(විනීතා එම් ගමගේ)
කොවිඩි -19 වයිරසය පැතිරයාම බිංදුව වන තෙක් මැතිවරණය පැවැත්වීම කල් දැමීමට පියවර ගෙන ඇතිි මැතිවරණ කොමිසම රනිල්, -සජිත්, අනුර, -හකීම් කල්ලියට පරාජයේ විලිවසා ගැනීමට උපකාර කරමින් ‘මැතිවරණ නොපවත්වන කොමිසමක්’ බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහමඞ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට සිදුව ඇති අපහසුතා ගැන කිඹුල් කඳුළු හෙළමින් යළිත් ගල් පැලෙන බොරු සමාජගත කරමින් සිටින ජවිපෙ නායක අනුර දිසානායක එ් හරහා තම පක්ෂයට අවසන් වරට මැතිවරණයක දී ලැබුණු සියයට 3ක ඡන්ද ප‍්‍රතිශතය රැක ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද හෙතෙම කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල්දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමු රනිල් සජිත් - අනුර - හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් එ් සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ඔහු සදහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුසම්මිල් මහතා මේ බව කියා සිටියේය.
තම පාලන කාලය තුළ ජනතාවට ලබා දුන් කිසිවකුත් නොමැති නිසා මෙම රනිල් - සජිත් අනුර - හකීම් හවුල ජනතාව ඉදිරියට යාමට නොහැකිව බියෙන් සලිතව සිටින බවත් එ් බිය නිසාම ඔවුන් පසුගියදා සජිත් පක්ෂයේ අපේක්ෂකයෙකුගේ පුත‍්‍රයකු ලවා ඡුන්දය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරවා ඇති බවත් මුසම්මිල් මහතා කීය.
කොවිඞ් - 19 වසංගතය ලොව පුරා පැතිර ගොස් ඇති බවත් එය නිම වන දිනයක් කිසිවෙකුටත් පැවසිය නොහැකි නිසා සෞඛ්‍යාරක්ෂිතව ලෝකවාසීන්ට තම ආර්ථික - සමාජ ක‍්‍රියාකාරකම් පවත්වාගන්නා අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරකම් ද පෙර පැවති තත්ත්වයන්ගේ යම් වෙනසක් සහිතව පවත්වාගෙන යාමේ අභියෝගය මතුව ඇති බවත් ජනිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මැතිවරණ කොමිසම කැඳවා තිබූ රැස්වීමකදී මහා මැතිවරණය සඳහා යළි නාමයෝජනා කැඳවන ලෙසට අනුර දිසානායක කළ ඉල්ලීම පිටුපස ඇත්තේ රනිල්, - සජිත් දෙපිලට යළි එක්ව නාමයෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා දී තම පක්ෂය පාර්ලිමේන්තුවේ පස්වැනි තැනට වැටීමෙන් ගැලවීම බවත් පෙන්වා දුන් මුසම්මිල් මහතා, ජවිපෙට එවැනි පටු උවමනාවන් මිස කිසිදු ජනතාවාදී උවමනාවක් නොමැති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද? තාම දිස්ත්‍රික් අතරේ යන්නත් බැරිව කොහොමද චන්දේ දාන්න යන්නෙ...
මළමිනී මතින් ජයග්‍රහණ ලබන්න හිතන්නේ ම්ලේච්චයන්.
ගුරා හිටගෙන කරනකොට, ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවගේ දේවල් වලට බව මගේ සීයා කියනවා !! මේ මහත්තය කියන්නේ තුන්මුල්ලේ විමලේගේ අතිජාත ගෝලයෙක් නිසා මේ හිස් කයිවාරු ගැන ජනතාව කලබල නොවිය විය යුතුබව ආච්චි කියනවා... ඉඳහිට මේ ජෝඩුව මොකක් හරි ඇදගෙන කයියක් ගහල තමන් තවමත් මේ ලෝකේ ඉන්න බව රටට පෙන්වන්න හදනවා. ඔන්න ඔහේ බෙරිහන් දෙන්න ඉඩ දෙන්න - මේක විනෝද සමයක් !!!
මැතිවරණය හදිස්සි ඇයි....? අගෝස්තුවට පස්සේ චන්දෙ තිබ්බොත් ගම්කබරයා කුරියා ගහනවා කියලා සුමනදාස කිව්වානේද...?
කොහෙද අනේ මෙච්චර දවස් හිටියේ? මොන කොරෝනද නේද, ඒ වගේද ජන්දේ....?
මහින්දගේ පැත්ත අරන් බයිලා කියනවා... තනියම චන්දෙට එනවකෝ...
මෙයත් එයාගේ ඇති පණ්ඩිත ලොක්ක යන මග යන්නෙක්. අපිට නම් සැක අර රටපුරා තැන තැන්වල පිස්සු නටපු එක්තරා ආගමිකයින් කට්ටියේ වැඩට සපෝට් එකට මැතිවරණය ඉක්මන් කරනවද කියල. අනුන්ගේ පක්ෂ වලට මුක්කු ගහන තමන්ට චන්ද පදනමක් නැති මේ වගේ අපතයින් පොහොට්ටුවේ ඉස්සරහට ගෙන ඉන්නේ මොන කරුමෙකටද?
අපි චන්ද දාන්න ගිහින් මැරෙනකන්ද බලන් ඉන්නේ...?
මෙයාට පිස්සන් කොටුවෙ ඉඩ තියෙයිද?
අපිට චන්දයක් ඕන නෑ. දෙන්නෙත් නෑ.
මැක්කා කැමති නැහැ... බල්ලා මැරෙනවට මොකද මැක්කාට ඉන්ඩ තැනක් නැතිවෙනවා.... ඒක නිසා, විමල් කැමති නැහැ මහින්ද පරදිනවට...
ඔය කොමිසමෙ දැනට ඉන්න අයව අයින් කරලා ඒ වෙනුවට කසිප්පු කාරයින්, කුඩු ජාවාරම්කාරයින් වැනි අයව පත්කරලා චන්දෙ හිතේ හැටියට තියන්න බැරිද?
තනියම ඉල්ලල 3%ක් වත් ගන්න පුලුවන්ද මෙයාලට? එල්ලිලා ගොඩ යන්න බලාගෙන ඉන්නේ....
මේ අය පාර්ලිමේන්තු යවන්න අපි මර බියෙන් ඡන්දේ දෙන්න ඕනද.?
මේ රටේ මේ තරම් භයානක රෝගයක් පැතිර යද්දි මැතිවරණ උමතුවෙන් කෑගහන්නෙ මොවුන්ගෙ ඇත්තටම තියෙන්නෙ හිස් මොලයක්ද? පළමුව රෝගයෙන් බේරෙමු. දෙවනුව මැතිවරණය ගැන සලකා බලමු.
මළමිනී මතින් ඡන්දය පැවැත්වූයේ ප්‍රේමදාස මහත්තයගේ කාලෙනේ.
මේ වගේ ජඩයො අම්මපා....