(විනීතා එම්. ගමගේ)
මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව ගොල්ෆ් පිටියක් සහිත හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සම්බන්ධව සිදුකෙරෙමින් පවතින පාරිසරික අධ්‍යයන වාර්තාව ඉදිරි දෙමස ඇතුළත අවසන් වනු ඇතැයි එහි ආයෝජකයන් වන මැල්වත්ත සමාගම කියයි.
එම ව්‍යාපෘතිය වාර්තාව සකස් කිරීමට නීතිපති අවසරය ලැබී ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 16 ක නියෝජනය සහිත කමිටුවකින් ද අවසර ලැබී ඇතැයි ද පරිසර අධ්‍යයන වාර්තාව සකස් කිරීම ආරම්භ කරනු ලැබූයේ ඉන්පසුව යැයි ද මේ පිළිබඳ කළ විමසීමක දී මැල්වත්ත සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතා ප්‍රකාශ කළේය.
ආයෝජකයන් දිරිගැනීවීම කළ යුතු නමුත් වත්මන් රජය යටතේ පැමිණි විශාල ආයෝජන දෙකක් වන නැගෙනහිර ජැටිය හා මුතුරාජවෙල ව්‍යාපෘතිය යන ව්‍යාපෘතින් දෙකටම බාධා එල්ල වී යැයි කී සභාපතිවරයා මේ තත්ත්වය යටතේ රටට ආයෝජන පැමිණීම අඩුවනු ඇතැයි ද පැවැසීය.
මහවැලිය ගල්ඔය ව්‍යාපාරය වැනි විශාල ව්‍යාපෘතින් මෙන්ම නොරොච්චෝලේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා දිගුව පවා හැදුණේ රාජ්‍ය නායකයන්ගේ නිර්භීත තීරණ මත යැයි පැවසූ පණ්ඩිතරත්න මහතා නිවැරදි හා නිර්භීත තීරණ ගැනීම දේශපාලන නායකයන්ගේ අවධානයට යොමු වියයුතු කරුණකැයි ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"...මහවැලිය ගල්ඔය ව්‍යාපාරය වැනි විශාල ව්‍යාපෘතින් මෙන්ම නොරොච්චෝලේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා දිගුව පවා හැදුණේ රාජ්‍ය නායකයින්ගේ නිර්භීත තීරණ මත යැයි පැවසූ පණ්ඩිතරත්න මහතා නිවැරදි හා නිර්භීත තීරණ ගැනීම දේශපාලන නායකයන්ගේ අවධානයට යොමු වියයුතු කරුණකැයි ද කියා සිටියේය. ..." ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. නිර්භීත තීරණ ගැනීම කියන්නේ එක එක අයට රටේ කෑලි දෙනවා කියලා ඡන්දෙට බයියන්ට බෙදන්න කළු සල්ලි ඉල්ලා ගැනීමද...? නිර්භීත තීරණ කියන්නේ කවුරුත් නොඑන නෙලුම් කුළුණු හැදීමද..? මේ පරිසර ඝාතකයා තමයි රතුපස්වල විනාශ කළ ආයතනයේ අයිතිකරු වශයෙන් උසාවියට ඉදිරිපත් වුණෙත්... පරිසර ඇගයීම් වාර්තාවට තවත් සති 8 ක් ඉල්ලන්නේ නිලධාරීන්ට තවතවත් බලපෑම් කොට ඔවුන්ගේ අනුමැතිය ගන්න වෙන්න ඇති. බැරිම වුණොත් "ජරාව" දී හෝ මොහු රජයේ ආශීර්වාදයෙන් මේ වැඩේ කරන්න ලැහැස්ති වෙන්නේ. පරිසර හිතකාමී සියලු දෙනාම එකතු වී මේ විනාශයෙන් රට බේරාගත යුතුයි.
ඔය සුන්දර පරිසරය විනාශ කරලා කැසිනෝ, ගොල්ෆ් වැනි දේවල් ඇතුළු රිසෝට් එකක් හැදුවොත්, ඔවුන්ට හෙන හතම ගහන්න ඕනෑ.
මෙයාම තමයි අර දුර්ලභ ගහ කපලා දන්නා ආවේ චීන්නු එක්කගෙන. හැබෑට මොලේ අමාරු කාරයෙක් වෙන්න ඇති. මම අහලා තියෙන විදිහට ඡන්දෙට කලින් හොර දේශපාලුවන් මේ කැලෑ පාලුවගෙන් සල්ලි අරගෙනලු ඡන්දෙට වියදම් කරන්න. ඒකට හිලව්වට මුතුරාජවෙල මිනිහට දෙනවා කියලා පොරොන්දු වෙලාලු...
ඕකෙ හෝටල් ගහලා විනාශ කරලා දැම්මේ නැතිනම් ලෝක පුදුමයක් වෙනවා.
මෙයා මේ රටේ කෙනෙක් වෙන්න බැහැ. නැතිනම් මෙහෙම කතා කියන්නේ නැහැ. රටේ පරිසරයට වඩා මොනවා හරි කරලා හොයාගන්නා තුට්ටු දෙක ලොකු කරගෙන ඉන්න මේ වගේ අය නිසා අපේ ළමා පරපුරට රට ඉතුරු වෙන්නේ නැහැ.