IMG-LOGO

අනුරාධපුරේ බුලංකුලම වැව් රක්ෂිතයත් කොටස්කර විකුණලා


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික ජයවැව (බුලංකුලම) රක්ෂිතය ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයන්ගේ අනුදැනුම මත පිරිසක් විසින් කොටස්කර විකුණන බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී විරාජ් රණවීර මහතා පවසයි.
 
“අනුරාධපුර - තන්තිරිමලේ මාර්ගයේ ලෝලුගස්වැව මංසන්ධිය දක්වා මෙම වැව් රක්ෂිතය පැතිර පවතිනවා. මේ වෙනකොට වැව් රක්ෂිතයෙන් වැඩි ප්‍රමාණයක ඉඩම් බලහත්කාරයෙන් කොටුකරලා. සමහර කොටස් ඉහළ මිළගණන්වලට විකුණලා ඉවරයි. ඒ වගේම අපට ආරංචියි මේ වැව් රක්ෂිතයේ අනවසරයෙන් අල්ලාගෙන තියෙන ඉඩම්වලට කාපට් පාරක් ලබා දෙන්ඩත් ප්‍රදේශයේ දේශපාලඥයෙක් උත්සාහ කරනවා කියල” යනුවෙන් නාගරික මන්ත්‍රීවරයා පැවසීය.
 
මෙම නිරීක්ෂණ චාරිකාවේදි සැදැහැවතුන් විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට දානය පූජාකර ඉවත් කෙරෙන මැටි පාත්‍ර උතුරු මැද පළාතේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තොග පිටින් රැගෙනවිත් තම නිවසට පිවිසෙන මාර්ගයට දමා තම නිල වාහනයෙන්ම ඒවා කුඩුකර මාර්ගය පුළුල් කිරීමේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. දිනපතා උඩමළුවේ බුද්ධ පූජාවෙන් පසු ඉවත් කෙරෙන මැටි පාත්‍රා මෙම නිලධාරියා සිය නිලබලය යොදා අනුරාධපුර මහ නගර සභාවේ කසල ඉවත්කරන වාහන මගින් තම නව ඉඩමේ පාර සකස් කර ගැනීම සඳහා යොදාගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
 
මෙම නිලධාරියාට අයත් ඉඩම ඇතුළු සම්පූර්ණ ප්‍රදේශය ම බුලංකුලම වැව් රක්ෂිතයට අයත් භූමියක් බව පෙන්වාදෙන ප්‍රදේශයේ ජනතාව නගරයේ ඇතැම් ව්‍යාපාරිකයින් දේශපාලකයින්ගේ ද සහාය ඇතිව මෙම වැව් රක්ෂිතය කැබලි කර ඉහළ මිල ගණන්වලට අළෙවිකරමින් සිටින බවත් මේ වනවිටත් වැව් රක්ෂිතයේ බොහෝ ස්ථානවල නිවාස ඉදිවෙමින් තිබෙන බවත් ඔවුහු කියා සිටිති.
            
මේ පිළිබඳව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න මහතාගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසීය.

“මේ රක්ෂිතයේ සමහර තැන්වල ගෙවල් හදල තියෙනවා.ඒවට බලපත්‍ර නෑ.සමහර ගෙවල් අවුරුදු තුන හතරකට කලින් හදපුවා.කොහොම උනත් අපි ලබන සඳුදා ඉඳල රක්ෂිතය මනිනවා.ඊට පස්සේ තමයි අනවසර ඒවට තීන්දුවක් ගන්න වෙන්නේ.කාපට් පාරක් දාන එක ගැන නම් මට වාර්තාවෙලා නෑ.මොකද පාරවල් දාන්නේ අපි නෙමේනෙ” යනුවෙනි.
 
මෙම රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම පිළිබඳවත් ඒවායේ මැනීම් කටයුතු  පිළිබඳවත් ඉඩම් කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාගෙන් විමසීමක් කළෙමු.

“බුලංකුලම වැව් රක්ෂිතයේ දැනටත් අනවසර ඉදිකිරීම් තියෙනවා. හැබැයි ඒක හරියටම කියන්න පුළුවන් වෙන්නේ නියමාකාරයෙන් රක්ෂිතේ මිනුම් කටයුතු කලාට පස්සේ.රක්ෂිතයේ ඉඩම් මැනීම පහුගිය සතියේ පටන් ගත්තා. සම්පූර්ණ භූමියම මැනලා රක්ෂිතය ඇතුලේ තියෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරනවා. රක්ෂිතයෙන් පිට තියෙන ඉඩම්වලට ‍රජයේ ඉඩම් නීතිරීති යටතේ බලපත්‍ර ලබාදීමට කටයුතු කරනවා” යැයි ද පළාත් ඉඩම් කොමසාරිස්වරයා මෙහිදි පැවසීය.



අදහස් (3)

අනුරාධපුරේ බුලංකුලම වැව් රක්ෂිතයත් කොටස්කර විකුණලා

De Sunday, 28 February 2021 04:33 AM

දැන් නම් රෙස්පෙක්ට් සර් නෙවෙයි.. ‘‘ ඇස්පැක්ට් සර්‘‘ වගෙයි...

:       1       9

araMonday, 01 March 2021 03:14 AM

20 සම්මතයි. 2/3 යි.

:       0       3

sharm warn Monday, 01 March 2021 04:30 AM

සිංහරාජෙටත්, ශ්‍රීපාද රක්ෂිතයටත් අත තිබ්බා නම් මේවා මොන කජුකිරි සෙල්ලම්ද? රක්ෂිතය මනිද්දී ලස්සනට වෙන්කර ගත්තුවා අයින් කරලා මැනලා කියයි මේවා රක්ෂිතයෙන් පිට ඉඩම්.. ඒ නිසා කමක් නැහැ කියලා.. මේ රාජපක්ෂලාගේ කාලේ.. ඕවා මහා ලොකු සෙල්ලම් නොවේ. ඔයාටත් ඕනෑම නම් පොඩි කෑල්ලක් අල්ලගන්න. මොකද මෙව්වා මැරෙනකොට අරන් යන්න තියෙන දේවල්නේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site