කිම් ජොන් උන් දින 20 කට පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියි දින 20 කට පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. 02 May 2020
ජෛව සාම්පල් ලබාගැනීමට ආරක්ෂිත කුටියක් පානදුර රෝහලට කොවිඩ් 19 කොරෝනා රෝග ලක්ෂණ සහිත ව පානදුර මූලික රෝහල කරා පැමිණෙන පුද්ගලයන්ගේ ජෛව සාම්පල් ලබා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත කුටියක් පානදුර මූලික රෝහල වෙත කොළඹ චිත්‍ර සුමන මෝටර්ස් වෙතින් පරිත්‍යාග කිරීම අද (2) දින සිදු කෙරිණි. 02 May 2020
ඉන්දියාවේ ලොක්ඩවුන් සීමාව තවත් වැඩි කරයි මැයි මස 04 වනදා දක්වා පනවා තිබූ ඉන්දියාවේ අගුලු දැමීම තවත් සති දෙකකින්, එනම් මැයි 18 වනදා දක්වා දීර්ඝ කරන බව බලධාරීහු පවසති. 02 May 2020
අදත් කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් අද(01) දිනය තුළ මේ දක්වා, ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 25දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 01 May 2020
සීමා මායිම් ඇතිව මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙන බව රජය කියයි. 01 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 690 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් ඇත. 01 May 2020
සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි ‘කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 01 May 2020
මත්පැන් සාදයක් වටලා හයක් අත්අඩංගුවට පවතින ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් මත්පැන් සාදයක් පැවැත්වූ බව කියන තරුණයන් හය දෙනෙකු හක්මණ වෙිපතඉර ප්‍රදේශයේදී අද (01 ) දින පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය කියයි 01 May 2020
කොරෝනා ආසාදනය වී සුව වූ සංඛ්‍යාව දස ලක්ෂය පනී ලොවපුරා ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන දස ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 01 May 2020
රුපියල පහළට මේ වසරේ මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 5.8% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2020
පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා පකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායක අසාද් කයිසර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔහු පහළ මන්ත්‍රණ සභාව වන ජාතික සභාවේ කථානායකවරයා ය. 01 May 2020
ඉන්දියාවේ සංක්‍රමණික සේවකයින් ගේන්න දුම්රියක් යවයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පැනවූ ලොක්ඩවුන් සීමාවලින් පසු සංක්‍රමණික සේවකයන් ගෙන්වා ගැනීම සඳහා පළමු වරට දුම්රියක් ධාවනය කිරීමට ඉන්දීය බලධාරීහු අද (01) පියවර ගත්හ. 01 May 2020
පොළොන්නරුවට බලපෑ සුළං සහිත වැස්සෙන් පුද්ගලයින් 403 ක් පීඩාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑ වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 403ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 01 May 2020
නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු පිරිසක් රිමාන්ඩ් නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කළේය. 01 May 2020
ජ‘පුර රෝහලේදී මියගිය රෝගියාට කොරෝනා නෑ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදුන් බවට පළවූ වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රතික්ෂේප කරයි. වෛද්‍ය හේවගේ මහතා පවසන්නේ අදාළ රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොතිබූ බවයි. 01 May 2020
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරිමේ කාලසිමාව මැයි 15 තෙක් දිගු කරයි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීමේ කාලසීමාව මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසහ සදහන් කරයි. 01 May 2020
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා විවෘත කරයි තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අනිද්දා (03) සිට උදේ වරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද (1) තීර්ණය කළේ ය. 01 May 2020
අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2ක දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2020
ඇඳිරිය කැඩූ 42,810 ක් අත්අඩංගුවට ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 42810 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. 01 May 2020
නාවික සෙබළෙකුගේ පියාට-සොයුරාට පහර දීලා වාරියපොළ නෑටිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි . 01 May 2020
කෝටියකට අධික මත්කුඩු සමඟ තිදෙනකු අත්අඩංගුවට වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාශ නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 01 May 2020
රුසියානු අගමැතිටත් කොරෝනා රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 01 May 2020
ඇඳිරිනීතී බලපත්‍රය යොදාගෙන කුඩු ජාවාරම් කළ අයෙක් මදුරන්කුලියේදී අත්අඩංගුවට නොරච්චෝලේ සිට කොළඹ දඹුල්ලට එළවළු ප්‍රවාහනය කිරීමට ලබා ගත් ඇඳිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු ගුවන් හමුදා පාලවීය කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 01 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 663 දක්වා ඉහළට නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 3දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 30 April 2020
මියගිය කොරෝනා රෝගියාගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් චෝදනා කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සිටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇත. 30 April 2020
නාවලපිටිය නගර සභාපති සමග 7 ක් බූරු ගහලා අත්අඩංගුවට නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද(30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 30 April 2020
නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට නිවාඩු මත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ්‍රීලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් කිවුආර් 655 ගුවන් යානයෙන් අද (30) රාත්‍රී 08.15ට කොරියාව බලා පිටත්ව යන බව කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානයේ කැදවුම්කරු වූ රොෂාන් වික්‍රමසිංහ මහතා පැවසිය. 30 April 2020
ඇඳුමේ සඟවා ලක්ෂයකට අධික මත් පෙති ගෙන ගිය අයෙක් අත්අඩංගුවට මාර්ග බාධක මගහැර හෝමාගම සිට බඩෝවිටට යතුරු පැදියෙන් පැමිණ කුඩා පළතුරු පෙට්ටියක සහ ඇඳුමේ සඟවා මත් පෙති රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්තිඩිය ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යෙදී අද (30) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ යතුරු පැදිය ඒකකය කියයි . 30 April 2020
මැතිවරණයකට නිලධාරීන් තුන්ගුණයක් ඕනෑ කොරෝනා ව්‍යාප්තිය, මහ මැතිවරණය සහ මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර අර්බුද ආදී මාතෘකා මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබේ. විශේෂයෙන් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා ආන්දෝලනාත්මකය. මේ පිළිබඳ කරුණු කාරණා සොයා බැලීමට අපි ඉකුත් දා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවූයෙමු. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයක දුරස්තභාවය ද ඇතිව හෙතෙම අප හා සාකච්ඡාවට එක්විය. 30 April 2020
බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත 21 ක් වහයි හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබේ. 30 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026