
(දයාසිලි ලියනගේ)
විවිධ තරාතිරම්වල රජයේ නිලධාරීන් 40 ක් දේශපාලන කටයුතුවල යෙදී සිටින බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.
වෛද්‍යවරයෙක්,ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, විදුහල්පතිවරු, ගුරුවරු, පවුල් සේවිකාවන් ඇතුළු විවිධ ශ්‍රේණිවලට සම්බන්ධ රජයේ නිලධාරීන් දේශපාලන කටයුතුවල යෙදෙන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
මෙම පැමිණිලි බහුතරයක් තහවුරු වී ඇති බවද ඔහු කීය.
නීතිවිරෝධි ලෙස මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන රජයේ සේවකයන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමා ඕවට කැමති නැහැ, එතුමා නීතියට වැඩ කරන්නේ.
අපේ සර්, රජයේ නිලධාරින්ට බනින්නේ නිකන් නොවේ. සර්ට 2/3 දෙන්න සර් කෙළින්ම රජයේ නිලධාරියෝ ටික අස්කරලා දමලා හමුදාවට කියලා ඔක්කොම වැඩටික කරාවි.
ඕවා මොනවද? අපේ ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්ව ඉන්න කාලේ අයියගේ ජනාධිපතිවරණයට ඡන්ද රැළියක් ඇමතුවේ ඒ කාලේ...