එජාපය ආපසු හැරෙයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2020
ඊශ්‍රායලය ශ්‍රේණි කිහිපයකට පාසල් විවෘත කරයි මාස දෙකකට පසු පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට ඊශායල බලධාරීහු අද (3) පියවර ගත්හ. 03 May 2020
නිවාඩු දිනයක නාමයෝජනා භාරදිම නිත්යනුකුලයි නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් නොවන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකළේය. 03 May 2020
ජර්මන් කතකට අතවර කළ 18 හැවිරිදි අයෙක් අත්අඩංගුවට බේරුවල ,මරදාන, බණ්ඩාරවත්ත සංචාරක හෝටලයක කාමරයක් තුලදී 79 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව දූෂණයට ලක් කළ බව කියන පුද්ගලයා අද (03) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි . 03 May 2020
උතුරු -දකුණු කොරියා දේශ සීමාවේ වෙඩි හුවමාරුවක් උතුරු හා දකුණු කොරියා රටවල් දෙක අතර දේශ සීමාවේදී වෙඩි හුමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 03 May 2020
සිරීපාදේ යන්න ගිය අකුරැස්ස ප්‍රා. සභාපති ඇතුළු 5 ක් අත්අඩංගුවට ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය. 03 May 2020
කොරෝනා මරණ 240,000 පනී චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 240,000 ඉක්මවා තිබිණ. 03 May 2020
ඉරානය දේවස්ථාන විවෘත කරයි ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී වසා දැමුණු දේවස්ථාන සඳුඳා හෙට (4) සිට විවෘත කිරීමට ඉරානය තීරණය කර ඇත. 03 May 2020
රාජකාරීයට බාධා නිසා අම්පාර ප්‍ර.ලේ. සේවයෙන් බැහැරවෙයි අම්පාර නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් තමන්ට ඉඩම් රාජකාරි කිරීමේදි ඇති කරන බාධාවන් නිසා අම්පාර නගරයේ ඉඩම් රාජාකාරි වලින් තමන් බැහැර වෙන බව අම්පාර ප්‍රාදේශිය මහ ලේකම් සිරිවර්ධන සොයිසා මහතා පැවසිය. 03 May 2020
බ්‍රිතාන්‍ය අගමැති මියගියහොත් පසුව කරන සැලැස්මක් තිබිලා ‘කොවිඩ්-19’ ආසාදනය වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හදිසියේ හෝ මියගියහොත් ඉන් පසු කරන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කර තිබී ඇතැයි ‘ද සන්’ පුවත්පත වාර්තා කරයි. 03 May 2020
දේශීය ලොකු ලූනු ගොවියා වගාවෙන් ඉවත්වීමට සුදානම් වසර කිහිපයකට පසු මෙවර දේශීය ලොකු ලූනු වගාව නැවත ආරම්භ කිරීම සඳහා ගොවීන් සූදානම් වෙද්දී ජලය ,පොහොර හා බිජ ගැටළුවක් නිසා නැවතත් ලොකු ලූණු වගාව අනතුරේ වැටීමට යන බව දඹුල්ලේ ගොවීහු පවසති. 03 May 2020
බේරුවල යළි විවෘත කරයි කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා නගර බවට පත්කර, සංචරණ සීමා පනවා තිබූ බේරුවල(පන්නිල සහ චීනකොටුව) යන පෙදෙස්වල සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 03 May 2020
දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ යළි විවෘත කරයි මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනෙකු හමු වීම හේතුනේ දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ ප්‍රදේශය අද (03) වනදා සිට යළි විවෘත කරනු ලැබ තිබේ. 03 May 2020
හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 35කින් ද කිලෝවක පැකට්ටුව රුපියල් 65කින්ද වැඩිකර තිබේ. 03 May 2020
පරිප්පු-ටින් මාලු උපරිම සිල්ලර මිල ඉවතට පරිප්පු සහ ටින් මාලු සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉකුත් 30 වැනිදා සිට ඉවත් කර තිබේ. 03 May 2020
තවත් 10දෙනෙක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 03 May 2020
මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ලණු සහ ඇඳ රෙදි ආධාරයෙන් බන්ධනාගාර තාප්පයෙන් පළායාමට කළ උත්සාහයකදී තාප්පයෙන් වැටුණු එක් රැඳවියෙකු මියගොස් අද (3) ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 03 May 2020
