සහරාන් කපටිකමින් මඟහැර ගියා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තව්හීත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් අල්ලා ගැනීමට උත්සාහ දැරුවත් ඔහු කපටිකමින් මඟහැර ගිය බව එම කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (1) පැවැසීය. 02 August 2019
සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ එම නඩුවේ චූදිතයකු වූ ප්‍රේමසිරි පරමාන යන මහත්වරුන්ට බරපතල වැඩ ඇතිව වසර 05 ක සිර දඬුවමක් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (02) නියම කෙරිණි. 02 August 2019
අලි රොෂාන් ඇතුළු 8ක් ඇප මත නිදහස් අලි රොෂාන් හෙවත් එස්.එන්.රොෂාන් ඇතුළු සැකකරුවන් අටදෙනෙකු එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(02) නියෝග කළේය. 02 August 2019
‘ආසියාන්’ සමුළුව පැවතියදී තායිලන්තයේ සුළු පිපිරීම් 6ක් ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) පැවැත්වෙන අද(02) දිනයේ සුළු පිපිරීම් තුනක් සිදුවී ඇති බව තායිලන්ත පොලිසිය පවසයි. 02 August 2019
මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට සහ පොසොන් සතිය , මිහින්තලා පෙරහර ජාතික උත්සවයක් ලෙසද ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. 02 August 2019
මහනුවර ඇසළ පෙරහරේ කප්සිටුවයි ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය අද (2 වැනිදා) අලුයම 5.10 ට යෙදුණු සුභ මොහොතින් උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කර තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි. 02 August 2019
‘හජ්’ නිවාඩුව ලබන මුස්ලිම් පාසල් ඇරඹීම අගෝ.19 දා හජ් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු මුස්ලිම් පාසැල් සඳහා අගෝස්තු මස 15 සහ 16 යන දෙදින නිවාඩු ලබා දීමටත් ඒ අනුව දෙවන වාරය සඳහා නැවත පාසැල් විවෘත කිරීම ලබන අගෝස්තු 19 වන දා දක්වා කල්දැමීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 02 August 2019
නෙදර්ලන්තයේ බුර්කාව තහනම් කරයි නෙදර්ලන්තය බුර්කාව හෝ නිකාබය හෝ සහ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් නීතියක් ගෙනා අතර එය අද (1) සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 01 August 2019
මත්තේගොඩ වෑන් රථ කොල්ලයේ කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය සොයාගනී මත්තේගොඩ කිරිගම් පමුණුව ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි බවට හඳුනාගෙන ඇති යතුරු පැදිය මිහින්තලේ පොලිස් වසමට අයත් එකක් බවත් එහි චැසි අංකය ව්‍යාජ ලෙස සකසා ඇති බවත් මත්තේගොඩ පොලිසිය පවසයි. 01 August 2019
’“මෙට්‍රො හෝම්ස් ’’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ අදියර 3 යටතේ රුපියල් මිලියන 7000 ක වියදමින් ඉදිකරන ලද නිවාස 626 ක් සහ කඩකාමර 120 කින් සමන්විත ’’මෙට්‍රො හෝම්ස් ’’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුකෙරිණි. 01 August 2019
‘රටේ වගකීම භාරගන්න මම සූදානම්’ රටේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ බව විවෘතව ප්‍රකාශ කළ බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(01) පැවසීය. 01 August 2019
රිෂාඩ් මන්නාරම අගරදගුරු හමුවීමට යයි ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට තමන් සහාය පලකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (01) පැවැසීය. 01 August 2019
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 01 August 2019
ඔසාමා බින් ලාඩ්න්ගේ පුතා ගුවන් ප්‍රහාරයකින් මරුට අල්කයිඩා සංවිධානයේ නායකයා වනු ඇතැයි පැවැසුණු හම්සා බින් ලාඩ්න් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි. 01 August 2019
පොළොන්නරුව ජාතික වනෝද්‍යානයේ 149 දෙනෙක් කුඹුරු කරති පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී, පරිසරයට හානි වන ආකාරයට කුඹුරු වගා කළ පුද්ගලයින් 149 දෙනෙකු ඉන් වහා ඉවත් කරන ලෙස පොළොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක අසේල ද සිල්වා මහතා අද(01) පොළොන්නරුව අඩවි ආරක්ෂක නිලධාරීන්ට නියෝග කළේය. 01 August 2019
නියඟයෙන් 625,000ක් පීඩාවට දිවයිනේ පුරා දිස්ත්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 176,152 කට අයත් පුද්ගලයින් 625,770 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 August 2019
