ජනපති හෙට සිය කාර්ය මණ්ඩලය හමුවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවෙයි. 13 November 2019
‘‘ජනාධිපතිවරණයෙන් පසු ඉල්ලා අස්වෙනවා‘‘ මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 13 November 2019
ඇල්ල - වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ නායයාම් හා ගල්පෙරලීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහන ගමනා ගමනය අද (13) ආරම්භ කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර මහතා පැවසීය. 13 November 2019
ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ රීට් අයැදුම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකීක පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ රීට් ඇයැදුම්පත විභාගයට ගැනීම ප්රතික්ෂෙප කරමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) විශේෂ අභියාචනයක් ඉදිරිපත් කළේය. 13 November 2019
නීතිපති ආරක්ෂක ලේකම්ට ලියයි කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් මේ වන විටත් රජයේ නිලතල හෝ ආරක්ෂක අංශවල සේවයේ නියුතු අයවලුන් නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 13 November 2019
ජාතික රෝහලේ ඩෙංගු මර්දනයට පියවර ගන්නැයි ඉල්ලීමක් වකුගඩු රෝගයට ගොදුරු වී ජාතික රෝහලේ නේවාසිකව සිටි කාන්තාවක් ඩෙංගුරෝගය වැළඳී මිය යාම පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා තවත් රෝගීන්ට ඩෙංගු වැළඳෙන්නට පෙර පියවරක් ගන්නැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත. 13 November 2019
යුරෝපා සංගම් නිරීක්ෂණ කමිටුව වැඩට බසී යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ජනාධිපතිවරණයේ අවසන් අදියරේ නිරීක්ෂණ කටයුතු අද (13) සිට ආරම්භ කළේය. 13 November 2019
ලතා මංගේෂ්කාර් සුව අතට භාරතයේ ගීත කෝකිලාවිය වන, ලතා මංගේෂ්කාර් පසුගිය සඳුදා දිනයේ මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණද, ඇගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. 13 November 2019
ඇමෙරිකානුවන්ට බොලිවියාවෙන් පිටවෙන්න’යි නියෝග බොලිවියාවේ දැනට උද්ගතව ඇති නොසන්සුන්තාවයන් හේතුවෙන් එහි සේවය කරන ඇමෙරිකානු රාජ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇත. 13 November 2019
සිරකරුවන් 267කට ජනපති සමාව බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය. 13 November 2019
සිරකරුවෝ වහළයෙන් බසිති වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟ විරෝධතාවයේ නියැලි සිටින මරණ දඩුවම් නියම වී සිටි සිරකරුවන් 6 දෙනා අද දහවල් වහලයෙන් බැස උද්සෝෂණය නවතා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. 13 November 2019
හරීන්ගෙන් ෆේස්බුක් සමාගමට චෝදනාවක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් දැමූ ‘කමෙන්ටුවක්’ වාරණය කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත් දා ෆේස්බුක් සමාගමට චෝදනා කළේය. 13 November 2019
රන් බිස්කට් තොගයක් සමඟ කතක් අත්අඩංගුවට රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් තමන් පැළඳ සිටි පාවහන් තුළ සඟවා ගෙන ආ යුක්රේන ජාතික කාන්තාවක් අද (13) කටුනායක ගුවන්තොටුපළ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 November 2019
‘එක් ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 969 ක්’ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් සිය ප්රචාරක කටයුතු වෙනුවෙන් කරන ලද වියදම්වලට සාපේක්ෂව මැතිවරණය අවසන් වනවිට ඔවුන් එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් 969 ක් පමණ වනු ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. 13 November 2019
එම්.සී.සී. ගිවිසුම වළක්වන්න’යි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31 දා ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන සලකා බැලීමට ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද(13) නියම කළේය. 13 November 2019
ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක් බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින් 1500කට ආසන්න පිරිසකට ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බවත්, යම්කිසි ලියාපදිංචි කිරීමකට අනුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි ලෙස පියවරක් ගන්නා ලෙසත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී. 13 November 2019
කෝට්ටේ උප නගරාධිපතිවරයා රිමාන්ඩ් අත්අඩංගුවට ගත් කෝට්ටේ නගර සභාවේ උප නගරාධිපතිවරයා මෙම මස 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල මහතා නියෝග කළේය. 13 November 2019
කිරිඳිවැලදී හදිසියේ මෝටර් රථයක් ගිනි ගනී කිරිඳිවැල නගර මධ්‍යයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් දොම්පේ ප්‍රාදේශීය සභා පුස්තකාලය ඉදිරිපිට මාර්ගයේදී අද(13) හදිසියේ ගිනි ගෙන ඇත. 13 November 2019
ජපානයෙන් භාෂා පරිවර්තන උපාංගයක් ඉංග්‍රීසි භාෂාව භාවිත නොකරන විදේශීය සංචාරකයන් සමඟ සන්නිවේදනය කිරීමේදී මතුවන අපහසුතා මඟහැර ගැනීම සඳහා, එම භාෂා සිය මව් බසට පරිවර්තනය කර දෙන නව උපාංගයක් ජපානය හඳුන්වා දී තිබේ. 13 November 2019
යුද හමුදාවේ 243 ක පිරිසක් මාලි රාජ්‍යයට පිටත්ව යති මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 ක භට පිරිසක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. 13 November 2019
ඉන්දියාව එල්.ටී.ටී.ඊ. මත පැනවූ තහනම දීර්ඝ කෙරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය එරට විනිශ්චය සභාවක් විසින් තහවුරු කරනු ලැබ තිබේ. 13 November 2019
බෞද්ධාගමට මුල්තැන දෙන බවට ලියවිල්ලක් සජිත්ගෙන් මහනාහිමිවරුන්ට ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට තෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබෙන අතර එම ලියවිල්ල ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබූහ. 12 November 2019
ගෝඨාභයට අපහාස වන පත්‍රිකා බෙදූ සිද්ධිය ගැන විමර්ශන එක්සත් ජාතික පක්ෂ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන පරිදි මුද්‍රණය කරන ලදැයි කියන අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන දෙපාර්ශවයෙන්ම පානදුර දකුණ පොලිසියට ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 12 November 2019
‘‘ප්රභාකරන් එක්ක හුවමාරු කරගත් ලිපි ඉදිරියේදී ප්‍රසිද්ධ කරනවා‘‘ තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්රභාකරන් සමඟ සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. 12 November 2019
‘විදෙස්ගත ශ්‍රමිකයන්ටත් ඡන්දය ප්‍රකාශකිරීමට හැකි වැඩපිළිවෙළක් අවශ්‍යයි’ විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. 12 November 2019
කොළඹ වායු දුෂණය ඉහළට කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් හෙට (13) දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. 12 November 2019
හෝමාගම ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් නිහාල් හේවාවසම් මහතා මීගොඩ පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය. 12 November 2019
‘ඌව පළාත් සභාවේ-පළාත් පාලන ආයතනවල වාහන 30ක් මැතිවරණ ප්‍රචාරණයට අරන්‘ ජනාධිපතිවරණය වෙනුවෙන් ඌව පළාත් සභාවට හා පළාතේ පළාත් පාලන ආයතනවලට අයත් වාහන 30කට ආසන්න සංඛ්‍යාවක් නීතිවිරෝධී අන්දමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිතා කරන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. 12 November 2019
දියේ ගිලීමෙන් සරසවි සිසුන් දෙදෙනෙකු රෝහල්ගත කරයි සංචාරයක නිරතවෙමින් සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු අද (12) දහවල් කොස්ලන්ද දියලූම ඇල්ල උඩ දියලූම ඇල්ලේ දිය නෑමට යාමේදී දියේ ගිලී වතුර පෙවීමෙන් අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. 12 November 2019
බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන 5ක් අවසන් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන පහක් අවසන් කර ඇති අතර රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් නීතිමය බලයක් තිබෙන අධිකාරීන් වෙත පමණක් ඒවායේ වාර්තා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 12 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026