එම්ආර්අයි තාක්ෂණය දියුණු කිරීම සඳහා පුරෝගාමී වූ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යා මහාචාර්ය වෛද්‍ය ජෝන් මල්ලාඩ් මහතා මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 94කි.
ඔහු බ්‍රිතාන්‍යයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ අරම්භක මහාචාර්යවරයෙකි.
ඔහු ලොව පළමු එම් ආර් අයි ස්කෑනරය තැනීම සිදුකළ කණ්ඩායමේ නායකත්වය දැරීය.
එම්ආර්අයි යනු ශරිරය අභ්‍යන්තරයේ සවිස්තරාත්මක රූප ලබාගැනීම සඳහා ශක්තිමත් චුම්බක ක්‍ෂේත්‍ර සහ ගුවන් විදුලි තරංග භාවිතා කරන ස්කෑනර් වර්ගයකි.
අද එම්ආර්අයි තාක්ෂණය, පිළිකා, ඩිමෙන්ෂියාව සහ පුළුල් පරාසයක වෙනත් රෝග සහ තුවාල හඳුනාගැනීම සඳහා ලොව පුරා භාවිතා වේ. මෙය මිනිස් ශරීරයේ රෝග හඳුනා ගැනීම සහ අධ්‍යයනය කිරීම සඳහා ලොව භාවිතා වන බලවත්ම මෙවලම් වලින් එකකි.
ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත වෛද්‍යවරු මේ වනවිට එම්ආර්අයි තාක්ෂණයේ උපකාරයෙන් රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදුකරති.
(ඩේලිමේල් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මේක හැදුවාට නැකත හැදුවේ ලංකාවේ කෙනෙක් ...
මෙන්න ලොවට ආදර්ශයක් දී මියගිය දොස්තර මහත්තයෙක්...
භෞතික විද්‍යා මහාචාර්ය වෛද්‍ය ජෝන් මල්ලාඩ්... ලංකාවේ නම් මෙයින් එක්කෙනෙක් විතරයි වෙන්න පුළුවන්. හරිම පටු රටක් ලංකාව කියන්නේ. වෙනසක් කරන්න හැදුවොත් මරාගෙන මැරෙන්න ලෑස්ති කාලකන්නි ටිකක් ඉන්නේ...
කොරෝනා පැණිය සොයාගත් ධම්මික බණ්ඩාර මහතාට නොබෙල් ත්‍යාගය ලැබෙනවා. කොරෝනා පැණිය එක්ක බලනකොට MRI මැෂිම කියන්නේ මොකක්ද?
වයසට ගොස් නොමැරී ඉන්න පුළුවන් ක්‍රමය සොයා ගන්නා තුරු උප්පජිත්වා නිරුජ්ජන්ති කියන්න වෙනවා. එසේ නොමැරී ඉන්න පුළුවන් ක්‍රමය සොයා ගත්තාම උපදින එක නවතා ගන්න අපිට පුළුවන්...
ලංකාවේ දොස්තරලා දන්නේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලට දුවන්න විතරයි.