
(අජන්ත කුමාර අගලකඩ)
මෙවර යල කන්නයේ වැඩිම වී අස්වැන්නක් අපේක්ෂා කරන දිස්ත්‍රික්කය පොළොන්නරුව වන අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 324,141 ක් පමණ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙවැනි තැනට වැඩිම වී අස්වැන්නක් අපේක්ෂා කරන දිස්ත්‍රික්කය අම්පාර වන අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 312,057 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 64,015 ක් පමණ ද අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 61,628 ක් පමණ මෙවර යල කන්නයේ වී වගා කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 277,545 ක් පමණ ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 186,202 ක් පමණද , හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 175,306 ක් පමණ ද , මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 132,207 ක් පමණ ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 105,077 ක් පමණ ද මෙවර යල කන්නයේ දී ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී අලෙවි මණ්ඩලය වී දුන්නා කියන සහතිකය පෙන්නුවාම ඊළඟ කන්නයට දෙන පොහොර සහනාධාරය දෙන්න.