කසල ආනයනය වැළැක්වීමට ගොනු කළ රිට් පෙත්සම විභාගය සැප්තැම්බරයට ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද, ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සැප්තැම්බර් 20 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය. 31 July 2019
නන්පෙරියල් ගින්න නිවන්න දෙවැනි දිනටත් හෙලිකොප්ටරයක් යොදා ගනී ලෝකාන්තයට පහළ බළන්ගොඩ නන්පෙරියල් සහ ආදරකන්ද ප්‍රදේශවල රක්ෂිතය පුරා හතරවන දිනයටත් පැතිරයන් ගින්න නිවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අද (31) දෙවැනි දිනයටත් යොදා ගනු ලැබීය. 31 July 2019
පරෙවියන්ට ගැටී 13 ක් අත්අඩංගුවට පරෙවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් දරුවන් දෙදෙනාගේ ඥාතීන් අතර සිදුවූ පහරදීමක් අතරතුර ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 31 July 2019
‘‘නිලධාරීන් වගකීම් නිසි පරිදි ඉටු කළා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා‘‘ නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කළා නම් නිලධාරීන් තමන් දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පස්වරුවේ ප්‍රකාශ කළේය. 30 July 2019
පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් මිලියන පහක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ප්රදානය කරන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා අද (30) ප්‍රකාශ කළේය. 30 July 2019
මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත් පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙතින් රැගෙන යෑමට පැමිණි තරුණයෙකු අද (30) රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 30 July 2019
තලතාගෙන් බුර්කාව තහනම් කරන්න කැබ්නට් මණ්ඩලයට පනත් කෙටුම්පතක් බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා අද (30) ඉදිරිපත් කරනු ලැබීය. 30 July 2019
‘ජනාධිපති ආරාධනා කළොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නවා’ ජනාධිපතිවරයා ආරාධනා කළහොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නා බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පැවැසීය. 30 July 2019
ශිෂ්‍යත්ව පංති හෙට රෑ සිට තහනම් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති හා සම්මන්ත්රණ ආදිය පැවැත්වීම හෙට (31) මධ්‍යම රාත්‍රී 12 පසුව තහනම් වේ. 30 July 2019
කැබිනට් රැස්වීමේදී නවීන් - දිගම්බරම් ගැටෙති වතු කම්කරුවන්ට රජයෙන් වැඩිකළ රුපියල් 50 ක දෛනික මුදල ලබාදීම සම්බන්ධයෙන් අද (30) පැවැති කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක සහ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් යන මහත්වරුන් අතර මත ගැටුමක් ඇති වූ බව වාර්තාවේ. 30 July 2019
නීතිඥ මනෝජ්ට එරෙහිව පොලිසිය ආයතන තුනකට පැමිණිලි කරන්න යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල වෛද්‍ය සාෆි සිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන විවේචනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය ඉදිරියේ දී වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට, ශ්‍රේෂ්ඨාධිකරණයට හා නීතිඥ සංගමයට පැමිණිලි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 30 July 2019
ආනයනික මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරයක් මෙරටට ආනයනය කරන සියලුම මත්පැන් බෝතල්හි ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබේ. 30 July 2019
හිස්බුල්ලාට එරෙහිව රතන හිමියෝ කළ පැමිණිල්ල සිඅයිඩිය විමර්ශන අරඹති මඩකලපුව විශ්ව විද්‍යාලය නමින් විශ්ව විද්‍යාලයක් ඉදිකරමින් පවතින බවත් එයට සෞදි ආරබියේ තහනම් කරන ලද සංවිධානයක් විසින් ඩොලර් මිලියන 100 ක පමණ මුදලක් ලබාදී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අතුරලියේ රතන හිමියන් නැගෙනහිර හිටපු ආණ්ඩුකර ඒ.එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා එරෙහිව මඩකලපුව පොලිස් අධිකාරිවරයා වෙත කළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධීක්ෂණය යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන 30 July 2019
දුමින්ද පැය 7 ක් ප්‍රකාශ ලබා දෙයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ අද (30) පැය හතකට වැඩි කාලයක් ප්‍රකාශ ලබා දී ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය. 30 July 2019
ගෝලීය සමාජ නායක සමුළුවට 11 ක් එංගලන්තයට යති එංගලන්තයේ වෙලින්ටන් දී පැවැත්වෙන ගෝලීය සමාජ නායක සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියන් 11 දෙනෙකු සහභාගි වීමට සුදුසුකම් ලබා ඇත. 30 July 2019
