විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් පවත්වා මහජන පීඩාවක් ඇති කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව නොවැම්බර් 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. 05 August 2019
තවත් පොලිස් ලොක්කන් 49කට ස්ථාන මාරු සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 49 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු කර තිබේ. 05 August 2019
නීතිපති උපදෙස් නැතිව ඥානසාර හිමිට එරෙහි නඩුවක් කල් යයි පොළොන්නරුව සින්නවෙට්ටි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතීන් අතර අසමගියක් ඇතිවන ප්‍රකාශයක් කළැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි පැමිණිල්ල නීතිපති උපදෙස් ලැබෙන තෙක් දෙසැම්බර් 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 05 August 2019
තිදරු මවකට අතවර කළ අයෙක් අත්අඩංගුවට බලහත්කාරයෙන් නිවෙසකට ඇතුළු වී තිදරු මවකට බරපතල ලෙස ලිංගික අපයෝජනය කළේ යැයි කියන දෙදරු පියෙකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 05 August 2019
විරෝධතා පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. 05 August 2019
ලෝටස් පාර වහයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් නිසා කොළඹ ලෝටස් මාර්ගය වසා දමා තිබේ. 05 August 2019
විභාග දෙපාර්තමේන්තුවට අයත් රථ දෙකක් ගැටී 9ක් රෝහලේ අපොස උසස්පොළ විභාග ප්‍රශ්න පත්‍ර රැගෙන යාපනයට ගොස් නැවත පැමිණෙමින් සිටි විභාග දෙපාර්තමේන්තුවට අයත් ලොරියක් සහ විභාග කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රියක් අඹන්පොල කාසිකොටේ ආසන්නයේ දී එකිනෙක ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ 09 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ . 05 August 2019
පොලිස් ස්ථානාධිපතිවරුන් 21කට මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 21 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි. 05 August 2019
ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 05 August 2019
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (05) දිවුරුම් දුන්හ. 05 August 2019
හම්බන්තොට නගරාධිපතිගේ සගයාගේ කැබ් රථයට වෙඩි හම්බන්තොට නගරාධිපතිවරයාගේ සෙල්ලම් පිස්තෝල සිද්ධියට සම්බන්ධ ගොන්නොරුවේ සුද්දා නමැති පුද්ගලයාගේ බව පැවසෙන කැබ් රථයකට හම්බන්තොට ගොන්නොරුව හයේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩිතබා ඇති බවද, කැබ්රථයේ පිරිස එම පුද්ගලයා අල්ලා පොලිසිය බාරදුන් බවද හම්බන්තොට පොලීසිය කියයි. 05 August 2019
දඹුල්ල මහනගර සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතල තුවාල සිදුකළේ යැයි කියන දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කඩුව ද සමග අද(05) අලුයම අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 05 August 2019
මුලින්ම එජාපය අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ යුතුයි එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ යුතු බව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය දන්වා ඇත. 04 August 2019
නවක වදය නිසා වසර දෙකකදී සිසුන් 1989ක් සරසවි හැර ගිහින් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන හේතුවෙන් ඉකුත් වසර දෙකක කාලයේදී සිසුන් 1989 දෙනෙක් විශ්ව විද්‍යාල හැරගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි. 04 August 2019
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානුවන්ට දෙවැනි පෙළ අවවාදයක් ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී දෙවැනි මට්ටමේ සංචාරක අවදානමක් පනවා තිබෙන බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි. 04 August 2019
කසිප්පු බී මිය ගිය ගණන 11ට නගී මීරීගම බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු බීමෙන් පසුව ගතවූ දින තුනේදී රෝගාතුරවූවන් අතරින් සිදුවූ මරණ සංඛ්‍යාව අද (4 ) පස්වරුව වන විට 11 දක්වා ඉහළ ගොස් තිබේ. 04 August 2019
හකීම් තමන්ගේ වෙලාව එනතුරු බලාසිටී ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් නම් කිරීමෙන් පසුව එම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කිරීමේ ශක්තිය, සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන සලකා බැලීමෙන් අනතුරුව තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ජල සම්පත් ජලාපවාහන සහ නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කිය. 04 August 2019
මහවැලි ගඟ ඇතුළු ගංගාවන්හි වැලි කැනීම් නියාමනයට යයි මහවැලි ගඟ ඇතුළුව මෙරට ජලාශවල වැලි කැණීම නියාමනය කිරීම සදහා ජලාශවල වැලි කොපමණ ප්‍රමාණයක් තැන්පත්ව ඇතිදැයි සොයාගැනීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය සමීක්ෂණයක් ආරම්භ කර ඇත. 04 August 2019
හෙට සිට දින 5ක් බෙංගාල බොක්ක මුහුදේ ගමන් අවදානම් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන් ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 9 වැනිදා දක්වා කාලයේදී ධීවර හා නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 August 2019
සහරාන්ගේ අනුරාධපුර නියෝජිතයා කල්මුණේදී අසුවෙයි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ අනුරාධපුර නායකයා කල්මුනේ ප්‍රදේශයේ නිවසක සිටියදි රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් සහ අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 04 August 2019
අපි අභිමානය නැති ජාතියක් බවට පත්වෙලා ජනතාව තුළ අතීතයේ තිබු අභිමානය අද වන විට නැතිවී ගොස් ඇතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති සහ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පැවැසූහ. 04 August 2019
රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතින් නිර්මාණය කෙරුණු මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණා 01 චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡායාරූප පෙළ මේ වන විට නිකුත් කර තිබේ. 04 August 2019
‘වස්කඩුවේ අනතුර වී ඇත්තේ ලංගම බසයේ රියදුරුගේ වරදින්‘ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වස්කඩුවේ දී සිදු වු අනතුර ලංගම බස් රථයේ රියදුරුගේ දැඩි නොසැලකිල්ල මත සිදු වී ඇතැයි පරීක්ෂණ වලදී හෙළි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 August 2019
උසස් පෙළ විභාගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1971ක් හෙටින්(05) ඇරඹෙන අ.පො.ස. උසස් පෙළ විභාගය වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් 1971දෙනෙකු යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 August 2019
කසළ තේ කිලෝ 18,000ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට මාවනැල්ල රඹුක්කන මාර්ගයේදී කසළ තේ තොගයක් ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(04) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකයා කියයි. 04 August 2019
පාරිභෝගික අධිකාරී පනත සංශෝධනය කිරීමට යයි පාරිභෝගික අධිකාරී පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවැසීය. 04 August 2019
‘ජනපති අපේක්ෂක ධූරය සජිත්ට නොදෙන්නේනම් සහය දීම ගැන තීරණයක් ගන්නවා‘ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය අවධානය යොමුකර තිබේ. 04 August 2019
‘පෙරහර නරඹන්නට පැමිණෙන සැදැහැවතුන් බියක් ඇතිකරගත යුතු නැහැ‘ ඇසළ පෙරහර නැරඹීම සදහා පැමිණෙන සැදැහැවතුන් කිසිදු සැකයක් බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි. 04 August 2019
බන්ධනාගාර ජේලර්ගේ ඝාතනය පාතාලයට සම්බන්ධ දැයි විමර්ශන වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇතිවු මත ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලිසිය පවසයි. 04 August 2019
මුද්දර සඳහා පෞද්ගලික ඡායාරූප ඇතුළු කිරීමට අවස්ථාවක් තැපෑල සිය ප්‍රවර්ධන වැඩසටහන් අතරට මුද්දර සඳහා සිය පෞද්ගලික ඡායාරූප ඇතුළත් කිරීමට අවස්ථාවක් පාරිභෝගිකයින්ට ලබා දී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 04 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026