IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂ නායකයින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

එසේ පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු රටේ දැනට පවතින තත්ත්වය සමනයවීමෙන් පසු සුදුසු අවස්ථාවකදී යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි ද ඔවුන් සිය ප‍්‍රකාශයෙහි දක්වා තිබේ.

හිටපු විපක්‍ෂනායක, ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග‍්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්,  ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ඒකාබද්ධ ප‍්‍රකාශය නිකුත් කර තිබේ.           

  

 

 



අදහස් (33)

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

upul Monday, 27 April 2020 12:39 PM

පෙන්ෂන් හදාගන්නද?

:       257       1222

Prase Monday, 27 April 2020 12:41 PM

කාලයයි, සල්ලියි නාස්ති කරනවට වඩා පාර්ලිමෙන්තුව ලොක් ඩවුන් කරන එක හොදයි...

:       76       1095

ජනතාව Monday, 27 April 2020 12:44 PM

ඡන්දයෙන් පසු පමණයි.

:       11       871

liyanage Monday, 27 April 2020 03:05 PM

රටේ නායකයා පර්ලිම්න්තුව කිසි සේත්ම කැදවන්නේ නැතිබව දිවුරා පොරොන්දු වී ඇත. ආණ්ඩුවේ නායකයා පළපුරුදු දේශපාලකයකු නිසා ඔහු නොකියා කියන්නේ මේ අවස්ථවේ කඩින්කඩ හෝ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය බවකි. තවත් පොහොට්ටුවේම කණ්ඩායමක් කියා සිටින්නේ covid-19 අවසන් වනතුරු මැතිවරණ පවත්වන්නේ නැතිබවකි. විපක්ෂ කණ්ඩායම් සියල්ල එක්ව කියා සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව යලි පාර්ලිමේන්තුව කැදවන ලෙසත් රජයට අවශ්‍ය සියලු සහයෝගය දීමටත් මේ අවස්ථාවේ රජය කිසි සේත්ම අපහසුතාවයට පත් නොකරන බවටත් සහ පෙරලා නොදමන බවටත් ඒ පිලිබදව කිසිදු බියක් ඇති නොකර ගන්න ලෙසටත් ඔවුන් දිවුරා පොරොන්දු දීමට උවද සුදානම්ව සිටි. මේ වනවිට ජනතාව covid-19 වෛරසයෙන් ජීවිතය බෙරාගැනීම සහ ඔවුන්ගේ හෙට දවස පිලිබදව අරගලයක යෙදී සිටින අතර රටම අවිනිශ්චිත මේ අවස්ථාවේ ඔවුනට මැතිවරණයක අවශ්‍යතවක් නොමැති උවත් ජනතාවට ආධාර දීමට රජයට ලැබුණු විශාල මුදල් ප‍්‍රමාණය සුනාමි ආධාර මෙන් මැතිවරණයකට වියදම් කරාවිද කියා සැකයක් ජනතවට ඇත....

:       872       458

pradeepa Monday, 27 April 2020 12:45 PM

පාර්ලිමේන්තුවේ දිනක වියදම ලක්ෂ 50 යි. ඔබතුමාලා මුදල තනිව බෙදාදෙනවද?

:       56       847

ජයරත්න Monday, 27 April 2020 02:04 PM

මහත්තයෝ ඔබතුමා දන්නේ නැතිවුණාට විසුරුවල තිබුණත් මන්ත්‍රී වැටුප ඇරෙන්න අනිත් සියලු වියදම් යනවා. දිනක වියදම කියන්නේ අවුරුද්දේ වියදම තුන්සිය හැට පහෙන් බෙදුවම එන ගාණ. ඔබතුමා හොයල බලන්න ජනාධිපතිගේ දිනක වියදම කොච්චරද කියල...?

:       1242       230

සම්පත් බණ්ඩාරTuesday, 28 April 2020 01:27 AM

මෙහිදී වැදගත් වෙන්නේ දිනක වියදමට වඩා උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි. ජනතා මුදල් ව්‍යවස්ථාදායකයේ අනුමැතියකින් තොරව විධායකයට වියදම් කළ නොහැකියි.එසේ කරන්නේනම් එය ජනතා අයිතීන්ද අහිමිකිරීමකි.ඔබ දේශපාලනයේ යෙදී සිටියාට එයවත් නොදැන සිටීම කණගාටුවට කරුණක් බව කියන්න වෙනවා. මෙම අය ඉල්ලා තිබෙන්නේ ජනතා අයිතීන් සුරකින ලෙසයි.

