
(විනීතා එම් ගමගේ)
සීතාවක කර්මාන්ත පුරයේ සිට ගෙන ආ රසායනික අපද්‍රව්‍ය ගලි බවුසර් පහක් මාදම්පිටිය මළ අපවහන පොම්පාගාරය ඔස්සේ මුහුදට යවා ඇතැයි හෙළිවූ බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා අද (22) පැවසීය.
ඉකුත් 11 වැනිදා මෙම රසායනික අපද්‍රව්‍ය බවුසර් 10ක් මාදම්පිටිය මළ අපවහන පොම්පාගාරය වෙත ගෙන එන බවට ලැබුණු තොරතුරක් මත තමන් ඇතුළු නිලධාරින් එහි යනවිටත් පොම්පාගාරය ඔස්සේ එම රසායනික අපද්‍රව්‍ය බවුසර් පහක් මුහුදට යවා ඇතැයි හෙලිවූ බව හෙතෙම සඳහන් කළේය.
අනෙක් ගලි බවුසර් පහ අත් අඩංගුවට ගත් බවත් ඒවා අධිකරණ කටයුතු සඳහා පොලිසිය භාරයට ගත් බවත් කී ප්‍රදිප් කුමාර මහතා තවත් මෙවැනිම ගලි බවුසර් 9 ක් එම රසායනික ද්‍රව්‍ය සීතාවක පුර කර්මාන්ත පුරයේ ඇඟළුම් කම්හලක ඇතැයි තම අධිකාරියට වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව කටයුතු කරමින් සිටින බවත් කීය.
මෙම පොම්පාගාරයෙන් මුහුදේ කිලෝමීටර් දෙකක් පමණ ඈතට කොළඹ මළ අපද්‍රව්‍ය පොම්ප කරනු ලබන බවත් මේ නිසා මුහුදු ජලය අපිරිසිදු වන බව කිහිප වතාවක් කොළඹ මහනගර සභාවට පෙන්වා දුන් බවත් කී සාමාන්‍යධිකාරිවරයා මෙවන් තත්ත්වයක් යටතේ රසායනික ද්‍රව්‍ය ද එහි යැවිමෙන් සිදුවිය හැකි සමුද්‍රිය පරිසර හානිය අතිවිශාල විය හැකි බවත් පැවසීය.
මෙසේ දිගින් දිගටම කාලයක් තිස්සේ මාදම්පිටිය පොම්පාගාරයෙන් මෙවැනි විෂ රසායනික හොර රහසේ මුහුදට පොම්ප කළේ ද යන්න සොයා බලමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා කලක් පාරිසරික ජනමාධ්‍ය ක්ෂේත්රයේ කටයුතු කළ කෙනෙක්. මේ ලෙස රසායනික අපද්‍රව්‍ය සාගර ජලයට මුසුවීම නිසා විශාල පාරිසරික ප්‍රශ්න ඇතිවෙනවා... ලොකු මාළුන්ගේ ආහාරය වන ආහාරදාමයේ මුල් පුරුක් වන කුඩා මත්ස්‍යයන් ඇතුළු ප්‍රාණීන් මේ විස රසායන නිසා මිය යනවා. ආහාර දාමයේ මුල් පුරුක් වන ඇල්ගී ශාක මිය යනවා. එපමණක් නොවෙයි විස රසායන නිසා ජීවි කොරල් පර මිය යෑම සිදුවෙනවා. ජීවි කොරල් පරය මත තමයි පෘථිවිය රැඳී තිබෙන්නේ. මේ ආකාරයට ජීවී කොරල් පර මියයෑම නිසා දීර්ඝකාලීන පාරිසරික දූෂණය නිසා ලොවට දරුණු පාර්සරික විනාස, සොබාදහමේ විනාශ සිදුවෙනවා. මෙය වෙනස් වෙනස් ආකාරවලින් මනුෂ්‍ය ජීවිතයට බලපානවා. ඒ නිසා තමයි ලෝක සම්මුති ඇති කොටගෙන මේවට විරුද්ධව පාරිසරික බුද්ධිමතුන් නීති සම්පාදනය කොට තිබෙන්නේ. ඒ නිසා තමයි පාරිසරික බුද්ධිමතුන් මේ සඳහා හඬක් නගන්නේ. එහෙත් ඒවාට කන් දෙන අය බොහෝ අඩුයි.