දළදා පෙරහරට අලි ඇතුන් 75 ක් හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් පවතින බැවින් දැනට සිටින අලි ඇතුන්ගෙන් පමණක් පෙරහර පැවැත්වීමට සිදුවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 04 August 2019
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ වෙඩිතැබීමක් : 10ක් මරුට - 16කට තුවාල ඇමෙරිකාවේ ඩේටන් නගරයේ, ඔහියෝ ප්‍රාන්තයේ, ඔරිගන් දිස්ත්‍රික්කයේ පුද්ගලයකු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දසදෙනෙකු මිය ගොස් 16දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 August 2019
‘පාලකයන් තවමත් ජනතාවගේ බිය සංකා නැතිකර නැහැ’ පාලකයින් තවමත් ජනතාවගේ බිය සංකා නැති කිරීමට කටයුතු කර නැතැයි හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ අද(04) පැවැසූහ. රදගුරු හිමිපාණන් මේ බව පවසා සිටියේ තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 257 වන, අගෝස්තු මංගල්‍යයට එක්වූ බැතිමතුන් අමතමිනි. 04 August 2019
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම කල්යයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඇරඹීමට නියමිත ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම දින කිහිපයකින් කල් දැමීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ තීරණය කළහ. 04 August 2019
මැතිවරණ කොමිෂන් සභාවට අලුත් වාහන 15 ක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණවල කටයුතු වෙනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත අලූතෙන් වාහන 15ක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. 04 August 2019
‘ගම්මිරිස් මිල ඉහළ නොදැම්මොත් සියලු ගොවීන් වීදි බසිනවා’ ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් සියලු ගම්මිරිස් ගොවීන් ඒකාබද්ධව කොළඹ නගරයේදී දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුව අද (04) බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 04 August 2019
තංගල්ල ජාතික පාසලේ සිසුහු අඳුරේම ශිෂ්‍යත්වය ලියති තංගල්ල පිරිමි ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අද මුහුණදුන් දරුවන්ට අඳුරේම විභාගයට මුහුණ දීමට සිදුවූ බවට මවුපියෝ චෝදනා කරති. 04 August 2019
දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි. 04 August 2019
සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට සහරාන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වා ඇති කඳවුරුවලට සහභාගි වු ජමාතේ මිලල්තේ ඉබ්රාහිම් සංවිධානයේ දෙදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරින් සහ අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 August 2019
බස් අනතුරින් 6 ක් මරුට:50 ක් රෝහලේ කළුතර වස්කඩුවේදී ලංගම බසයක් සහ පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 6 දෙනකු මිය ගොස් තවත් පනස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 04 August 2019
වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කරයි වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අද (03) සවස 6ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබේ. 03 August 2019
පොදු පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය රත්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හොරණ ආසන බල මණ්ඩලය අද (03) පැවැති අවස්ථාවේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා විසින් එම බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යෝජනා කිරීමත් සමග දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 03 August 2019
සෞදි කාන්තාවන්ගේ සීමා හා තහංචි රැසක් ඉවත් කරයි සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා හා තහංචි රැසක් රාජකීය නියෝගයක් මගින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. 03 August 2019
ආණ්ඩුකාරවරයා මාරු කරන්න එපා’යි මුතුහෙට්ටිගම ඉල්ලයි ‘දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳුදා ඉඳලා අපට නැහැ. එතුමා මාරුකරන්න එපා කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලිමක් කළා..‘ යැයි ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි. සංධානයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 03 August 2019
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ඉල්ලා අස්වෙයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දුන්නේය. 03 August 2019
කොටි හිතවාදී නඩරාජා අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ සංවිධනයේ වෙබ් අඩෙවියක නිර්මාතෘවරයෙකු මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල කොටි හිතවාදියෙකු වශයෙන් හදුනාගෙන ඇති නඩරාජා සේදුරූපන් නැමැත්තා යාපනය නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ. 03 August 2019
නීතිවිරෝධීව රන් මාල ගෙන ආ 9ක් අල්ලයි රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මාල තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 9දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 August 2019
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර්රථ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, අද (03) වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගල්තලාවක වැදී අනතුරට පත්වී තිබිණ. 03 August 2019
කසිප්පු විසවී අයෙක් මරුට - 10 ක් රෝහලේ බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු පානය කළ පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් අද (02) පස්වරුවේ රෝහල් ගත කර ඇති අතර එම ස්ථානයෙන්ම කසිප්පු පානය කළ බව කියන 52 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තේමුල්ල ප්‍රදේශයේ වත්තක තිබී සොයා ගත් බව පොලිසිය පැවැසීය. 02 August 2019
ආනයනික කිරිපිට කිලෝවක මිල ඉහළට ආනයනික කිරිපිට කිලෝවක මිල රුපියල් 15 සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 5 කින්ද වැඩිකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 02 August 2019
එජාපය හවුල්කාර පක්ෂ සමඟ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ හවුල්කාර පක්ෂ කිහිපයක් සමඟ ගොඩනගන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතේ වගන්ති සංශෝධනය පිළිබඳ තීරණය කිරීම සඳහා මේ වනවිට අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වේ. 02 August 2019
එක්කෝටි හතලිස් ලක්ෂයක රන් කැබිලි සමඟ ඉන්දීය ජාතිකයන් 6 ක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනා රන් කැබලි ශරීරයේ අභ්‍යන්තරේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් විසින් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 August 2019
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියාට ඇප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා විශ්‍රාමික බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා අද (02) නියෝග කළේය. 02 August 2019
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ අගෝස්තු මංගල්‍ය 04 වැනිදා තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ අගෝස්තු මංගල්‍ය 04 වැනිදා උදෑසන 7.00 ට හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සහ ත්‍රිකුණාමලය රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා තිබේ. 02 August 2019
අරාබි බැංකුවකින් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ ගිණුමකට බැරවීම ගැන විමර්ශනයක් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් සැකකටයුතු ලෙස රුපියල් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ බැංකු ගිණුමකට බැරවීමේ සිද්ධියකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඞ් මිහයිල් මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කර ඇත. 02 August 2019
මරණ දණ්ඩනය නියමවූ අය බේරගන්න පාර්ලිමේන්තුවේ ඉන්න අයට තියෙන හදිසිය මොකක්ද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමවී තිබෙන අය බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු මහත්වරුන්ට තියෙන හදිසිය මොකක්ද කියන එක ප්‍රශ්නයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) කුරුණෑගල පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය . 02 August 2019
පොලිස් කොමිසමෙන් දුන් ස්ථාන මාරුව පැය කිහිපයකින් අවලංගුයි කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ස්ථානමාරුවී අවලංගු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය. 02 August 2019
මඩකලපුව විශ්වවිද්‍යාලය ජනවාරි 3 දා විවෘත කෙරේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන වසරේ ජනවාරි 3වැනි දින සිට විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අද(02) පැවසීය. කිසිම හේතුවක් නිසා මෙම විශ්වවිද්‍යාලය රජයට නොපවරාගන්නා බවත්, රජය සමග සහයෝගයෙන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කළේය. 02 August 2019
ඉන්දුනීසියාවේ යාත්‍රාවක් ගිලීයෑමෙන් 31 ක් අතුරුදන් ඉන්දුනිසියාවේ බෝර්නෝ දූපත ආසන්න මුහුදේ දී ධීවර යාත්‍රාවක් ගිලීයෑමෙන් 31 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 02 August 2019
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට-කොට්ඨාසබාර පොලිස් අධිකාරීට ස්ථාන මාරුවීම් කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරීවරයා ස්ථානමාරු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය. 02 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026