
(ජයන්ත සමරකෝන්)
ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණෙන අයට උප්පැන්න සහතික ඇතුළු ලේඛන නිකුත් කිරිමේ කාර්යාලයක් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටුවා ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
හැඳුනුම්පත් හා විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට පැමිණීමේ දී මාස 6 ක් ඇතුළත නිකුත් කළ උප්පැන්න සහතික අවශ්‍ය වන අතර ඒවා ලබාගැනීමේ දී මහජනයා අපහසුවට පත්වීම හේතුවෙන් මෙම කාර්යාලය පිහිටුවා තිබේ.
මෙම කාර්යාලය මගින් ක්ෂණිකව උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් ලබාගත හැකි බවත්, ඒ සඳහා සාමාන්‍ය සේවා ගාස්තුව වන රුපියල් 100 ක මුදලක් එක් පිටපතක් සඳහා අයකරන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් සී.විතාන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩිනමින් නිකුත් කරනවා කියන්නේ කාර්යාලයේ තිබෙන සහතිකයේ පොටෝ කොපියක් ගහලා සහතික කර දෙන එකනේ.