:       46       11

asdfg Monday, 27 April 2020 12:50 PM

පිං සිද්ද වෙයි, ගෙදර හිටු..., දැන් කරන විදිහට මේ මනුස්සයා රට ගොඩ දාල දෙනකන්. තියන කුලප්පුවට ඕක රැස් කරා කියලා මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. වැලලෙන්නේ නැතුව ගෙදර ඉන්න දෙයියන්ගේ නාමෙට..

:       181       1259

ජයරත්න Monday, 27 April 2020 12:51 PM

තියෙන අර්බුද මදිවට ව්‍යවස්ථා අර්බුදයකුත් නොහදා පාර්ලිමේන්තුව කැඳවන්න. මන්ත්‍රීවරුන් වගකීම් විරහිත ලෙස හැසිරුනොත් ජනතාව ඔවුන් ගැන මැතිවරණයේදී බලාගනිවී.

:       1231       308

ශාමිල් Monday, 27 April 2020 12:59 PM

කට්ටිය රැස්වෙල කොරෝනා හොද කරන්න වගේ...

:       173       951

Samansaman Monday, 27 April 2020 01:22 PM

පාස්කු ප‍්‍රහාරය අති සාර්ථකව කලමනාකරණය කරගන්න බැහැ. ජනාධිපතිතුමන්ට වෙන්නේ මෙ හරක් ටික දක්ක දක්කාගෙන ඉන්න.

:       26       902

Keppetipola Monday, 27 April 2020 01:32 PM

මොකටද නැවත මේ හොරුටික කැඳවන්නේ ? රටේ ජනතාවට මේ වෙලාවේ තියෙන සල්ලි ටික මේ අයගේ පහසුකම් වලට දී මේ අයව පොහොසත් කරන්නද? පාස්කු ප්‍රහාරයවත් පාලනය කරගන්න බැරිව ජීවිත සිය ගණනක් බිල්ලට දීපු, ත්‍රස්තවාදීන්ට උදව් කරපු, හිරේ ඉන්න ඕන මිනීමරුවන් ටික නැවත පාර්ලිමේන්තුවට කැදෙව්වොත් කොරෝනා පැත්තකට තියලා ජනතාව පාරට බැහැල උද්ඝෝෂණය කරාවි.

:       37       1033

සමන්තMonday, 27 April 2020 02:29 PM

කැප්පෙටිපොළටත් ලැජ්ජයි. මමත් ඒ පරපුරේ තමයි. ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරන්න බෑ. පට්ට හොරු, මහ දවාලේ ලසන්තලා, රවිරාජ්ලා, මරපු එවුන් බලය ලැබුනාම හොඳ එවුන් වෙන්නෑ. පාස්කු ප‍්‍රහාරයට රාජපක්ස හොරු කෙලින්ම සම්බන්ධයි. ඒකනේ ප්‍රධාන වගකිව යුත්තා සිරිසේන... පොහොට්ටුවේ සභාපති කලේ. ඒ වෙලාවේ රට බේරාගත්තේ රනිල් මිසක් ගිණි අවුලපූ මහින් ද වත්, ගෝඨාවත් නෙමේ.

:       1481       1427

මුණසිංහTuesday, 28 April 2020 02:05 AM

ඔබ කැප්පෙටිපොළ පරම්පරාවේ වෙන්න බැහැ. එයාලා රට පාවලා දුන් අය නෙමෙයි. බෝම්බේ පුපුරවන්න ඉඩ දුන්නට පස්සේ බේරගන්න ඉතිරිවෙලා තිබුනෙ පුපුරවපු අය. ඒ ටික බොහොම හොඳට කළා. ඒ බව වෙන්නැති ඔය කියන්නේ. දේශපාලයෙන් තොරව කිවුවොත් මෑතකදී රටේ යහපත වෙනුවෙන් යමක් කරලා තියෙන්නේ ගෝඨා ඇතුලු පිරිස පමණි. දේශද්‍රෝහීන්ට කත් අදින එක නවත්වන්න. එය කාගෙත් යහපතට. ගෝලබාලයින්ට කොරෝනාවෙන් වැඩක් නැහැ. ඒ අයට ඕන පෙන්ශන් එක හදාගෙන සැප විඳින්න. පොහෙට්ටුවෙත් එවැනි කොටසක් ඉන්නවා. මේ අය ඔක්කොම එළවන්න ඕන.