හේමසිරිට - පූජිතට එරෙහි ප්රතිශෝධන ඇයදුම්පත සැප් 6 දා විභාගයට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන ඇයදුම්පත පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප්රතිශෝධන ඇයැදුම්පත සැප්තැම් 01 August 2019
විජයදාසට බැණ තර්ජනය කළ ගුරුවරයාට ඇප නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කළ නඩු විභාගය අතරේ ලබාදුන් විවේකයේ ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට බැණ තර්ජනය කළ උපකාරක පන්ති ගුරුවරයකු අධිකරණ බාරයට ගෙන පසුව රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (1) නියෝග කළේය. 01 August 2019
උතුරේ පක්ෂ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එක්වෙයි දෙමළ ජාතික සන්ධානයට එරෙහි නව දේශපාලන සන්ධානයක් උතුරේ දේශපාලන පක්ෂ ඒකරාශී කරමින් ආරම්භ කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. 01 August 2019
‘රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප් අර්ධ රාජ්‍ය අංශයට නොදීම අසාධාරණයි’ රාජ්‍ය අංශයේ සේවකයින්ට 2019 අයවැය මගින් ලබාදුන් රුපියල් 2500 ක වැටුප් වැඩිවීම අර්ධ රාජ්‍ය ආයතන ලෙස සැලකෙන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අධිකාරී සේවකයින්ට නොලැබීම අසාධාරණයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 August 2019
හැරිසන් - රංජිත්ගේ අමාත්‍යාංශ විෂයන්වල වෙනසක් පී.හැරිසන් මහතාගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂයන්වල වෙනසක් සිදුකර තිබේ. 01 August 2019
ගබ්සාවකට ලක්වූ 14 වියැති සිසුවිය අසාධ්‍යව රෝහලේ නීති විරෝධී ගබ්සාවකට ලක්ව අධික ලෙසින් රුධිරය වහනය වීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත් 14 වන වියේ පසුවන පාසල් සිසුවියක් අද (01 ) උදේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව පල්ලම පොලිසිය කියයි. 01 August 2019
දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ උත්සවය ආරම්භයේදී ගැටුමක් දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ආරම්භ වු අද (01) දින කප් සිටුවීමේ චාරිත්‍රය සිදු වන අවස්ථාවේ දී දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ පුද්ගලයින් කිහිපදෙනකු අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී දැඩි නොසන්සුන් තත්වයක් හට ගත්තේය. 01 August 2019
ශ්රීලනිපය ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයේ ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ එය දෙවැනි බලවේගලය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (1) කොළඹ දී පැවසීය. 01 August 2019
‘ආරක්ෂක මණ්ඩල රැස්වීමට ජූජිත් එපා යැයි මට කිව්වා’ පාස්කු ඉරුදින ප්‍රහාරය දැනගෙනත් යම් බලධාරියකු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත්තා නම් එය බරපතළ මට්ටමේ රාජකාරි පැහැර හැරීමක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවැසීය. 01 August 2019
මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කළේය. 01 August 2019
පාන්පිටි - කිරිපිටි වලටත් මිල සුත්‍රයක් පාන් පිටි සහ කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සකස් කර ඇති බවත් ඉදිරි දිනකදී එම මිල සූත්‍ර ජනතාවට හෙළි කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය. 01 August 2019
සබරගමු සරසවිය වීඩීයෝ කළ තරුණයෙක් රිමාන්ඩ්:එහි සිටි සරසවි සිසුවාට ඇප සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරෙන් විඩියෝ කළ තරුණයෙක් මේ මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු සමඟ සිටි එම සරසවියේ තුන්වන වසරේ ඉගනුම ලබන තවත් සිසුවෙකු රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙසත් බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) නියෝග කළේය. 01 August 2019
වසර දෙකක් සිසුවියකව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට පාසැල් සිසුවියකව වසර දෙකක කාලයක පටන් අපයෝජනය කළ පුද්ගලයකු අද(01) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි. 01 August 2019
පාස්කු ඉරිදා ප්‍රහාරය මා දැනගත්තෙත් වෙබ් එකෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සමහරුන් හුවමාරු කරගෙන තිබූ බුද්ධි තොරතුරු තමාට දැනගන්නට ලැබුණේ ඒ ප්‍රහාරයෙන් පසුව විවිධ සමාජ මාධ්‍යවලින් යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවැසීය. 01 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026