කුණු කන්ටේනර් පෙත්සමේ තීරණය හෙට කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු කන්ටේනර් යළි එරටට යවන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබඳ නියෝග හෙට (31) ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය එම පෙත්සමේ පාර්ශ්වකරුවන්ට අද (30) දැනුම් දුන්නේය. 30 July 2019
හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගියේ කොස්ගොඩ තාරකගේ ගෝලයෙක් යතුරු පැදියකින් ගොස් මත්තෙගොඩ කිරිගම් පමුණුවේ දී වෑන් රථයක් කොල්ල කා එම වෑන් රථය ද සමඟ පලායන අවස්ථාවේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ දී හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කොල්ලකරුවෙක් කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 30 July 2019
‘‘රට කුඩු - කසළ මධ්‍යස්ථානයක් වුණේ ඍජු වැඩපිළිවෙලක් නැති නිසයි‘‘ වාණිජ, නාවුක හා ගුවන් මධ්‍යස්ථානයක් කරගෙන තිබූ රට කුඩු හා කසළ මධ්‍යස්ථානක් බවට පරිවර්තනය වී ඇත්තේ රටට ප්‍රතිපත්තියක් හා ඍජු වැඩපිළිවෙලක් නැතිකම නිසා යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 30 July 2019
හකීම් - රිෂාද් කැබිනට් රැස්වීමට ඇමැති ධූරවල යළි දිවුරුම් දුන් රාවුෆ් හකීම් සහ රිෂාද් බදියුදීන් යන ඇමැතිවරු දෙදෙනා අද (30) උදේ පැවති කැබිනට් රැස්වීමට සහභාගී වුහ. 30 July 2019
පට්ටිගොඩදී දුම්රියෙන් වැටුණු පාසල් සිසුවාට බරපතලයි හීන්දෙනිය - පට්ටිගොඩ ප්‍රදේශයේදී අද (30) සවස දුම්රිය අනතුරකට ලක්වූ බව කියන පාසල් සිසුවෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 30 July 2019
රංජන් අධිකරණයට අපහාස කළැයි කී වීඩියෝ දසුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ අඩංගු සංස්කරණය කළ හා නොකළ රූපවාහිනී විඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (30) ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි. 30 July 2019
ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධ නීතිපති උපදෙස් ගන්න නියෝග ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සාදයක් අතරට පොලීසිය කඩාවැදීමෙන් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් වූ සීසීටීවී කැමරා දර්ශන වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඊළග නඩු දිනයට ඉදිරිපත් කරන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ. නිල්මිණී රන්කොන්ත්ගේ මහත්මිය අද (30) රහස් පොලීසිය නියෝග කළාය. 30 July 2019
‘මඩකලපු සරසවිය රජය සමඟ එක්ව ආරම්භ කරන්න සුදානම්’ මඩකලපුව පුනානිහි ස්ථාපිත කිරිමට නියමිත විශ්ව විද්‍යාලය රජය සමඟ එක්ව ආරම්භ කිරීමට තමා සුදානම් යැයි බැට්කොලෝ කැම්පස් පුද්ගලික සමාගමේ සභාපති, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කොළඹ දී අද (30) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 30 July 2019
අලුත් පනත ආවොත් විශ්ව විද්‍යාල පද්ධතිය අනතුරේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකබව සහ තත්ත්ව ආරක්ෂණය අවශ්‍ය බව පවසමින් ආණ්ඩුව ගැසට් කර තිබෙන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බරපතළ හානියක් සිදුවන ආචාර්ය දිලීප විතාරණ මහතා අද (30) පැවැසීය. 30 July 2019
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වෙතින් කෝටි 8800 ක බැංකු ණය එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපෘති 90,000 ක් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබා දී තිබේ. 30 July 2019
කුඩු ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරිමින් සිටියදී හෙරොයින් කිලෝවක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) මරණ දඬුවම නියම කළේය. 30 July 2019
අගෝස්තු 1 දා සිට ගාලු කුමාරිය අලුත් වෙයි ලබන 1 දා සිට මරදාන - බෙලිඅත්ත සහ බෙලිඅත්ත - මරදාන අතර ධාවනය කෙරෙන ගාලු කුමාරි දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ එස් - 13 වර්ගයේ නවීන ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසයි. 30 July 2019
අනුර සේනානායකගේ නඩුව ඔක්තෝබර් 23 දා සිට විභාගයට රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියම කළේය. 30 July 2019
‘ජවිපෙ ජනපති අපේක්ෂකයා 18 වැනිදා කියනවා‘ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අගෝස්තු 18 වැනිදාට ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (30) පැවසීය. 30 July 2019
ජ’පුර උපකුලපතිට අග්නිදිග ආසියා විශ්ව විද්‍යාල කලාපීය නියෝජිත ධූරයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමයේ අග්නිදිග ආසියානු විශ්ව විද්‍යාල කණ්ඩායමේ කලාපීය නියෝජිත ලෙස ඉකුත් දා තේරී පත්විය. 30 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026