
(පාලිත ආරියවංශ සහ විජේරත්න රත්නායක)
මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරමින් සිටි තරුණයෙකු අතුරදන්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන් ඇත්තේ අවිස්සාවේල්ල මානියම පදිංචි මඩවත ආරච්චිගේ අකලංක පෙරේරා නැමති තරුණයෙකි.
රාත්‍රී 9.30 ටපමණ වැසිකිලි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිණි බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.
අතුරුදන් තරුණයා සොයා පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.
නාරංගල කන්ද සංචරයට තහනම් ප්‍ර දේශයක් බවට පසුදා බදුල්ල දිස්ත්‍රීක් සමබන්ධීකරණ කමිටුව විසින් තීරනය කර තිබූ පරිසර කලාපයකි.
(ඡායාරූපය - පාලිත ආරියවංශ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් ලංකාවේ අවදානම් හඳුනාගන්නේ එකෙක් දෙන්නෙක් මළාට පස්සේ. සති කීපයකට පෙර පුංචි ලෝකාන්තයට වැටිලා මාධ්‍යවේදියෙක් මරුණා. ඊට පස්සේ එතනත් තහනම් කළා. කැකිල්ලේ රාජ්‍ය වගේ...