මෛත්‍රී කවි කියයි කිසිදු දේශපාලනඥයකු අධ්‍යාපනයට අද තැබීම හොඳ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය 29 September 2025
’’එක පෑන් පහරින් ඔක්කොම කරන්න බෑ’’ ආර්ථික වශයෙන් පරිහානියට පත්වූ රටක් අදියරෙන් අදියර ගොඩනගමින් ආර්ථික වර්ධනයක් උදාකර ගනු ලබන අවස්ථාවක සියලු අඩුපාඩු එක් පෑන් පහරකින් සම්පුර්ණ කර ගත නොහැකි බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 29 September 2025
අපරාධකරුවන් හැත්තෑ දෙදෙනකුට රතු නිවේදන විදේශයන්හි ශ්‍රී ලාංකික අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකු වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 29 September 2025
බැකෝ සමන්ගේ බිරිඳගේ දුරකථන තවත් පරීක්ෂා කරන්න නියෝග ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ ජංගම දුරකථන දෙක ඔස්සේ තවදුරටත් විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා රහස් පොලීසියට අද(29) නියෝග කළේය . 29 September 2025
පේරාදෙණි වෛද්‍ය සිසුවා අනතුරින් මරුට කඩුගන්නාව ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24 හැවිරිදි සිසුවකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 29 September 2025
දේශපාලන ගැති රාජ්‍ය සේවය අවසන් ජනතාවට නිසි පරිදි සේවය සපයන ස්වාධීන හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 29 September 2025
මන්ත්‍රී අර්චුනාට ඇප පොලිස් නිලධාරියකුගේ රාජකාරියට සාපරාධී බලහත්කාර පෑම ඇතුළු චෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාමනාදන් අර්චුනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. 29 September 2025
පිපිරීමකින් දෙන්නෙක් රෝහලේ කිලිනොච්චියේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවය පොලීසිය කියයි. 29 September 2025
වැඩ තහනම් වූ එස් අයි කසිප්පු ජාවරමේ යෙදිලා යතුරුපැදියක සඟවාගෙන නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු වැඩ තහනමට ලක් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 29 September 2025
ජනපති අද ජපාන අගමැති හමුවෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 29 September 2025
ආරක්ෂිත බැම්ම විශාල අනතුරක් වළක්වයි නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ගොස් ඇතැයි වලපනේ පොලිසිය කියයි. මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලප 29 September 2025
මාවනැල්ල පස් කන්දට යට වූ තිදෙනාම මරුට මාවනැල්ල මානික්කාවේ ඉඩමක ආරක්ෂක බැම්මක් කප්පද්දි පස් කන්දට යටවූ සේවකයන් තිදෙනාගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය කියයි. 29 September 2025
රැඳවුම් නිවාසයෙන් ළමුන් 15ක් පැන ගිහින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මාකොළ බාලක රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින පිරිමි ළමුන්ගෙන් ළමුන් 15 දෙනෙකු පැන ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි. 29 September 2025
මත්ද්‍රව්‍ය-ජීව උණ්ඩ ඇතුළු හොරබඩු සමඟ අයෙක් මාට්ටු කොට්ටාව රුක්මලේ පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හොරයින් මත්ද්‍රව්‍ය ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු සහ ඊට අදාළ ලිපි ලේඛන තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 September 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 September 2025
නාමල් ධීවර දුක අහන්න යයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28)කල්පිටිය, නොරොච්චෝල ඉලන්තිඅඩියේදී ධීවර ප්‍රජාව හමු විය. 28 September 2025
කන්තෝරැ 457 ක ලොක්කෝ මැතිසබයට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයේ ආයතන 457 ක ප්‍රධානීන් ලබන 2 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවා ඇත. 28 September 2025
පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට රුපියල් කෝටි 6 කට අධික වෙළඳ වටිනාකමක් ඇති ලෑන්ඩ් රෝවර් සහ මිට්සු බිසී වර්ගයේ ජීප් රථ තුනක් කූට ලේඛන භාවිතා කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා හිටපු නාගරික මන්ත්‍රී සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. 28 September 2025
ගල් අඟුරු ටෙන්ඩරයෙන් දූෂණයකට පාර කැපිලා ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. 28 September 2025
ලබන අයවැයෙන් අලුත් බදු ගහන්නේ නෑ මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී අද (28)පැවසීය. 28 September 2025
මැදවච්චිය අධිකරණයේ කා.කා.සහිකාවක මත් පෙති සමග මාට්ටු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවිකාවක මත්පෙති හතළිහක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අද සවස අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය කියයි. 28 September 2025
ගහ ගත්ත අය දැන් තංගල්ලට බලන්න යනවා එකිනෙකා ගහ ගත්ත අය දැන් බලන්න තංගල්ලට යනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී අද පැවසීය. 28 September 2025
2029 යූ.කේ රැකියාවකට ඩිජිටල් හැඳුණුම්පත අනිවාර්ය කරයි නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ පියවරක් ලෙස 2029 වසරේ සිට එක්සත් රාජධානියේ රැකියාවක් කිරීම සඳහා එරට රජය නිකුත් කරන ඩිජිටල් හැඳුනුම්පත ළඟ තිබීම අනිවාර්ය කර තිබේ. 28 September 2025
ලොව උසම පාලම ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම අද (28) ජනතා අයිතියට පත්විය. අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ. 28 September 2025
කුඩු නිෂ්පාදිත රටක් වීම බරපතල තත්වයක් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති. 28 September 2025
පොඩි මැණිකේට යට වූ කත බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ වැදුණු කාන්තාවක එහි එන්ජිමේ සිරවි සිටියදී අසල ගරාජයක සේවක පිරිසක් සහ එම ගරාජය අයිති හැටන් දික්ඔය නගර සභා සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසදක් ඇය ඉවතට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ. 28 September 2025
රිය අනතුරින් තරුණයෙක් මරුට මාලඹේ තලාහේන ප්‍රදේශයේදී, තරුණයන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක්. මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයකු මිය ගොස් අනෙක් තරුණයා බරපතල තුවාල ලැබූ බව තලංගම පොලිසිය කියයි කියයි. 28 September 2025
රාජ්‍ය සේවයට අලුතින් 2000ක් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. 28 September 2025
දරුවෙකුට පහරදුන් හිටපු පීසී අත්අඩංගුවට පාසලකට කඩා වැදී 9 හැවිරිදි දරුවෙකුට පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 28 September 2025
මහින්ද බලන්න රනිල් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කාල්ටන් නිවසට ගියේය. 28 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026