
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ අද (24) අලුයම් කාලයේ දී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සදහා සහයෝගය ලබා දුන් කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයට සහ අනෙකුත් සියලු දෙනාට ඉදිරි දිනයක දී පොලිස්පතිතුමා විසින් විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පලා ගිය රෝගියා සෙවීම සදහා කොළඹ උතුර, දකුණ සහ කොළඹ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්, යුද හමුදාව සහ විශේෂ කාර්යය බළකාය විශේෂ මෙහෙයුමක් ද සිදු කෙරිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ විදියටම කොරෝනා මර්ධනයට මහන්සි වූ අයට දීමනාවක් දෙන්න හරි ගියාම කැපිල්ල දාන්නේ ඇයි? අනිත් එක පැනල ගිය මනුස්සයා එතනට එනකන් එද්දි තව කීදෙනෙක්ට රෝගය ආසාධනය වෙලා ඇත්ද? මිනිස්සු මෝඩයින් ගානට දාලා වැඩකරන එක මෙයාලට හොඳට පුරුදුයි..
මොහු පලාගියේ තාප්පෙන් පැනලද? ගේට්ටුවෙන්ද? එසේනම් කාගේ හෝ නොසැළකිල්ලකින් ප්‍රයෝජන ගත්තාද?
මදි, මදි, සර්... අඩු ගානේ මේ එක්කෙනෙකුට හරි මැතිවරණයෙන් පස්සේ මැකෝට කියලා ජාතික ලැයිස්තු ධුරයක්වත් වෙන් කරල දෙන්න ඕනෑ. මේ පැන ගිය හාදයා සමාජගත වුණා නම් ඡන්දයට මොකද වෙන්නේ..? පත්වෙන 225ම මේ සෞඛ්‍ය හා ආරක්ෂක කාර්ය මණ්ඩලයට ණය ගැතියි...
ඉදිරි දිනයකදී නම් ගියාට කමක් නැහැ... ඒ සල්ලි බෙදන්න. හැබැයි 14ක් පහුවුණාට පස්සේ... දැන්මම ගියොත් පොලිස් පතිටත් දවස් 14ක් ඉන්න වෙනවා.