‍යධරණී මුහුදේදී බේරාගත් සංක්‍රමණිකයන් 150 දෙනකු ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය අද (26) සඳහන් කළේය. 26 July 2019
ශ්‍රී ලංකාවට ලකුණු 91ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 26 July 2019
නීතිඥවරයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය කාලය පුරා නිසි ක්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කර ඇතැයි කියමින් සහ එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් නීතීඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය. 26 July 2019
හිටපු අගවිනිසුරු ශ්‍රී පවන්ගෙන් ජනපති කොමිසමට ලිඛිත ප්‍රකාශයක් 2015 ‐ 2018 දක්වා කාලයේ සිදුව ඇතැයි කියන වත්මන් රජයේ ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන බව හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා අද (26) එම කොමිසමට දන්වා ඇත. 26 July 2019
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව අගෝ. 30 දාට කල්යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු ඇති ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන අගෝස්තු 30 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය. 26 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026