
(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව සංරක්ෂණය කිරීමේ වැඩ සටහනේ එක් කටයුත්තක් ලෙස ප්‍රධාන දොරටුව සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේ මස 28 වැනි දින රාත්‍රී 12 සිට පුරා මාසයක් එම ස්ථානය මහ ජනතාවට සහ කොටුවට පිවිසෙන වාහන වෙනුවෙන් වසා තැබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගාල්ල කොටුව සංරක්ෂණ කටයුතු භාර ප්‍රධාන උපදේශක නිලාන් කුරේ මහතා අද (26) පැවසීය.
1873 බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකළ මෙම ප්‍රධාන කොටු දොරටුව ඉදිකිරීමෙන් පසුව මෙම කොටු දොරකඩ කිසිම සංරක්ෂණයකට භාජන වී නොමැත. ලන්දේසීන් විසින් ඉදිකර ඇති ගාල්ල කොටුව තුලට පිවිසීමට ගාල්ල බාලදක්ෂ මාවතේ පිහිටි පැරණි කොටු දොරකොඩ පමණක් පැවතීම හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මෙම කොටු දොරකඩ ඉදිකර තිබේ.
සංරක්ෂණය සඳහා වසා තබන මෙම කොටු දොරකොඩට ඉහළින් කොටු බැම්මේ පිහිටි පස් තට්ටුව තුළින් වැසි ජලය පහලට කිඳාබැස බිමට පතිත වීම හේතුවෙන් මෙම ස්ථානයේ බැම්මේ ශක්තියට හානි වී ඇති බව නිගමනය කිරීම හේතුවෙන් මෙම කොටු දොරකොඩ සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම කොටු දොරකඩ අලුත්වැඩියා කටයුතු මාසයක් පුරා දිවා රාත්‍රියේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද ව්‍යාපෘති උපදේශක නිලාන් කුරේ මහතා වැඩිදුරටත් කීය.
ප්‍රධාන දොරටුව අලුත් වැඩියා කරන කාල සීමාව තුළ ගාල්ල කොටුවට පිවිසෙන ජනතාවට සහ වාහන වලට ගාල්ල බාලදක්ෂ මාවතේ පිහිටි පැරණි කොටු දොරකොඩ භාවිතා කිරීමට හැකියාව පවතී.
සංරක්ෂණය කිරීමට යෝජිත ගාල්ල කොටුවේ ප්‍රධාන දොරකඩ දැක්වෙන ඡායාරූප මේ සමග එවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩා වැටෙනකම් බලන් ඉඳලා, කඩා වැටුණාට පස්සේ දැන් පස් ගොඩක් වෙලා තියෙන තැපැල් කාර්යාලය සාදා, එය ලංකා තැපැල් කෞතුකාගාරයක් කරන්න.
දැන් ඉතින් කොටුවට යන එන රජයේ හා පුද්ගලික සේවකයින් පාසල් ළමුන් රවුමක් ගහගෙන අාපල්ලකෝ. 28 වහනවා කියල කියන්නේ 26. අනේ, මෙහෙමත් හරක්... මේ වගේ තනතුරුවලට පත්කරන හැටි... අඩු ගානේ එක සතියක්වත් කලින් කියන්න බැරි හැටි? එහෙම කිව්වා නම් අායතනවලට සුදුසු වැඩ පිළිවෙලක් හදා ගන්න තිබුණා.