:       3       90

නෙවිල් Monday, 27 April 2020 01:39 PM

ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි. එක පාරක් ඡන්ද නුදුන්න හැටි මතකයිනේ.

:       11       577

thilak Monday, 27 April 2020 01:48 PM

මේ වෙලාවේ ආණ්ඩුව චන්දෙකට ගියොත් 2/3ක් ලබාගන්න අමරුයි. මේ වෙලාවේ ආණ්ඩුවට චන්දෙ ලැබෙන්නේ 1/3, මිනිස්සුන්ට හරි පීඩාවට පත් වෙලා, ඇඳිරිනීතිය, කෑමබීම සපයා ගැනීම සහ මනස අවුල් වෙලා, පීඩනය ඇතිවෙලා , ජනාධිපතිතුමනි , සෞඛ්‍ය අංශ සහ වැඩිදෙනකුගේ අදහස් මත ගරුකරලා දඩබ්බර නොවී වසරකට චන්ද කල් දමන්න. සියලුම පක්ෂ, ජාතීන් එකතුවෙලා රටම එකමුතු වෙලා රට ගොඩ දමා, අලුත් නැම්මක් සමග කොරෝනා සුව කරගෙන චන්දෙකට යන්න.

:       947       257

ddd Monday, 27 April 2020 01:49 PM

රටේ ජනතාවට පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් නැහැ. ජනාධිපතිතුමා සහ පිරිස රට ඉතා හොඳින් පාලනය කරගෙන යනවා. මේ විදියට ඉදිරියට කරගෙන යන්න ජනාධිපතිතුමනි.... රටේ ජනතාවට දැන් හොඳටම තේරිලා තියෙන්නේ, පාර්ලිමේන්තුව සහ 225 තමයි රටට හිටපු එකම හෙනහුරා කියලා අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි!

:       711       1439

‍‍නෙවිල් Monday, 27 April 2020 01:50 PM

ඡන්දයක් තියෙනවා කියලා ආණ්ඩුව කියලත් නැහැ. ඒ වගකීම මැතිවරණ කොමිෂමේ කියලාත් ආණ්ඩුව කියනවා. රටේ තත්ත්වෙ හොඳ නැත්නම් දීලා තියන දිනය නැවත සළකා බලනවා කියලා මැ.කො. කියනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ ?

:       60       698

රවින් Monday, 27 April 2020 01:51 PM

මෙරට සියලුදෙනාම පැහැදිලිව දැකපු කාරණාවක් තමයි දියවන්නා බලුකුඩුවේ හිටපු කට්ටිය හොල්මන් වෙලා හිටපු කාලේ මෙරට උගතුන් පැහැදිලි ලෙසම කොරෝනා තම අණසකට යටත් කරගෙන හිටපු විත්තිය. බලු කුඩුවේ කට්ටිය කට අරින්න පටන්ගත්තු දවස්වල සිටම දිනෙන් දින කොරෝනා ආසාදිතයින් වැඩිවෙන බවත් පැහැදිලිව දැකිය හැකිය. ඉතින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සුඛ විහරණය උදෙසා ...................... ????

:       75       833

RaveendraMonday, 27 April 2020 05:37 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මෙම උවදුර පටන්ගත්ත විතරයි තිරිසන්නු ඔක්කොම කොහේ මකබෑවුනාද කියල හොයාගන්නවත් බැරිවුනාට මොකද වැඩේ ගොඩ එනකොටම මෙන්න මිහරකුන් ටික කල් එලි බහින්න පටන්ගත්තේ. හරියටම ඉඩෝරේ හමාරවී වහින්න පටන්ගන්න කොට තිරිසන් සතුන් කැලෙන් එලියට එන ආකාරයට නොවේද? 225ම නියම පිංගුත්තර හැත්තක්. ඔය කෑමොර දෙන්නේ රටට සේවය කිරීමටවත් පුරවැසියන්ට සේවය කිරීමටවත් නොවන බව නම් ඉර හද මෙන් විස්වාසය... එක අරමුණක් වන්නේ විශ්‍රාම වැටුප් නොලැබුණු අයට ඒ සදහා අවස්ථාව ලබාගැනීම, අනෙක් වැදගත් කාරණය වන්නේ පිනට කාල පුරුදු එකාට වැසිකිලි යන්න අවශ්‍ය වුවිට යන්නෙත් පොදු වැසිකිලියට යන්න නැවතත් ඔප්පු කිරීමටය.

