(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බේරුවල ,මරදාන, බණ්ඩාරවත්ත සංචාරක හෝටලයක කාමරයක් තුලදී 79 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව දූෂණයට ලක් කළ බව කියන පුද්ගලයා අද (03) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු 18 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි .
ඉකුත් 29 වැනි දා රාත්‍රියේ සැකකරු මෙම කාන්තාව දූෂණයට ලක් කර තිබිණි .
රෝගී තත්ත්වයෙන් පෙලුණු එම කාන්තාව මේ වන විට නාගොඩ මහා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයක පොලිසියට ලද පැමිණිලි අනුව සැකකරු සම්බන්ධයෙන් පසු විපරම් සිදු කිරීමෙන් අනතුරුව බව පොලිස් නිලධාරීයා කීය.
සැකකරු එම අපරාධය සිදු කළ බවට මේ වන විට පොලිසිය වෙත පාපෝච්චාරණයක් සිදු කර ඇතැයි පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .
බේරුවල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන අතර සැකකරු කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස් පරතරය ආත්තම්මයි මුනුපුරයි වගේ. එකත් එකටම කුඩු ගහන එකෙක් වෙන්නැති. අනේ ! මෙහෙමත් එවුන්.
අයිසේ මේ , අවුරුදු 79 කාන්තාවට , මේ වගේ දෙයක් කරපු කාලකන්නිය කවුද ..? දැන් අපිට ජර්මනියෙන් සම්මාන පිට සම්මාන ලැබෙයි නේද ?
සංචාරකයෝ එයිද මෙහෙම වෙනකො අම්මෙක්, කිරි අම්මෙක් නැද්ද ? ඒ තියා හදවතක් කියලා අවයවයක් වත්..
බේරුවල බුද්ධි අංශ මොකද කරන්නේ? කොරෝනා තිබුනා නම්...
මත්ද්‍රව්‍ය , මත්පැන්වලට අම්මා කවුද? ආච්චි කවුද ?කියලා වෙනසක් නැහැ නේද?
දැඩි දඬුවම් ලබාදිය යුතුයි. නැතිනම් මෙවැනි සිද්ධීන් මගින් රටේ නමට ලොකු කැළලක් වෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයට සුවිශාල බලපෑමක් ඇති වෙනවා.
මේ මානසික රෝගියෙකි. දඬුවමට වඩා පුනරුත්ථාපනය කිරීමයි අවශ්‍ය වන්නේ. මොවුන් සමාජගත කළහොත් නැවත මෙවන් ක්‍රියා සිදු කරන අතර මිනීමැරුම් වලින් කෙළවර විය හැකිය.
සත්‍යයක් . මොහු මානසික රෝගියෙක්. නමුත් අපේ රටේ මෙහෙම කෙනෙක් අහුවුනාම අපරාධ නීතිය අනුව ගිහින් පස්සේ ඇප අරන් ආයිමත් සමාජගත වෙනවා. අධිකරණ නියෝගයක් මගින් කෙලින්ම මානසික රෝහලකට යවා සම්පුර්ණ සුව වෙනතෙක් සමාජයෙන් ඉවත් කළ යුතුමයි. කොවිඩ් වලටත් වැඩ භයානක පුද්ගලයින්. අවාසනාවකට අපේ රටේ මෙවැන්නන් පවුල් වලින් හොර රහසේ වහගෙන ඉන්න යන එකෙන් මේ අපරාධ වැඩි වෙන්නේ.
මොහු නිදහස් වෙනවා, මොකද මේ වගේ දේවල් මීට කලින් වෙලා තියෙනවා, ටුවරිස්ට් තමන්ගේ රටට යනවා, නඩු විභාග වලට එන්නේ නැහැ, මොකද ආයේ ආයේ මේ ගැන මතක් කරන්නෙත් කියලා හිතන නිසා, ආයෙත් වියදම් කරගෙන ලංකාවට එන්නෙත් නැහැ, විත්තිකාරය සාක්ෂි නැති නිසා නිදහස් වෙනවා. මේ බව ඔය තක්කඩි දන්නවා. මේ අය තමයි මේ රටේ නම කන්නේ.
79 කාන්තාව වෛද්‍ය පරික්ෂනයකට ලක් කරන්න කියයිද දන්නේ නැහැ...
ඒ අහිංසකයාගේ මානව අයිතිවාසිකම් ගැනත් සාධාරණව සිතා බැලිය යුතුයි නේද?
මේ දූෂනය කරලා තිබෙන්නේ මීටරයක් ඈතින් ඉදලලු.
මෙවන් පුවත් ජාත්‍යන්තරයට යනවිට (යම්කිසි දවසක කොරෝනා වලින් සුවපත් වූ විට) සංචාරකයින් පෙළගැසී පැමිණේවි ලංකාවට. කුඩු කාරයින්ට කියා දුෂණය වීමට.. ආගන්තුක සත්කාර අතින් ලොව ඉහලින්ම වැජබුණු රට නේද මේ කුඩු කාරයෝ නිසා විනාශ වෙන්නේ. පාලකයිනි කවදාද ඔබලා මේ මත උවදුරෙන් තරුණ පරපුර, අපේ රට ගලවා ගන්නේ...
මේ පැත්ත හරි ප්‍රසිද්දයි මේවට.
කලිනුත් අතවර ගැන පැමිණිලි ලැබී තිබුණා නම් මොහු නිදැල්ලේ සිටියේ කෙසේද? ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත්තා නම් මෙය සිදු වුනේ කෙසේද? මොවුන් අල්ලා කුදලාගෙන ටික කාලයකට හිරේ දමනවාට වඩා, මෙවැනි අපචාර නැවැත්වීමට විධිමත් ක්‍රමවේදයක් රටට තිබිය යුතුයි.
ඕන් දැන් ජර්මනියේ... අපේ රටේ තරුණ ළමයින්ගේ වැඩ ගැන කතා බහ වෙනවා.
කුඩු , කස්සිප්පු , ගංජා ගැහැව්වට පස්සේ ... ඔනම ආස්වාදයක් ලබාගන්න බව දන්නවා නේද?
මම දන්නවා මගේ අදහසට බොහෝ දෙනෙකු විරුද්ධ වෙන්න පුළුවන්... නමුත් ඇත්ත තත්වය නම් , මෙම පුද්ගලයා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කරපු බවක් මේ ප්‍රවුර්තියේ සදහන් වෙන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම අසහනය නිසා කරපු දෙයක් බව පෙනී යනවා. බටහිර රටවල මෙවැනි පුද්ගලයන්ට ගොස් තම අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන් ආකාරයට යම් යම් නීති රීති වලට යටත්ව නීත්‍යානුකූල ගණිකා මඩම් තිබෙනවා, එවිට මෙවැනි දේවල් සිදුවීමේ ප්රවනතාවය අඩු වෙනවා.