
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ලබන මාර්තු 15 වැනදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පස්වරුවේ පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.
සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණි.
එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණි." එහෙම නැතත් ඉතිං එච්චර ගොඩක් මෝඩයින් ලංකාවේ නෑනේ...