IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොරෝනා වයිරසය නවසීලන්තයේ පැතිරීම අවසන්

නවසීලන්තය තුළ කොරෝනා වයිරසය සමාජීය වශයෙන් පැතිරීම නතර කිරීමට හැකිවූ බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් මහත්මිය පවසයි.

දින කිහිපයක සිට තනි සංඛ්‍යාවක රෝගීන් එරටින් වාර්තා වන අතර ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ වෛරසය ආසාදිත එක් රෝගියෙකු පමණි.

හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා වශයෙන් සැලකිය නොහැකි ව්‍යාපාර කටයුතු, සෞඛ්‍ය සත්කාර සේවා සහ අධ්‍යාපන ක්‍රියාකාරකම් යළි ඇරඹේ.

අප නැවත ආර්ථික කටයුතු ආරම්භ කරන නමුත් ජනතාවගේ සමාජීය ජීවිත ආරම්භ නොකරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

රෝගය සමාජීය වශයෙන් පැතිරීම නතර කිරීමට හැකිවූ සටන අප ජයග්‍රහණය කළ බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

රටේ මෙම තත්ත්වය දිගටම පවත්වා ගැනීමට සුපරික්ෂාකාරීව සිටිය යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මහතා පැවසුවේ ගතවූ ආසන්නතම දිනවල කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් වාර්තා වීම අවම වීම වෛරසය තුරන් කිරීමේ ඉලක්කයට ළඟා වී ඇති බවට විශ්වාසය ගොඩනගන බවයි.

කෙසේ වුවත් ඉදිරියේදී අලුතින් රෝගීන් වාර්තා නොවේ යැයි ඉන් අදහස් නොකෙරෙන බවත් රෝගය පැමිණීමේ මූලාශ්‍ර අප හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

නවසීලන්තයෙන් මේ වන විට වෛරසය ආසාදිත රෝගීන් 1,500 කට අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19 කි.

-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

කොරෝනා වයිරසය නවසීලන්තයේ පැතිරීම අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site