(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රඹාවැව නාරම්මල මාර්ගයේ කටුමුලුව ප්‍රදේශයේ දී කටුපොත පොලිසියට අයත් ජිප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද (28) සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මියගොස් ඇත්තේ ත්‍රිරෝද රිය පැදවූ පුද්ගලයා සහ ඔහුගේ නැන්දණිය වන අතර ඔවුහු 40 සහ 65 හැවිරිදි වියේ පසුවෙති.
මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී තිබේ.
සිද්ධියෙන් ත්‍රිරෝද රථය පැදවූ අයගේ බිරිද සහ වයස අවුරුදු 10 සහ 15 පමණ වූ දරුවන් දෙදෙනා ද බරපතළ තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිපුර ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
අනතුරින් මියගිය අයගේ දේහයන් කටුපොත රෝහලේ තැන්පත් කර ඇත.
පොලිස් කොස්තාපල් රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවේ පසු වන අතර කුරුණෑගලට ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පොලිස් ජීප් රථය රඹාවැව දෙස සිට කටුපොත දෙසට ධාවනය කරමින් සිට ඇති අතර වරෙන්තුකරුවෙකු රැගෙන පොලිසියට යමින් සිටියදී අනතුරට පත්ව තිබේ.
ජීප් රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ අල්ලාගත් වරෙන්තුකරු තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.



ඡායාරූප - රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය ප්‍රකාශකතුමා ඇයි නොකියන්නේ පොලිස් මහත්වරු ටික මත්පැන් පානය කරලා උන්නයි කියලා..?
කියයි මිහිරි කථා... වරෙන්තුකාරයෙක් අරගෙන ගිය විදිහ, මේ තමයි විනයක් ගැන කතාකරන ශ්‍රී ලංකා පොලීසිය. අපරාදේ අහිංසක ජිවිත දෙකක් නැති කළා..
පොලීසියේ අය හිතාගෙන ඉන්නේ එයාලට වඩා අය තවත් නැහැ කියලා..
නීති විරෝධීව මෙරටින් පිටව යන්නන්ට බාධා කරන්න එපා..
නැහැ නැහැ... මෙම ප්‍රවෘත්තිය තනිකරම අපේ රටේ පොලිසියට මඩ නාවන්නම කළ වැඩක්... මේ නම් වෙන ශ්‍රී ලංකාවක්, පොලීසියක්, නොහොබිනා රියදුරු මගමරුවෙකුගේ වැඩක්... අපේ රටේ පොලිසියේ ඉන්නේ කොච්චර හොඳ, නීතිගරුක රියදුරු කොස්තාපල් උන්නැහේලාද..?
අනතුරක් වළක්වා නොගැනීමට සුළු දඩයක් ගහයි. අර අහිංසක ජීවිතවලට වගකියන්නේ කවුද? ඔන්න ලංකාවේ නීතිය..?
නීතිගරුක පොලිස් නිලධාරීන්ට මොනවත් එහෙම කියනවා නොවේ. මෙහි පින්තූර දෙස බලන පොලිස් නිලධාරීතුමා සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින් මුඛ ආවරණ පැළඳගෙන සේවය අකුරටම කරන ආකාරය... ශ්‍රී ලංකා පොලීසිය තරම් නීතිගරුක පොලිසියක් වෙන කොහේවත් නැහැ.
ඔය නඩුවට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්.
මෙහි කවුරුවත් නොදුටු පැත්තක් පෙන්වා දීමට කැමතියි. මේ රටේ පොලීසිවලට ලබාදී තියෙන්නේ තාක්ෂණයෙන් අඩු ඉන්දියානු ජීප් රථ වර්ගයි. මේවායින් බොරු අල්ලන්න ගොස් පෙරළීමට ගිය අවස්ථා එමටයි. පෙරදී තිබුණේ ජපන් ඡීප් රථ. ඒත්, දැන් ජපන් වාහන දේශපාලකයන්ට දෙනවා. පොලිසියට හුළං... අඩු තාක්ෂණයෙන් යුත් මේ රථ ඉවත් කොට නැවත ජපන් ජීප් රථ පොලීසියට ලබාදෙන්න. විය යුත්තේ එයයි...