තැපැල් වර්ජනය අස්සේ කතරගම තැපැල් කාර්යාලය වැඩ රටපුරා සියලුම තැපැල් සේවකයින් අද (22) වැඩ වර්ජනයට එක්වී තිබුණද කතරගම තැපැල් කාර්යාලයේ සේවකයින් පමණක් සේවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණ. 22 July 2019
කුරුණෑගල මහේස්ත්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ප්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත්රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 22 July 2019
සිවශක්ති ආනන්දන්ගෙන් දෙමළ සන්ධානයට කොන්දේසි ජනාධිපතිවරණයට පෙරාතුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට මසක කාලයක් රජයට ලබාදෙන ගිවිසුමක් මෙරට සිටින සියලු රාජ්‍යතාන්ත්‍රිකයින් ඉදිරියේ අත්සන් කිරීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කළයුතු යැයි එම සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි. 22 July 2019
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වෙති මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නිරතව සිටින පරිසර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (22) සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් පද්මසිරි රණවක මහතා පැවසීය. 22 July 2019
කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක් විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිතයේ ගස් කපා වනාන්තර එළිපෙහෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) අභියාචනාධිකරණයට පොරොන්දු විය. 22 July 2019
පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් අය ගැන වාර්තා ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කොපමණ සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන විමර්ශනය කරන්නේ ද යන්න වහාම වාර්තා කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (22) දැනුම් දුන්නේය. 22 July 2019
කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද , ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 22 July 2019
පාසල් සිසුන්ට හෙට සිට දියර කිරි පැකැට්ටුවක් ‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී හෙට (23) ආරම්භ කිරීමට නියමිතය. 22 July 2019
‘ඉබ්බා’ දෙවැනි වරටත් පනී අත් බෝම්බයක් සමඟ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවකු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අත්අඩංගුවෙන් මිදී අද (22) සවස පලා ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි. 22 July 2019
ජනපතිවරණය නොවැ. 15 - දෙසැ. 7 ත් අතර ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 22 July 2019
‘ඇමෙරිකාව ලංකාවේ හමුදා කඳවුරු සාදාගැනීමට තැත්කිරීම ගැන පුදුම වියයුතු නැහැ’ ඉන්දියානු සාගරයේ ඇමරිකාව පවත්වාගෙන ගිය ප්‍රධානතම යුද හමුදා කඳවුර වූ දියාගෝ ගාර්ෂියාව ඔවුන්ට අහිමිවීමත් සමඟ, උපායමාර්ගිකව ඉතා වැදගත් පිහිටීමක පවතින ලංකාවේ හමුදා කඳවුරු හදාගැනීමට ඇමෙරිකාව උත්සාහ කිරීම ගැන පුදුමවීමට දෙයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (22 ) පැවසීය. 22 July 2019
හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි හදිසි නීතී රෙගුලාසි තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය අද (22) නිකුත් කර තිබේ. 22 July 2019
‘පොහොට්ටුවේ අපේක්ෂකයා චමල් විය යුතු බවට ස්ථාවරයේ වෙනසක් නෑ’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු බවට සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ද ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය. 22 July 2019
චන්ද්‍රයානය 2 කක්ෂගත කෙරේ චන්ද්‍රයානය 2 අද(22) පස්වරුවේ ශිහාරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථකව අභ්‍යවකාශගත කළ බව ඉන්දීය බලධාරීහු පවසති. 22 July 2019
ශ්‍රීලනිප - පොහොට්ටු හත්වැනි සාකච්ඡාව 25වැනිදා නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා වටයේ හත්වැනි සාකච්ඡාව 25 වැනි දින කොළඹ-07, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (22) පැවැසීය. 22 July 2019
සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම ගැන කරුණු විමසීමට යයි එංගලන්තයෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම පිළිබඳව අදාළ සියලුම පාර්ශවයන් ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. 22 July 2019
‘යහපත් සමාජයක් බිහිකරන කටයුත්තට වැලිකඩ හිරගෙදර අභියෝගයක් වෙලා’ ශ්‍රී ලංකාවේ යහපත් සමාජයක් බිහිවීම වළකාලමින්, ඊට අභියෝග ගෙන දෙන ප්‍රධාන මධ්‍යස්ථානය බවට වැලිකඩ බන්ධනාගාරය පත්ව ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(22) මිනුවන්ගොඩදී පැවසීය. 22 July 2019
එජාපයෙන් රාජපක්ෂ විරෝධී පුළුල් සන්ධානයක් රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 22 July 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (22) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට සිටින බව කියා සිටියේය. 22 July 2019
ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පෙර අලුතෙන් ලියූ පිළිතුරු පත්‍ර 2ක් එකතු කරලා අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ (2018) උත්තර පත්‍ර අධීක්ෂණය කරනු ලබන අවස්ථාවේ පිළිතුරු පත්රයකට අලුතෙන් ලියූ පිළිතුරු පත්‍ර එකතු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මූලික විමර්ශන ආරම්භ කර ඇත. 22 July 2019
ඉදිරියට තැබූ අඩියට පිටුපසට නොගන්නා බව සජිත් කියයි තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුළු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) මහනුවර දී පැවසීය. 22 July 2019
වෙල්ගම පිළිගන්න එජාපය සූදානම් කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයට පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 22 July 2019
බෙලිඅත්ත ප්‍රා. සභාපතිට ඇප බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකුට පහර දුන්නැයි යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා අද(22) නියෝග කළේය. 22 July 2019
‘වසර අග අනිවාර්යයෙන්ම ජනපතිවරණය පැවැත්විය යුතුයි’ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකින් අවසන් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙන බවද ඒ අනුව මේ වසර අවසානයේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (22) පැවසීය. 22 July 2019
ආවා කල්ලියේ 27 ක් අත්අඩංගුවට යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලිය විසින් සිදු කරන ලද ප්රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රබලයින් දෙදෙනෙකු ඇතුළු 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට යාපනය පොලීසිය පවසයි. 22 July 2019
වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම කල්යයි කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින්, තමන් වහාම මුදා හරින ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 6 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. 22 July 2019
බෙලිඅත්ත ප්‍රා. සභාපති අත්අඩංගුවට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) බෙලිඅත්ත පොලිසිය වෙත බාරවීමෙන් පසු අද(22) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 22 July 2019
පූජිත් - හේමසිරිගේ නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබරයට කල් යයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ වැඩිදුර නඩු විභාගය ලබන ඔක්තෝබර් 3 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය. 22 July 2019
‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන්ට මරණ දඬුවම දීමට විරුද්ධ නැහැ’ පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරෙන මොහොතේ ඊට සෘජුවම සම්බන්ධ ත්රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. 22 July 2019
වියදම් කපන්න භාණ්ඩාගාරයෙන් නියෝගයක් රජයේ වියදම් සීමාකරණය මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. ජල විදුලි දුරකතන ගාස්තු ආදිය හැකි තරම් සීමා කරන ලෙසත් අනෙකුත් වියදම් නියමිත උපදෙස් පරිදි සිදුකරන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් වේ. 22 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026