(රෝහණ සමරවීර)
උඩවලව ඇත් අතුරු සෙවනේ ඇති දැඩිකර වනයට මුදා හැර එහි ජීවත් වෙමින් සිටි පොකුණා නැමැති ඇත් පැටවාට උඩවලව පනහඩුමුල්ල කෙම්තුනේගල ප්‍රදේශයේදී කිසියම් අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
එම ඇත් පැටවාගේ මළ සිරුර එම ප්‍රදේශයේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට පස්වරුවේ සොයා ගැනීමට හැකි වී ඇත.
දින තුනකට පමණ පෙර එම ඇත් පැටවා ඝාතනය කර ඇති බවට සැකකරන බව උඩවලව වනජීවී නිලධාරිහු පැවැසූහ.
අවුරුදු දහයක පමණ වයසකින් යුතු එම ඇත් පැටවාගේ උස අඩි පහක් පමණ වන අතර අඩි දෙක හමාරක් පමණ දිග දළ යුගලක් එම පැටවාට පිහිටා ඇති අතර දඩයක් කරුවෙකු විසින් අලියාට වෙඩි තබා ඇති බවට වනජීවිය සැක කරයි.
2013 වසරේ එම ඇත් පැටවා සිය මවගෙන් මගහැරී උඩවලව ජාතික වනොද්‍යාන බල ප්‍රදේශයේ පොකුණුතැන්න ප්‍රදේශයේ එහෙ මෙහෙ සැරිසරමින් සිටියදී වනජීවී නිලධාරීන් දැක උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් තිබේ.
එහිදී පොකුණා යන සුරතල් නාමය යටතේ එම පැටවා වනජීවී නිලධාරින් විසින් ඇති දැඩි කර වනයේ ජීවත් වීමට හුරු කිරීමෙන් අනතුරුව 2018 වසරේ අගදී නැවත එම නිලධාරීන් විසින් එම වනෝද්‍යානයේ වනාන්තරයට මුදා හැර තිබේ.
මාස ගණනාවක් වනාන්තරය ආශ්රිව ජීවත්වූ පොකුණා හක්ක පටස් සපා කෑමෙන් බරපතල තුවාල ලබා වනාන්තරයේ වැටී සිටියදී වනජීවී නිලධාරීන්ගේ නෙත ගැටී තිබේ. නැවැත එම ඇත් පැටවා ඇත් අතුර සෙවන වෙත රැගෙන විත් දැඩි පරිශ්‍රමයක් දරා සුවපත් කර වනයට මුදා හැර සිටියදී මෙසේ මියගොස් ඇත.
ඇත් පැටවාගේ මරණය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් ඉකුත් (2) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතමියගිය ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරුන් වන විජිත පෙරේරා. වෛද්‍ය නාලක අබේවර්ධන මහතා ඇතු`එ කණ්ඩායමක් විසින් එදින පස් වරුවේ සිදු කරණු ලදි.
ඇත් පැටවාගේ හිස ප්‍රදේශයට හා ශරීරයේ විවිධ ස්ථාන වලට වෙඩි පහරවල් පහක් එල්වී ඇති සළකුණු දකින්නට ලැබූණු බවත් නමුත් මරණයට හේතුව නිශ්චිත කර ගැනීම සදහා ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඇත් පැටවාගේ හිස ඇත් අතුරු සෙවන වෙත රැගෙන ආ බව වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ජනාධිපතිතුමනි, අපි ඔබට ජන්දය භාවිත කළේ මේ වගේ අමනයින්ට විරුද්ධව ඉතා දැඩි නීති ක්‍රියාත්මක කරන්නයි. පුලුවන්නම් මේ වගේ කාලකන්නින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.
ඔප්පු තිරප්පු නැතුවාට මේ අසරණ සතුන්ටත් මහ පොළොව,වනය අයිතියි. මේ වන සතුනට ගිනි බිඳින,හක්ක පටස් තියන නරුමයන් අල්ලා නිසි දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ඉක්මනින්ම සකස් කිරීමට කාලය පැමිණ ඇත.
මෙහිදී මිට වඩා කවුරු කවුරුත් මිට වඩා සැලකිලිමත් වූවානම් මෙම ඇත් පැටවාගේ ජීවිතය බේරා ගත හැකිව තිබුනා. පොඩි කාලේ සිට මිනිස් ඇසුරට බිය නොවීම මෙම ඇත පැටවාගේ මරණයට හේතු සාදක විය හැකිය. දඩයක්කරු හෝ වෙන අයෙකු ( හේන් ගොවියෙකු ) මෙම ඇත් පැටවාට කිට්ටුවුවිට සතුන්ගේ ස්වභාවික ආරක්ෂණ පිලිවත් කිසිවක් ඇත් පටවා යොදා නොගත්තා වියහැක. උදාහරණ ලෙස කුන්ච නාද කිරීම, මිනිස් ගද එන පැත්තට නොයා ඉඳීම, පහර දීමට සැරසීම වැනි දැ . වෙඩි තැබූ කවරකු හෝ ද ඇත් පැටවා ගැන හරි වැටහීමක් නොමැතිව එසේ කළා වියහැක. කොහොම උනත් සතෙක් හෝ මිනිසෙක් . " අනිච්චාවත සන්කාරෝ " " ස්වර්ගයේ සැතපේවා" "දෙවියන්ගේ කැමැත්ත" කියලා නිහඬව කඳුළු සලමු.
තව මේ වගේ දේවල් උනාම අපිට ආඩම්බරෙන් කියන්න බෑ අපේ රටේ අලි ඉන්නවා කියලා. සංචාරක කර්මාන්තය ඉවරයි. මෙවන් අයට මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි.
මිට මාස කිහිපයකට කලින් ලංකාදීප පුවත්පතේ පළකර තිබු ලිපියක් මතක් උනා උඩවලවේ වනුද්යානයේ අවට ගම්මාන ගැන , කිසිම නීතියකට ගරු නොකරන , බහුතරයක් ගංජා හේන් කරමින් , වන සතුන් දඩයම් කර උන්ගේ ශරීර අවයව දේශීය විදේශීය ගැනුම් කරුවන්ට විකුණමින් ජිවත් වෙන ජාවාරම් කරුවන් ඉන්න ගම්මාන කියල . මේ ගොල්ලෝ දැනටමත් වනෝද්‍යානයේ සිටි මුවන් ,ගොනන් ,මිමින්නෝ ,ඊත්තැ වෝ ...පොඩි සත්තු ඔක්කොම විනාශ කරලා ඇත්තේ , දැන් අලි ටිකටත් වැඩේ දෙන්න පටන් අරන්.
ඔය ගාතනය කරපු මිනිස්-තිරිසනට බලෙන් හක්ක පටස් කවා අපායටම යැවිය යුතුයි.
වන අලි මරණ මෙවැනි අමනයින් හට දීර්ඝ සිර දඬුවම් දීමටත් ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීමටත් නීති සම්පාදනය කල යුතුයි.