කටාර් රාජ්‍යයේ සේවක කප්පාදුවෙන් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට රැකියා අහිමි වෙයි හදිසි තත්ත්වයන් යටතේ රැකියාවලින් ඉවත් කළ කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රීලාංකිකයන් පිරිසකට හැකි ඉක්මනින් එරටින් පිටවෙන්නැයි එරට රජය දන්වා ඇති නිසා හැකි ඉක්මනින් තමන්ව ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එම ශ්‍රීලාංකිකයෝ විදේශගත ශ්‍රීලාංකිකයන්ගේ එකමුතුව නම් සංවිධානය හරහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවෙමින් අද (3) ඉල්ලා සිටියහ. 03 May 2020
නෙදර්ලන්ත ගුවන් යානයක් මත්තලට ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නෙදර්ලන්ත නෞකාවක සේවකයන් 230 කු රැගත් නෙදර්ලන්ත ගුවන් යානයක් අද( 03)පෙරහුරු 8.20 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 03 May 2020
‘පොකුණා ‘ ඇත් පැටවා වෙඩි තබා ඝාතනය කරලා උඩවලව ඇත් අතුරු සෙවනේ ඇති දැඩිකර වනයට මුදා හැර එහි ජීවත් වෙමින් සිටි පොකුණා නැමැති ඇත් පැටවාට උඩවලව පනහඩුමුල්ල කෙම්තුනේගල ප්‍රදේශයේදී කිසියම් අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. 03 May 2020
නිරෝධායනය වෙමින් සිටියදී මියගිය දෙදෙනෙකුගේ අවසන් කටයුතු සිදුකරයි මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) මිය යාමෙන් පසු ඔවුන්ගේ අවසන් කටයුතු අද (03) අලුයම් කාලයේදී අවසන් සිදුකළ බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 03 May 2020
මහර බන්ධනාගාරයෙන් පැන යන්න හැදූ 9 ක් අත්අඩංගුවට රටෙි පවතින හදිසි තත්වය යටතේ අධිකරණය මගින් බන්ධනාගාරගත කරන ලද නවක සැකකරුවන් 9 දෙනෙකු රදවා සිටි සිර මැදරියෙන් පිටතට පැන බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරිමෙිදි රාත්‍රි සේවයේ නියුතුව සිටි බන්ධනාගාර නිළධාරින් විසින් මහත් පරිශ්‍රමයක් දරා නැවත අත්අඩංගුවට ගැනීමට සමත් වු බව මහර බන්ධනාගාරය කියයි. 03 May 2020
කොරෝනා ආසාදිතයින්ට සිවිල් ආරක්ෂක බළකායෙන් ලේ දෙයි ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන අය සඳහා අවශ්‍ය ලේ ලබා දීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිදානය කර තිබිණි. 03 May 2020
එංගලන්තයේ-ලන්ඩනයේ සිටින සිසුන් රැගෙන ඒමට යානයක් පිටත් වෙයි එංගලන්තයේ , ලන්ඩන් නුවර , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය . 03 May 2020
කොරෝනා ආසාදිතයින් 705 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 705 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 02 May 2020
කොරෝනා පැතිරීම වැළැක්වීමට මැලේසියාවේ සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මැලේසියාවේ කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට ලේඛනගත වී නොමැති සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. 02 May 2020
තැපැල් කාර්යාල අරින්න බැරි බව වෘත්තිය සමිති කියති කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ තීරණය කොට ඇත. 02 May 2020
මහමැතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් , රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ,එබැවින් ලබන ජූනි 20 වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු හා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 02 May 2020
බ්‍රිතාන්‍යයේ -ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි ලොව පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා තත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ . 02 May 2020
හුදකළා කර තිබූ මහකච්චකොඩිය ගම්මානය යළි විවෘත කරයි කොවිඩ් -19 වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලෙකු හමුවීමත් සමඟ හුදකළාකර තිබූ මහකච්චකොඩිය ගම්මානය අද (02) සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 02 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026