IMG-LOGO

ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි

(ටී.කේ.ජී.කපිල )

ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතල අනතුරකට පත් වී ඇති මොහොතක  ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමට මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ

එළඹෙන මැයි 18 දින සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් යුරෝපයේ ලන්ඩන් , ෆ්‍රෑන්ක්පර්ට් , චීනයේ බෙයිජිං , ෂැංහයි , ග්වැන්ෂෝ , කැන්ටන් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිංගප්පූරුව , ඈත පෙරදිග ජපානයේ ටෝකියෝ , නරීටා , මැදපෙරදිග දෝහා , ඩුබායි , දකුණු ආසියාවේ මාලදිවයින මාලේ , බංග්ලාදේශයේ ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතය .

මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 320 සහ ඒ.- 330 එයා බස් වර්ගයේ නවතම ගුවන් යානා යෙදවීමට අපේක්ෂා කෙරේ .

මෙම කටයුතු පහසු කිරීම සඳහා විවිධ අමුද්‍රව්‍ය , අවදානම් භාණ්ඩ ,හුවමාරු භාණ්ඩ , තැපැල් , සජීවී භාණ්ඩ

ඇතුළු වෙනත් වටිනා ගුවන්  භාණ්ඩ හැසිරවිය හැකි සහ ගබඩා කළ හැකි නවතම ගබඩා සංකීර්ණයක් ද කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටා තිබේ .

මෙම ගුවන්  භාණ්ඩ ප්‍රවාහනය නිසා දේශීය අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන නව සහ පවත්නා වෙළෙඳ පළ වෙත අඛණ්ඩව ඉදිරිපත් කිරීමට හැකි වන අතර අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම ද කඩිනමින් සිදු කර ගැනීමට මග පැදී තිබේ .

 



අදහස් (4)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි

Ruhunu Tuesday, 05 May 2020 09:21 PM

කෑම බීම ගෙනාවට තවත් රට ඉන්න අය ගේන්න එපා.

:       12       0

Kapila Wednesday, 06 May 2020 03:58 AM

ඉතාමත් හොඳ තීරණයක්...දැනට කලාතුරකින් ක්‍රියාත්මක වන ගුවන් බඩු ප්‍රවාහන සේවාවල මිළ ඉතා අධික බැවින්, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට තරඟකාරී අඩු මිල ගණන් යටතේ තම ව්‍යාපාර පාඩු නොවී පවත්වාගෙන යාම සඳහා මෙය මහත් අස්වැසිල්ලක් වේවි.

:       0       10

lanka Wednesday, 06 May 2020 04:46 AM

චීනේ යන්නේ අපනයනයටද ආනයනයටද ?

:       44       9

mihira Wednesday, 06 May 2020 07:06 AM

ලැජ්ජා නැති ජාතියක්.

:       50       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 669 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1068 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site