:       962       2283

Thilina Monday, 27 April 2020 02:07 PM

මොන මඟුලකට විසිරවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියන්නේ? ඇයි කට්ටිය එකතු වෙලා බෙහෙතක් හොයාගන්නද? එහෙම නැත්තං අර අන්තවාදීන්ගේ උවමනා එපාකම් ඉටු කරන්නද? පාස්කු බෝම්බ වලින් අනාථ වුනු පවුල් 300ට වන්දි දීගන්න බැරි වුනු සෙට් එක රටටම ආධාර දෙන්න කතා කරනවා...

:       47       491

සමන්තMonday, 27 April 2020 03:45 PM

විසුරුවා හැරපු පාර්ලිමේන්තුව යළි කැඳවන්න කියන්නේ මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව පත් කරගත්තේ අවුරුදු පහකට නිසා. ඒක නැතුව මේ යන්න හදන ගමන ව්‍යවස්ථාවට විරුද්ධ හින්දා, නීතිවිරෝධී හින්දා. ඒ නීතීවිරෝධී ගමනට ඉඩ දුන්නොත් දවසක උඹලා වගේ ගොබ්බයන්ට ලේ, කඳුළු, දුක්, සුසුම් මැදින් වන්දි ගෙවන්න වෙන හින්දා. අපි ඒවා ගැන හොඳින් දන්න හින්දා. නැතුව කට කහනවට නෙමේ...

:       1430       621

Ajantha Tuesday, 28 April 2020 01:07 AM

එතකොට පළාත් පාලන, පළාත් සභා චන්ද අවුරුදු ගණන් කල් යනකොට ව්‍යවස්ථාව විරෝදී උනේ නැද්ද ? අනේ නිකන් බොරුවට කෑ ගහන්න එපා. මේ වෙලාවේ ඔය 225 කරන දෙයක් නෑ. කොරෝනා පටන් ගත්ත දවසේ ඉදන් හැංගිලා ඉන්න බයගුල්ලෝ. ඔයාලා මේ තත්වය පාලනය උනාම කඩේ යන්න. ගිහින් චන්දෙත් දෙන්න. ඒත් දැන් වැඩ ටික අවුල් නොකර ඉන්න.

:       19       5

ass charyaTuesday, 28 April 2020 05:38 AM

ඇත්ත කිව්වොත් ඩිස්ලයික්.සමන්ත මිනිස්සුන්ට සහතික වල උගත්කම තිබුනට සමාජයේ වෙනදේ තේරුම් ගන්න තියන ශක්තිය හුගක් අඩුයි.ඒක වෙන්නෙ පෙර කළ පව පින අනුව..

:       0       6

menna Monday, 27 April 2020 02:57 PM

පාර්ලිමේන්තුව කැඳවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඇතුලේ ගහ ගන්න ගියොත් සෝෂල් ඩිස්ටන්ස් තියාගන්න බැරිවෙයි. පොලිසියට වෙන වැඩ නැතිවෙයි පාර්ලිමේන්තුවේ රණ්ඩු බේරන්න ගිහිල්ලා ....

:       0       183

ඉන්දික Monday, 27 April 2020 03:04 PM

දැන් මේ සෙට් එක පාර්ලිමේන්තු ආවා කියලා මොනවද කරන්න පුළුවන්?මේ යක්කුන්ට පාර්ලිමේන්තු එන්න V 8 SUV ටිකට ගහන ඩීසල් පෙට්රල් වලින් නැති බැරි මිනිස්සු කියකට වේලක් කන්න දෙන්න පුලුවන්ද...? සත් භාවයෙන්ලු කියන්නේ... පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා.. පක්ෂ නායකයෝ කියලා දාලා තියන සෙට් එකේ නම් ටික දැක්කම මතක් උනේ බුදු සරණයි බෝඩ් එක ගහපු හොර හරක් ලොරියක්....

:       1       301

Kumar Monday, 27 April 2020 04:58 PM

නැති පාර්ලිමේන්තුවක් ආපසු කැඳවන්නේ මොකටද? ජුනි 20 වෙනිදට චන්දය දෙන්න අවස්ථාවක් ලැබුනොත් මතක ඇතිව තුනෙන් දෙකෙක වැඩිතරයක් ජනාධිපතිතුමාගේ පක්ෂයට ලබාදෙන්න. එවිට මෙවැනි වසංගතවලට මුහුණදෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරන්න පුළුවනි. ඒ ගමන්ම මහජන නියෝජිතයෝ නැතිව ජනාධිපතිතුමා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රට පාලනය කරන්න ක්‍රමයක් ඇති කරන්නත් පුළුවනි.

