(මනෝප්‍රිය ගුණසේකර)
විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට අධිකරණ ඇමැතිවරයා වශයෙන් තමා හීනෙකින්වත් සිතුවේ නැති බවත් එම පනත අහෝසි කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකව්ඡාකදී අද (25) පැවසීය.
වසර 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වු රටක් වන ශ්‍රී ලංකාව තුළ එක නීතීයක් තිබිය යුතුයි යන්න තමන් පිළිගන්නා නිසා මෙතෙක් මුස්ලිම් විවාහ නීතීයේ තිබු කරුණු වෙනස් කළ බවත් ඒ අනුව විවාහයක් සිදුකිරීම සඳහා මුස්ලිම් ගැහැණු ළමයාගේ වයස අවුරුදු 18 ක් විය යුතු බව මෙන්ම එම විවාහය සඳහා ගැහැණු ළමයාගේ කැමැත්ත තිබිය යුතු යන්න වෙනස් කළ බවත් අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.
කාති උසාවි සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා යොමු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අලි සබ්‍රි මහතා පැවසීය.
අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.
අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පාර්ලිමෙන්තුවේ කළ ප්‍රකාශය හේතුවෙන් වැරදි මතයක් සමාජ ගතවෙමින් පවතිනවා. රතන හිමියන් සඳහන් කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය ඉවත් කළහොත් එම වගන්තිය මඟින් ආවරණ සළසා ඇති අනෙක් සියලු නීතී කඩාවැටීමට ලක්වීමට ඉඩකට තියෙනවා.
උන්වහන්සේ ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ බව මා උන්වහන්සේට පැහැදිලිවම කිව්වා. ප්‍රශ්නය පාදක කර නොගෙන මගේ කතාවේ කොටසක් පමණක් අල්ලාගෙන වැරදි දෙයක් සමාජගත වීමට ඉඩ දිය නොහැකියි. මා පාර්ලිමෙන්තුවේදී කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය එකවරම ඉවත් කළ නොහැකි බවත් අවශ්‍ය නම් එම වගන්තියේ කොටස් වෙන වෙනම අධ්‍යනය කර යම් නුසුදුසු දේවල් ඇත්නම් ඒ පිළිබඳ කතිකාවතක් ඇති කර ඉන් අනතුරුව අවශ්‍ය පියවර ගැනීම පමණක් සුදුසුයි කියලයි.
වසර 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වු රටක් වන ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව නීතී ගෙන ඒමට කිසිඳු හැකියාවක් නැතිවාක් මෙන්ම එවැනි නීතී ගෙන ඒමට මෙම රජයට කිසිදු උවමනාවක් නැති බව මා වගකීමෙන් කියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නේ කොහෙද මල්ලේ පොල්...? කාති උසාවි, මද්‍රසා, බලහත්කාරයෙන් අන්දවන මල කෝලම් ඇඳුම් සහ අන්තවාදය වගේ දේවල් ගැන නීති හදනවාද නැද්ද කීවා නම් ඉවරයි...
ලංකාවේ තිබෙන පැරණි සම්ප්‍රදායයන් වලට, අනපනත්වලට අත තියලා කොහෙවත් ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න ලැහැස්ති වෙන්න එපා. ඒ අනපනත් ඔහේ තිබුණාවේ. නමුත් බුර්කාව තහනම් කරන්න ඕක මෙරටට ඊයේ පෙරේදා ආපු සිරිතක්... මීට කලින් මුස්ලිම් ආච්චිලා මොට්ටකිලිය භාවිතා කලේ... පිරිමි කෙනෙක් දැක්කාම හෝ මුස්ලිම් ගෙදරකට ගියාම ගැහැණු සාරිපොටෙන් ඔලුව වහ ගන්නවා.
ඕක කරන්න ගියොත් ඔබතුමා හා ආණ්ඩුව ගෙදර තමයි...!!!
ඔය ඔක්කොම ආගම් ව්‍යවස්ථාවෙන්ම ආණ්ඩුවට ඇති සම්බන්ධතා නැතිකළ යුතුයි. බුද්ධාගමත් ඇතුළුව....!!! එක එක ආගමට ඇති අමාත්‍යංශ අහෝසිකළ යුතුයි. බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙනවා කියලා ව්‍යවස්ථාවට ඇතුළු කලේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකයි (1972 දී) ඊට කලින් ඔය ඔක්කොම ආගම් එක ගොඩේ තිබුණේ. මේ රට දියුණු කරන්න නම් සියලුම ආගම්වලට දෙන රාජ්‍ය අනුග්‍රහය ඉවත් කළ යුතුයි. පන්සල්, පල්ලි, කෝවිල් කිසිම තැනක අලි ඇතුන් වැනි සතුන් තබාගැනීම තහනම් කළ යුතුයි.
මොවුන්ගෙන් ප්‍රවේසම් වෙනු... කියන්නේ එකක්.. කරන්නේ තව එකක්. ඉස්සර එකක් කියලා දැන් එකක් කියනවා. මොවුන්ගෙන් හොඳට ප්‍රවේසම් වෙමු. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා පස්සේ...