ප්‍රීමා තිරිගු පිටි මිල ඉහළට ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රීමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත. 15 November 2019
ජා.නි.පෙ. හලාවත ආසන සංවිධායක අත්අඩංගුවට මැතිවරණයට සම්බන්ධ පෝස්ටර් තොගයක් ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි. 15 November 2019
මන්ත්‍රී ශාන්ත කුමාරගේ නඩුව 21 තෙක් කල් යයි ඇප කොන්දේසි උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාට එරෙහි නඩුව නොවැම්බර් 21 වැනිදා යළි කැඳවීමට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය නියම කළාය. 15 November 2019
බදුල්ලට විශේෂ දුම්රියක් අද රාත්‍රීයේ ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ගම්බිම් යන ජනතාවගේ පහසුව සඳහා අද (15) රාත්‍රී 7.35 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය. 15 November 2019
මඩු දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරයි මන්නාරම ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 14 November 2019
ඡන්දය ප්‍රකාශ කිරීමේදී 1 ඉලක්කම හෝ x සළකුණ යොදන්න ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 14 November 2019
අල්ලස් ඉල්ලූ සුරාබදු නියාමකවරයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 2ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලීම සමබන්ධයෙන් බත්තරමුල්ල සුරාබදු කාර්යාලයේ සේවයේ නියුතු සුරාබදු නියාමකවරයකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් නිලධාරීන් විසින් අද(14) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසම පවසයි. 14 November 2019
ගෝඨාභයට අපහාස වන ලෙස පත්‍රිකා බෙදූ දෙදෙනා යළි රිමාන්ඩ් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් තොරුතුරු ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටි රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙක් හා අනෙක් පුද්ගලයා අද (15) දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙද නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය. 14 November 2019
ඡන්ද අත් පත්‍රිකා බෙදමින් සිටි පාසලක මුරකරුවෙක් අත්අඩංගුවට ජනාධිපති අපේක්ෂකයෙකුට ආධාර පිණිස දුම්මලසූරිය - වීරකොඩියාන ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් ඡන්ද අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 November 2019
“නිහඬ මැතිවරණ සමයේදී අල්ලස් දීම් ගැන සොයනවා’’ නිහඬ මැතිවරණ සමය තුළ සහ සමස්තයක් වශයෙන් මැතිවරණ සමය තුළ ඡන්දදායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය කියයි. 14 November 2019
හැටන් - බගවන්තලාව මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව හැටන් පොලිසිය පවසයි. 14 November 2019
පැයකට ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 යි මෙවර ඡන්ද පත්‍රිකාව දිගු වීම නිසා පැයක් තුළදී ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 ක් පමණ වන බව මැතිවරණ නිරීක්ෂණ සංගම් පවසයි. 14 November 2019
පළාත් සභා පාසල් 4 ක් ජාතික පාසල් කරයි තවත් පළාත් සභා පාසල් 4 ක් ජාතික පාසල් බවට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 14 November 2019
ඇවන්ට්ගාඩ් සභාපතිගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබන මස 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (14) නියම කළේය. 14 November 2019
ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2 ක් ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පතකට ඇති ඡන්ද දායකයින් වෙත එදිනට (16) පමණක් අදාළ වන පරිදි තාවකාලික අවසර පත් ලක්ෂ 2 ක් මැතිවරණ කොමිසමට බාරදුන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 14 November 2019
සිව්දෙනෙකු පහර දී මාධ්‍යවේදියක් රෝහලේ හබරාදූව මීපේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්න මහතාගේ නිවසට අද (14) ඇතුළු වූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ මහතාට පහරදී තුවාල කර පලාගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි. 14 November 2019
රෝයල් පාර්ක් සිද්ධියේ සැකකරුට එරෙහිව පෙත්සමක් රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 14 November 2019
ජයත්මා වික්‍රමනායක ලොව බලවත් වේ යැයි අනාවැකි කියන නායකයින් 100 අතරට ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී පත්ව ඇත. 14 November 2019
සුරාසැල් 16 – 17 වසයි ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ. 14 November 2019
නායයාමෙන් වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගය වහයි වැලිමඩ ලූනුවත්ත හරහා උඩුපුස්සැල්ලාව දක්වා ඇති ප්‍රධානතම මාර්ගයට ගම්පහවත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම නිසා අද(14) එම මාර්ගය වසා දමා ඇති බව ඌව පරණගම පොලිසිය පවසයි. 14 November 2019
සිඟිතිය දමාගිය මව, පියා - මිත්තණිය අත්අඩංගුවට මඩොල්සිම මැටිගහතැන්න ප්‍රදේශයේ කුඹුරු යායක් ආසන්නයේ සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි. 14 November 2019
වැල්ලවායේ වෙඩි තැබීමකින් අයෙක් මරුට වැල්ලවාය ඇතිලිවැව,මීගස්අරාව පුබුදුවැවදී අද (14) සිදුවූ වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. 14 November 2019
ඡන්ද වර්ජනය කරන්නැයි උතුරේ ඉල්ලීම් ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. 13 November 2019
මැතිවරණ රාජකාරී මඟහරින නිලධාරීන්ට නඩු පවරනවා මැතිවරණ රාජකාරී මඟහරින සහ මැතිවරණ කොමිසමේ විධාන උල්ලංඝණය කරන රජයේ සේවකයින්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ රාජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13 ) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 13 November 2019
නිහඬ මැතිවරණ කාලයේදී උපවාස කිරීම තහනම් මැතිවරණ ප්රචාරක කටයුතු නිමවූ අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය. 13 November 2019
නුගේගොඩ අධිකරණයේ මුදල් අස්ථාන ගතවීම ගැන හොයන්න පරීක්ෂණයක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සතු රුපියල් දෙලක්ෂ විසිතුන් දහස් නවසිය දාසයක මුදලක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. 13 November 2019
නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරතවන්නන් වීඩියෝ ගතකරයි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව ජනාධිපති මැතිවරණයට අදාල සියලු ප්‍රචාරන කටයුතු අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර ප්‍රචාරණ කටයුතු වල නිරත වන පිරිස් වීඩියෝ කර ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 13 November 2019
දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි මාලාවට ජනපති අත්සන් තබයි මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවත් ඉදිරියේදී දෘෂ්‍ය දූෂණය වැළැක්වීම ක්‍රියාත්මක කරන බවද නීතීපතිවරයා අභියාචනාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතාට අද (13) දැනුම් දුන්නේය. 13 November 2019
දිවයිනේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ මස 12 වැනිදා දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත්‍රික් මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථාන වෙත මුළු දිවයිනෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක් වාර්තාවී ඇතැයි ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 13 November 2019
ජාතික ආරක්ෂාව ගැන තොරතුරු එස් එම් එස් සේවාවකින් ජාතික ආරක්ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද (13) සිට කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ ඇත. 13 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026