:       734       291

Priyantha Monday, 27 April 2020 08:08 PM

මේ පරාජිත පක්ෂ නායකයින්ගේ යටි අරමුණ උදය ගම්මන්පිල පැහැදිලිව සදහන් කළා. මෙතන එම අදහසට ඉඩක් දීලා නැති හැඩක් පේනවා. මොවුන්ගේ එකම යටි අරමුණ දෙකඩ වී තිබෙන එජාපය නැවත එක්කර ගැනීම පමණමයි. එමගින් ඔවුන්ට නැවත නාමයෝජනා අලුතින් කැදවීමට අවස්ථාවක් ලැබෙනවා. පසුව නැවත එකට එකතුවී බහුතර සිංහල පදනමට යම්කිසි පහරක් දීමයි ඉලක්කය. හිටපු කථානායකටත් ඕක කරගන්න බැරුව කලකිරිලා ගියා. එයාටත් පුලුවන් එතකොට නැවත කරලියට එන්න. ඒක මෙතන කාගෙන්වත් කියවිලා නෑ.

:       32       0

අපිට අදර්රෙට නෙමෙයි Tuesday, 28 April 2020 01:05 AM

අපිට ආදරේටද මේ ? නෑ මේ බලය වෙනුවෙන්. ලක්ෂ ගාණක් දවසකට වියදම් කරා. ආණ්ඩු පෙරලා බලය ලබාගැනීමට කරන කාලකන්නි උත්සාහයක්. මතකනේ ජනතාවට සහන දෙන්න ගෙනාව යෝජනාව පරද්දන්න හදපු හැටි.ඉතින් ඔවුන්ගෙන තවත් මොනවා බලාපොරොත්තු වන්නද?

:       1       48

Nadeera Tuesday, 28 April 2020 03:19 AM

පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ පහුගිය කාලේ තිබුනේ. මැතිවරණ ඔක්කොම පුලුවන් තරමක් කල් දැම්මා. ජාතික ආණ්ඩුවක් කියලා එකක් අටවගෙන ජනමතය සම්පූර්ණයෙන්ම විකෘති කරලා ආණ්ඩුවක් හැදුවා. උන්ගෙම උන් අතරේ විපක්ෂ නායකකම විපක්ශයේ ප්‍රධාන සංවිධායකකම බෙදාගත්තා. සමහර අණ පනත් සම්මත කරගන්න ගෙවල් වල ඉන්න මන්ත්‍රිවරු එනකම් රෑ 8.30 වෙනකම් පාර්ලිමෙන්තුව ඇද්දා. ඇතැම් ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අත්සන් කරලා පසුව පාර්මේතුවට ඉදිපත් කළා. චෝදනා තියෙන අයම පාර්මේන්තු කමිටුවලට පත්කරලා වැරදිකරුවන් බේරුවා. මෙහෙම අයද දැන් මේ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්නේ ?

:       143       259

KumarTuesday, 28 April 2020 06:27 PM

පාර්ලිමේන්තුවේ පනතක් අනුමත කරගන්න ඔනෙ වෙනකොට. මන්ත්‍රීලා අදින එක අලුත් දෙයක් නොවේ. කලකට පෙර අන් එම පෙරේරා මහත්මය වැසිකිලියේ දොරට තට්ටු කරලා ඒ තුල ඉන්න සෙල්වනයකම් මහතාට පනතකට චන්දෙ දමන්න ඉක්මනටම එන්න කිව්වලු. පසුගිය රජය විසින් අත්සන්කළ විදේශ ගිවිසුමේ නම කියන්න පුලුවන්ද?

:       0       0

Bamunuarachchi Tuesday, 28 April 2020 04:34 AM

වැරදි පැවැත්ම නිසා අකාලයේ මියගිය පාර්ලිමේන්තුවට පණ දෙන්න එපා ටොපියක් වගේ දෙකොන අඹරා පුච්චා දමන්න ගිය ආණ්ඩුව බේරුනේ කොරෝනාව නිසයි. ඔය හදන්නේ ඒ ගොල්ලන්ගේ පැන්ෂන් එක සහ වැටුප් හදා ගන්නයි. මොකා මොන විදිහට කීවත් පාර්ලිමේන්තුව කැදවන්න එපා එපා එපාමයි...

:       0       0

Ranji Tuesday, 28 April 2020 04:46 AM

අම්මේ...රටට, ජාතියට ආදරේ සෙට් එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site