ජනපති අද යාපනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීමට නියමිතය. 01 September 2025
ඇෆ්ගනිස්තානය කැලඹූ භූමිකම්පාව250 ක් බිලිගනී රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් ඇෆ්ගනිස්තානය කැලඹිණි. භූමිකම්පාව හේතුවෙන් 250කට වැඩි පිරිසක් මියගිය බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. තුවාලකරුවන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ. 01 September 2025
පාළු නිවසක මාංචු කුට්ටමක් පාදුක්ක පින්නවල දුම්රිය ස්ථානය ආසන්නයේ අතහැර දමා තිබූ පාළු නිවසක තිබී මාංචු කුට්ටමක් හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි. 01 September 2025
වන අලි පහරින් අයෙක් මරුට අරලගංවිල කනිචියාගල ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ(31) සවස වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි. 01 September 2025
විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට? දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 01 September 2025
පස්සර නිවසක මළ සිරුරු දෙකක් පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය. 01 September 2025
ස්පා කතුන් තිදෙනකුට හදි කළ පීසී අත්අඩංගුවට බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපල් වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 01 September 2025
කෝටියක ‘හෑෂ්‘ සමඟ දෙන්නෙක් අල්ලයි රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 01 September 2025
අද කාලගුණය සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 September 2025
රාජිතට ලංසාට ගෙදරින් කෑම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත. 01 September 2025
ඉන්ධන මිලෙහි පොඩි වෙනසක් ඔක්ටේන් 92 පැට්රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇත. 31 August 2025
ට්‍රම්පේ තීරුබද්ධ එරට අභියාචනාධිකරණය විසි කරයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළේය. 31 August 2025
ගෝඨා - සමන් ඒකනායක සී.අයි.ඩී.යට කැඳවයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 31 August 2025
චීන - ඉන්දීය නායකයෝ හමුවෙති වසර හතකට පසුව චීනයේ සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අස චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අතර එහිදී ඇමෙරිකානු තීරු බදු හමුවේ වෙළෙඳ සහ ආයෝජන සබඳතා තර කර ගැනීමට ඇති අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගෙන ඇත. 31 August 2025
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ ගජ මුතු තුනක් සන්තකයේ තබාගෙන එය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 August 2025
ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 31 August 2025
යල් පැනපු වෙළෙඳ උපක්‍රම වෙනුවට අලුත් ඒවා ඕනෑ යල් පැනගිය වෙළෙඳ උපක්‍රම වෙනුවට නව උපක්‍රම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය, එරංග ගුණසේකර මහතා පැවසීය. 31 August 2025
දූෂණ මඩින්න ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අත දෙයි මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 31 August 2025
ත්‍රස්ත පනත අහෝසියෙන් දරුණු අපරාධකරුවන් එළියට යන අවදානමක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු ලැබුවහොත් එම පනත යටතේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් නිදහස් වීමේ අවදානමක් පවතින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 31 August 2025
ලංසාත් ගෙදර කෑම ඉල්ලයි බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය. 31 August 2025
වෙන්නප්පුවේ වෙඩිතැබීමක් :අයෙක් මරුට වෙන්නප්පුව වැව පාරේ අද (31) සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. 31 August 2025
‘නයින් ආච්‘ අසල කන්දේ ගින්නක් ඇල්ල ආරුක්කු නමය පාලම අසල කන්දේ අද( 31 ) මේ වෙන විට ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 31 August 2025
මහජන ආරක්ෂක ඇමතිගේ ව්‍යාජ ඡායාරූප හැදූ අයට වැඩ වරදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන අයුරින් ව්‍යාජ ඡායාරූපයක් සැකසූ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. 31 August 2025
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව අවහිර වී තිබු බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (31) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලන මැදිරිය පවසයි . 31 August 2025
ආචාර්ය ගයානිගෙන් පරිණාම වාදයට අලුත් පිටුවක් ජීව විද්‍යා ක්ෂේත්රයේ නව සොයා ගැනීම් ගණනාවක් කළ ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනවිරත්න මහත්මිය මෑතකදී කළ නව පරීක්ෂණයකින් මිනිස් පරිණාමය සම්බන්ධයෙන් ලොවම මවිත කළ තොරතුරු රැසක් අනාවරණය කිරීමට සමත් වූවාය. 31 August 2025
සුරාබදු නිලධාරීන් තිදෙනකු අල්ලස් දැලේ පැටැලෙයි හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට නඩුවක් නොදමා මුදාහැරීමට රුපියල් ලක්ෂ 20 ක අල්ලස් මුදලක් ඉල්ලා එම පුද්ගලයාව කන්කසන්තරේ වංකානේ සුරා බදු කාර්යාලය අසල නිවසක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි සුරා බදු නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උතුරු පළාත් අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 31 August 2025
දිවයිනට ගෙනා අපරාධකරුවන් තැන් දෙකකට ගෙනයයි ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය කියයි. 31 August 2025
අපරාධකරුවන් ඇල්ලූ ඉන්දුනිසියානු පොලීසියට උපහාර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිස ද , කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගෙන ආ ගුවන් යානයෙන්ම ඊයේ (30) රාත්‍රී පැමිණ තිබූ අතර එහිදී ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම මල් මාළ දමා පිළි ගනිමින් සමරු තිළිණ පිරිනැමීමට ද පියවර ගෙන තිබුණි . 31 August 2025
සැකකරු පොලිස් නිලධාරියා සපා පැන ගිහින් බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ගංජා ජාවාරම් කරුවෙකු පොලිස් නිලධාරියෙකු සපා කා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි . 31 August 2025
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී මෝටර් ට්‍රොලියක් පිලීපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . 31 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026