(දයාසීලි ලියනගේ)
පෑලියගොඩ පොලිසියේ දී නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරින් වැඩ තහනම් කරන ලෙසට ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
මෙම නීති ශිෂ්‍යයා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා ලෙස නොව මොහු රටේ සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතියට අනුව සාධාරණයක් ඉටුකරන්න. එසේ කොටසකට විශේෂයක් කරන්න ගියොත් සාමාන්‍ය අපිට කුමක් වේවිද?
පවුලේ තත්වය ගැන යම් ප්‍රශ්න කිරීමක් කරලා පොහොසත් ප්‍රභූ පවුලක නම්, දෙකට නැමිලා සමාව අරගෙන, හිඟන පවුලක කෙනෙක් නම් කන් අඩි පලලා ගෙදර යවන එකනේ පොලිසිය කළ යුතුව ඇත්තේ.. නේද? නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන්නේ අන්න ඒ විදිහටයි.
හිටපු ආණ්ඩුකාරයාගේ පුතා නිසා නීතිය අකුරටම සිද්ද වෙනවා. ගමේ බණ්ඩයියගේ පුතාට ඕක වුණා නම් බණ්ඩයියත් කූඩුවේ....!!!