නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ 3ක් අත්අඩංගුවට පල්ලම තිඹිරිගොල්ල ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු ටිපර් රථ තුනක් සමග අද(01) අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි. 01 August 2019
කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට යාපනය, මාදගල්තුරෙයි වෙරළ තීරයේ තිබි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 August 2019
වාරකන් සමයේ මුහුදු යාම වළක්වන ස්වභාවික වාරණය පැනවෙයි හලාවත මෝය මේ වන විට යෝධ වැලිපරයකින් වැසි ගොස් ඇති නිසා තමන්ට මසුන් මැරීම සඳහා ඈත දියඹට යාමේ දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුව ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයෝ පෙන්වා දෙති. 01 August 2019
මත්තේගොඩ වෑන් රථ කොල්ලයේ තෙවන සැකකරු අත්අඩංගුවට මත්තේගොඩදී වෑන් රථයක් කොල්ල කා, වාද්දුව මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකු අනතුරකට ලක් කරමින් පලායමින් සිටි පිරිස, වෑන් රථය කොල්ලකෑම සැලසුම් කළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 August 2019
‘‘කුරානයේ වගන්ති කිහිපයක් වැරදි විදිහට අර්ථකථනය කරලා‘‘ කුරානයේ ඇතැම් වගන්ති වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයි සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයේ සභාපති අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති කොළඹදී ප්‍රකාශ කළේය. 01 August 2019
‘‘එජාපයේ ජනපති අපේක්ෂකයා හෙළි කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පසු‘‘ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෙළි කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය. 01 August 2019
‘‘ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගනවා‘‘ ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 01 August 2019
ශ්‍රී ලංකාව 3-0කින් ජයලබයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (31) සමත් වූහ. 31 July 2019
වතුකම්කරුවන්ට වැඩිකළ රුපියල් 50 දීමනාව ගෙවන්න මුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය වතුකම්කරුවන් සඳහා රජයෙන් වැඩිකළ රුපියල් 50 ක දෛනික දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) රැස්වූ කැබිනට් රැස්වීමේදී එකඟ වූ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවැසීය. 31 July 2019
ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි සියවස් ගණනක් පැරණි මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නව යෝජනාවක් සම්මත කරගත්තේය. 31 July 2019
ඉබ්බංකටුවේදී වාහන හතරක් ගැටී 5ක් රෝහලේ ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බංකටුව ප්‍රදේශයේදී අද (31) පොල් කටු ප්‍රවාහනය කළ ලොරියක් ත්‍රීරෝද රථයක, මෝටර් රථයක සහ තවත් අයිස්ක්‍රීම් ප්‍රවාහන කරන ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 31 July 2019
‘‘අයි.එස්.අයි.එස් මර්දනයට එෆ්.බී.අයි පමණක් නොව වෙනත් බුද්ධි අංශවල සහයත් අවශ්‍යයි‘‘ ජාත්‍යන්තර ත්රස්තවාදයක් වන අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ සහයේගය පමණක් නොව වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගයත් අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය. 31 July 2019
කොහුවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට කොහුවල ජම්බුගස්මුල්ල මාවතේදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා අවන්හල් හිමියෙකු ඝාතනය කර පලා ගිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පැවැසීය. 31 July 2019
හදිසි නීතිය තව මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 40 කින් පාර්ලිමේන්තුවේදී අද (31) සම්මත විය. 31 July 2019
සබීතා පෙරේරා හෙට ජනාධිපති කොමිසම හමුවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය හෙට (01) දින ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා ඇති බව එම කොමිසම සඳහන් කරයි. 31 July 2019
භික්ෂූන්ට ඇති ප්‍රශ්න රන්ජන්ටයි කාදිනල්තුමාටයි කියන්න වෙලා භික්ෂූන් වහන්සේලා තුළ ඇති අර්බුද ගැන රන්ජන් රාමනායකට හා කාදිනල් තුමාට හැර වෙන කාට කියන්න දැයි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අද (31) මිරිගම දී ප්‍රශ්න කළහ. 31 July 2019
ශ්‍රී ලංකාව කඩුලු 8 ට 294 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් ලබාගත්තේය. 31 July 2019
‘‘සත්‍ය ගවේෂකයෝ‘‘ගොනු කළ පෙත්සම සලකා බලන්න අවසර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් ළඟ දිනයකදී සලකා බලන ලෙස අවසර ඉල්ලා ගොනු කර තිබූ මෝසමට අද (31) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය. 31 July 2019
ඇෆ්ගනිස්ථානයේ බස්රථයක් බිම් බෝම්බයකට හසුවීමෙන් 35 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ෆාරා පළාතේ අධිවේගී මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් එම ස්ථානයෙන් ගමන්ගත් බස් රථයක සිටි 35 දෙනෙකු මියගොස් 27දෙනකු තුවාල ලබා ඇත. 31 July 2019
ජනපති නීතිඥවරු පත්කිරිමේ දී උපදෙස් ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි ඉදිරියේදී ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී අදාළ බලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව එම පත්කිරීම් සිදු කරන බව ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතා ලිපියක් මඟින් අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 31 July 2019
ඇසළ පෙරහරේ ආරක්ෂාවට 8000 ක් මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ හා ති‍්‍රවිධ හමුදාවේ 8000 අධික පිරිසක් යොදවා ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. 31 July 2019
‘පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් හමුවීමට එෆ්බීඅයි නිලධාරීන් ඇවිත්‘ පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැලිසර නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින මුස්ලිම් ජාතිකයින් පිරිසක් හමුවීමට ඇමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරීන් දෙදෙනකු පැමිණ ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 31 July 2019
ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගන්නැයි කියයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කර ඇති නිසා එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය. 31 July 2019
‘ජනපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයෙක් මා හමුවෙන්න එන්න එපා’ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු තමන් මුන ගැසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ. 31 July 2019
‘දළදා පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් යොදන්න‘ මහනුවර දළදා පෙරහර පැවැත්වෙන කාල සීමාවේදී ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (31) ඉල්ලීමක් කළේය. 31 July 2019
ලිත් නඩුව ගැන බැසිල් ගොනු කළ පෙත්සමේ තීන්දුව කල් යයි සුගිය ජනාධිපතිවරයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීමට චෝදනා කරමින් තමන්ට එරෙහිව 31 July 2019
ටවුන්හෝල් අවට වාහන තදබදයක් ශි‍්‍ර ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ විරෝධතාවක් හේතුවෙන් මරදාන , පුරහල හා අවට මාර්ගවල අධික වාහන තදබදයක් හටගෙන ඇත. 31 July 2019
පූජිත්ගේ පෙත්සම සැප්තැම්බර් 17 තෙක් කල් යයි ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් 17 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය. 31 July 2019
පොළොව ගිලා බැසීමෙන් නාවලපිටියේ පවුල් 5 ක් ඉවත් කරති නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්‍රදේශයේ පොළොව ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත්වන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා දැනුම් දී තිබේ. 31 July 2019
‘පාර්ලිමේන්තුව පගා ගන්නා තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයන්න‘ පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇති ලැප්ටොප් පරිගණක ලැබී ඇත්තේ පගාවක් ලෙස නම් පාර්ලිමේන්තුව පගා ගන්නා තත්ත්වයට පත්වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය. 31 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026